තම දරුවාට අකුරු කියවීම සඳහා විශ‍්‍රාමික විදුහල්පතිවරයකු හමුවීමට ගිය පියකු ඔහුට ගෙන ගිය අපූරු තෑග්ගක් නිසා ඔහු යක්‍ෂාරූඪවූ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණේ වෙරළබඩ ප‍්‍රදේශයකිනි.
පසුගිය දා මේ පියාගේම බාල මල්ලී බීමත්ව නගරයේ පිස්සු නටනු දුටු මෙකී විදුහල්පතිවරයා ඔහුට එරෙහිව කතාකොට පිරිසක් ඉදිරියේ සමච්චලයට ලක්කිරීම නිසා ඔහු මෙකී විදුහල්පති සමඟ දැඩි වෛරයකින් පසුවිය.
තම දරුවාට අකුරු කියවා ගැනීමට මේ විදුහල්පති හමුවට සහෝදරයා යන බව දැනගත් මල්ලී එයාට තෑග්ගක් ගෙන යනවා නම් හොඳම දේ අරක්කු බෝතලයක් බව පවසා ඔහු ඊට දැඩිව රුචිකරන බව පවසමින් බෝතලයක් ද ඔතා දුන්නේය.
දරුවාට අකුරු කියවීමෙන් පසු තෑගි පාර්සලය ලියා බැලූ විදුහල්පතිවරයා යක්‍ෂාරූඪවී වහාම එය රැුගෙන යන ලෙස කීවේ වෙවුලමින්ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් කරගන්න යන්නේ මොන වගේ කාරණයක්ද කියලා අවබෝධයක් නැති මෝඩ මිනිස්සු. (නි)
අබුද් දස්ස කලේ ඔය වගේ වැඩ වෙනවා (ත)
මින් ඉදිරියටවත් ,මල්ලිලා දෙන දිරච්ච ලනු කන්න එපා අයියේ. ආපහු ලැබිච්ච එකේ දෙනවා නම් එහෙම නෙමෙයි ඔන්න ඔය බාලයාට. තනියම භුක්ති විඳින එකයි ඇත්තේ හිතේ අමාරුවටත් එක්ක.. (දී)
අර මක්කෙටයි හිච්චි මලයෝ ඇන්නාවේ...!(නදී)
දරුවන්ට තාත්තා කෙනෙක් වගේ ආදර්ශවත් විදුහල්පතිතුමෙක් වෙලා ඉන්න ඇති ඔහු. ඒකනේ අදත් පාරේ ඉන්නකොට හරි අවවාදයක් දෙන්න හදන්න ඇත්තේ. ගුරු වෘත්තියේ ගෞරවය රකින මේ වගේ උතුම් ගුරුවරු නිසා තමයි අද අපි මිනිස්සු වෙලා ඉන්නේ. ඔබට දීර්ගායුෂ ලැබේවා අදුරුතුමාණනි. (දී)
චාමික හරියටම හරි (දී)
හොඳ බෝතලයක් ගෙනියන්න තිබුණේ. (ත)
ඔබ හරි චාමික .ආදර්ශවත් ගුරු උතුමෙක් .(අ)
විශ්රාමික ගුරුතුමාට කේන්ති යන්න ඇති ගල් අරක්කු බෝතලේට. රට ස්කොච් බ්ලැක් ලේබලයෙන් එකක් දුන්නා නම් වැඩේ හරි (නි)
ඔයවගේ දේවල් වලදී දැන්කාලේ ඔය දේවල් ඔහොම වෙනවා. අපරාදේ හොද බෝතලයක් දුන්නා නම් හරි (නි)
අපරාදේ! මල්ලි ප්‍රින්සිපල් එක්ක තියන තරහට දුන්නේ ගාන අඩු එකක් වෙන්න ඇති. ඒ හින්දා එපා කියන්න ඇති. ඊ ලග දරුවට අකුරු කියවන්න යද්දී අයියා හොද බෝතලයක් අරන් යන්නකෝ.ෂුවර් ගුරා බනින්නේ නෑ.(නදී)
මතට තිත කියලා තිතට මත කියන උදවිය ඉන්න රටක් නේද මේක. (නි)
මොහමඩ්, මේ ලෙබ්බේ කෙනෙක් නෙවෙයි, හිටපු විදුහල්පතිවරයෙක්. ඔයාට පැටලිලා (නි)
කිරි දියෙන් දෙව්වත්...අගුරු සුදුවන ඇලෙක් නම් නැත..(අ)
ඔබ වැනි ගුරුවරු රටට ආදර්ශයක් (නි)