ඔහු රැුකියාව කළේ කොළඹ නගරයේය. ගම ගාල්ලේය. සතියේ දිනවල දී කොළඹ නැවතී රස්සාව කරන ඔහු සති අන්තයේ සිකුරාදා ගමට යයි.
ගමේ යාමට විශේෂ හේතුවක්ද තිබිණි. ඉදිරි වසරේ විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටින තම පෙම්වතිය ගමේ සිටීම නිසාය. සිකුරාදා වනතුරු ඇඟිලි ගනිමින් සිටින ඔහු හැකි ඉක්මණින් මහරගමට පැමිණ අධිවේගී බසයකින් ගාල්ලට යන්නේ තම ගමනේ කාලය කෙටිවීම ගැන මහත් සතුටිනි.
මේ යන ගමනේ දී ඔහුගේ ජංගම දුරකථනයට නම් කිසිදු විවේකයක් නැත. ඔහු හැමදාමත් බසයට නගින්නේත් බසයෙන් බසින්නේත් දුරකථනය කනේ ගහගෙනය. අනෙක් පැත්තේ ඉන්නේ පෙම්වතියයි.
තොඳොල් බස් කතා කරමින් ආදර වදන් දොඩමින් කෙරෙන මේ කතා බහ කිසිවෙකුට ඇහෙන්නේද නැත. ඒ තවත් සිකුරාදා දිනයකි. මහරගමින් අධීවේගී මාර්ගයේ ගාල්ලට යන අවසන් බසය අල්ලා ගැනීමට කඩිනමින් මහරගමට පැමිණි ඔහු පිටත්වෙමින් තිබෙන බසයක් දුටුවේය. ඒ වනවිටත් ජංගම දුරකථනය ඔහුගේ දකුණු කනට බරවී තිබිණි. බසයේ සිටි සේවකයා ද සීට් තියෙනවා යැයි කියූ බැවින් ඔහු දිව ගොස් බසයේ එල්ලූණි. පිටත් වී තිබූ බසයේ නැගුණු ඔහු ”බස් එකට නැංගා” යැයි පෙම්වතියටත් කීවේය.
ඇය වේලාව බැලූවාය. තවත් පැය එකහමාරකින් ඔහු ගාල්ලෙන් බසින බව ඇය දනියි. දැන් බසය හැල්මේ ගමන් කරයි.
ඔහුත් ඇයත් දුරකථනයේය. ඔහුට මෙලෝ සිහියක් නැත. කොන්දොස්තර ඔහු අසලට පැමිණ ටිකට් කඩද්දී ඔහු 1000 නෝට්ටුවක් දික් කළේය. ඉතිරි මුදල දෙසවත් නොබැලූ ඔහු එය සාක්කුවේ රුවා ගත්තේය.
විනාඩියෙන් විනාඩිය ගෙවීගොස් පැයක් ගතවී ගියේය. බොහෝ දෙනෙකු නින්දේය.
”තාම ඔය බස් එක හයිවේ එකේද?” පෙම්වතිය අසයි. ඇය සිතා සිටින්නේ බසය දැන් ගාල්ලට පැමිණෙන්ට ඇතැයි කියාය. ගතවූ වේලාව අනුව ඇය නිවැරදිය.
කවුළුවෙන් පිටත බැලූ ඔහු ”නෑ. තවම හයිවේ එකේ. වහිනවානේ හෙමින් එන්නේ” කීවේය.
බසය නතර කැරිණි. ”හැමෝම බහින්න. ස්ටෑන්ඞ් එකට ආවා.” ඒ කොන්දොස්තරගේ හඬයි.
”ගාල්ලට ආවා” කියමින් ඔහු බසයේ දොර වෙත ගමන් කළේය.
බසයෙන් බැස්ස ද තැන නුහුරුය නුපුරුදුය. පුදුමයකි. ඔහු මාතරට පැමිණ ඇත. බසයේ නාමපුවරුවේ මහරගමxමාතර ලෙස සඳහන්ව ඇත.
