හබරාදූව ඩී.එච් රම්‍යා
දියේ ගිලුණු දරුවකු බේරා ගැනීමට ලාංකිකයන් කිසිවකු ඉදිරිපත් නොවුණු අවස්ථාවක විදේශීය තරුණයකු මුහුදට පැන බලවත් පරිශ්‍රමයක් දරා ඔහු බේරා ගැනීමේ සිද්ධියක් කොග්ගලට නුදුරු වැල්හේන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.
දුර බැහැර ප්‍රදේශයක සිට පැමිණ දරුවෙකු ඥාතීන් පිරිසක් සමඟ මුහුදේ දිය නාමින් සිටියේය. එකවරම රළ පහරකට හසුවී දරුවා ඈතට ගසා ගෙනයන්නට විය. ඥාතීන් මරළතෝනිදී කෑගැසුවත් බේරා ගැනීමට ඉදිරිපත් වූයේ නම් කිසිවකු නොවේ.
කෑගැසිල්ල ඇසී ගම්වාසීහුද ඒ ස්ථානයට දිව ආහ. දරුවා බේරා ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවන තැන එකවර මුහුදට පැන්නේ සිය පෙම්වතිය සමඟ මුහුදු වෙරළේ සිටි විදේශික තරුණයෙකි. ඔහු දරුවා වෙත පීනා ගොස් ඔහු රැගෙන නැවත ගොඩට පීනන්නට වුවත් එකවරම යළිත් රළ පහරකට හසුවූ දෙදෙනාම වෙන් වූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයටය.
විදේශීය තරුණයා ප්‍රයත්නය අතහැර දැමුවේ නැත. යළිත් දරුවා වෙත ගොස් ඔහු තදින් අල්ලා ගෙන ගොඩබිම දෙසට පීනන්නට විය. ඒ අවස්ථාවේදී ඔහුගේ ප්‍රයත්නය සාර්ථක විය. දරුවා විදේශික තරුණයාත් දෙදෙනාම සුරක්ෂිතය. ඔවුහු ගොඩබිමට පැමිණියහ.
විදේශීය තරුණයා දරුවා රැගෙන එද්දී ගොඩබිමේ සිටි සියලු දෙනා අත්පොළසන් දුන්නේ ඔහුට ගෞරවයක් වශයෙනි. දරුවාට වතුර පෙවී තිබූ හෙයින් එම වතුර ඉවත් කිරීමට සහ මූලික ප්‍රතිකාර සේවා ලබාදීමට ගම්වාසීන්ට පෙර කටයුතු කළේද එම සුදු ජාතික තරුණයාය. ඔහු විදේශ රටක ආරක්ෂක අංශයකට සම්බන්ධ තරුණයකු බව ගම්වාසීන්ට පසුව දැනගන්න ලැබිණ.
රැස්ව සිටි පිරිස විදේශීය තරුණයා වැළඳගෙන මේ මහා පින්කම වෙනුවෙන් ඔහුට ස්තූතිය පුද කළේ මහත් සෙනෙහසින් යුතුවය. ඉන්පසුව ගම්වාසීහු සුදු ජාතික තරුණයාට සහ ඔහුගේ පෙම්වතියට අපූරු සංග්‍රහයක් ලබාදීමටද අමතක නොකළහ. එය කොස්, දෙල් මඤ්ඤොක්කා, අල, බතල සමඟ පොල් සම්බල් සංග්‍රහයකි. එම සංග්‍රහය භුක්ති විඳි විදේශීය යුවල ඒ ස්ථානයෙන් සමුගත්තේ සියලු දෙනාගේ ගෞරවාචාර මධ්‍යයේය.
ඉන් නැවතුණේ ද නැත.
ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෝ යුවළ නොමිලේම තරමක දුරින් පිහිටි ලැගුම්හල වෙත රැගෙන යෑමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී කටයුතු කළහ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දරුවාගේ දිවි බේරු සුදු තරුණයාට ගම්මුන්ගෙන් අල බතල පාටියක්
Amal Tuesday, 19 December 2023 09:49 AM
මේ මහා පින්කම වෙනුවෙන් විදේශික තරුණයාට, ඔහුගේ පෙම්වතියට සහ අපූරු සංග්‍රහයක් ලබාදීමටද අමතක නොකළ ගම්වාසීන්ට, ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරන්ට ස්තූතිය සහ ගෞරවාචාරය.
CHINTHANA Tuesday, 19 December 2023 02:20 PM
මෙවන් මුහුදුබඩ ප්‍රෙද්ශයක උපන්දා සිට ජීවත් වුණත් මුහුදේ ගසාගෙන යන කෙනෙක් බේරගන්නවත් බැරි මේ ප්‍රෙද්ශවාසීන් ලැජ්ජා විය යුතුමයි. එහෙම හැකියාවක් නැති වන ලෙස දරුවන් හැදූ දෙමව්පියන් පිළිකුල් සහගතයි.
upulThursday, 21 December 2023 08:10 AM
ඒක නම් ඇත්තමයි