දුරකථනයෙන් පෙම්වතිය අමතමින් පැමිණි ඔහු කලබලයට නැග ඇත්තේ මාතර බසයේය.
දැන් ගාලූ යන්නට බස් නැත.
අලූයම වනතුරු මාතර බස් නැවතුමේ රැුය පහන්කළ ඔහු මුලින්ම කොළඹ යන බසයේ නැග ගාල්ලෙන් බැස ගත්තේ මට මේවා හොඳ පාඩම් යැයි සිතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙම්වන්තියට ඔයතරම් ආදරේ නම් කීයක්හරි ගෙවලා කුලී රථයක් අරගෙන ආපහු ගාල්ලට යන්න තිබුනනේ. (නි)
සමහරු හයිවේ බස් එකක ගිහිල්ලා නැහැ වගේ (නි)
අනේ අප්පොච්චියේ වෙලා තියෙන දේ? (නි)
චින්තක කියනවා වගේ මමත් හිතන්නේ මේක බොරුවක් බස්සෙකට නැගල ටිකට් ගන්න වෙලාවට කියනවා නේද කොහෙන්ද බහින්නේ , කොහාටද යන්නේ කියල (බ)
මාතරින් කොලඹට යන්න ඕනි තරම් බස් තියෙනවා (නදී)
අයියෝ පවු! (නි)
මෙහෙමත් පිස්සෝ! (නි)
අනේ මෙහෙම සිහියක්? (නි)
මල්ලිට රෑ හොඳට නින්ද යන්න ඇති (නි)
ආලය අන්ධය (නි)
එක අතකට හොඳ වැඩේ (නි)
අනේ කාලේ වනේ වාසේ! (නි)
"ආලයෙන් මන සුන්දර වේ ලංකෘත වේ.." (නි)
පුදුම ප්‍රේමයක්නේ! (නි)
හොඳ වැඩේ! (නි)
කතාව බොරු උනත් ඇත්ත උනත් මේ වගේ කටු කන කොට තමයි ආදරේ සුන්දර වෙන්නේ , ජිවිත කාලෙම මතක් කර කර හිනාවෙන පුළුවන් දරු මුනුපුරොත් එක්කම (බ)
සමන් මෙය බදින්නේ එයාව නෙමෙයි වෙන කෙනෙක්ව . එතකොට මතක් කරගෙන හිනාවෙන්න වෙන්නනේ තනියෙම තමයි. (ම)
හොද වැඩේ සිහියක් නැතුව ගමන් යනවට.(හේ)
මෙය කියවනකොට මගේ දුව සහ දුවගේ පෙම්වතාව මතක් වුනා.(හේ)
විශ්වාස කරන්න අමාරුයි. දැන් මැදියම් රාත්‍රී වෙනකන් බස් තිබෙනවා. මාතර නෙවෙයි මන්නාරමට ගිහිල්ලා නම් ඔන්න ඕක විශ්වාස කරන්න තිබුණා (බ)
ඇයි කතරගම ඉඳලා එන ඒවාවත් තිබිලා නැද්ද? (නි)
නියම වැඩේ වෙලා තියෙන්නේ (නි)
මෙහෙම දේවල් වෙන්නත් ඕනෑ. එතකොට දෙන්නා බැඳපු කාලෙක මතක්කරලා හිනාවෙන්න බැරියැ (නි)
අනේ අනිච්චං! (නි)
අනේ අපොයි මල්ලියේ! (නි)
ආලය අන්ධයි කියන්නේ ඕකනේ. (නි)
ආලය අන්ද -මන්දවේ (නි)
මේක නිකම් බොරුවක්නේ...ඔය රෑ දුර බස් එකක්වත් ආවේ නැත්ද ගාල්ලට යන්න. කතරගම, තංගල්ල, හම්බන්තොට, වගේ බස් ඕනේ තරම් එනවනේ..(බ)
1995ත් 2007ත් ඇතුලත කාලය තුල දෙයියෝ සාක්කි කොලමේ පලවුනා මාතර ප්‍රදේශයේ එක්තරා සිදුවීමක්. මට ඒ පුවත නැවත බලන්න පුලුවන් කෙසේද?