කුඩා දරුවකුට බොරු කීම හේතුවෙන් රුපියල් තිස් දහසක් පමණ වටිනා ජංගම දුරකථනයක් අහිමි කරගත් පියකු පිළිබඳ කතාවකි. ”අනේ පුතේ ඕක අල්ලන්න එපා. ඕකේ සත්තු කක්කි දාල තියෙන්නේ. පුතාගේ අතේ ගෑවෙයි” රුපියල් තිස් දහසක් පමණ වටිනා සිය ජංගම දුරකථනය කුඩා පුතු අතේ තබාගෙන සෙල්ලම් කරනු දැක රත්වූ ඔහු පුතුට එසේ බොරුවක් කියා රවටා ජංගම දුරකථනය උසින් ඇති පොත් රාක්කයේ තබා වෙනත් කටයුත්තක නිරත විය. මද වේලාවක් ගත විය. නිවසේ පිටතින් සිය වැඩි මහල් දියණිය කෑගසනු ඇසුණි. තාත්තේ... තාත්තේ... ඉවරායි. මෙන්න ඔයාගේ පෝන් එක ඉවරායි. ඔහු වහා එතැනට දිව ගියේය. කුඩා පුතු ජලය පිරුණු බඳුනකට සිය ජංගම දුරකථනය ඔබාගෙන පොල් මුඩුවකින් අතුල්ලමින් සිටියේය. අනේ පුතේ ඔයා මොකද කළේ ඔහු ඇඬුම්බරව කීවේය. ”මේකේ සත්තු කක්කි දාලනේ තාත්තේ මම හේදුවා නැත්තං තාත්තගේ අතෙත් ගෑවෙයි” ”ආ මෙන්න දැන් කක්කි නෑ” අතරින් පතර ගැලවුණ දත් අතරින් සිනා පිරි මුවින් පුතුගේ මුහුණ දෙසා බලා ඔහු දිගු සුසුමක් හෙළීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බොරු කතාවක්. දැන් ළමයි ඔය තරම් මෝඩ වැඩ කරන්නේ නැහැ. (ස)
මේකනම් වෙන්න බැහැ. (නි)
අදට කමක් නෑ මීට පස්සේ බොරු කියන්න එපා (ස)
පුතේ, ඔයාට බුදු සරණයි! (නි)
මගේ අත්දැකීම අනුව දැන් ඉන්න පොඩි ළමයි එක්ක බොහොම පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕනෑ. හරිම වසවර්තියෝ ටිකක්. (නි)
හරි ෂෝක්. ඔහොම තමයි වෙන්න ඕනෑ. (නි)
පොඩි දරුවා රවට්ටන්න ගිහින් තමාම ගොනාට ඇදගත් මෝඩ පියෙක් (ස)
ලේසියට බොරු කියනවට වඩා ඇත්ත පහදා දීමයි වැදගත් (ස)
හොද වැඩේ. (නි)
රටක් වටින පුතෙක්. (නි)
සේනානායක, වියහැකි සහ විය නොහැකි.... (නි)
බොරුමයි කියන්නේ. (නි)
අයියෝ සල්ලි
නියම කොලු පැටියෙක්. (නි)
සුපිරි කොල්ලෙක්. (ස)
විශ්වාස කරන්නත් අමාරුයි. (නි)
තවත් දරු සුරතලයක්. (නි)
නියම කොල්ලෙක්..!(නු)
එල කොල්ලෙක් (ස)
දෙයියෝ සාක්කි !. ඔන්න හොද කථාවක්?(ස)
පොඩි අයට බොරු කියන්න එපා... ඇත්ත කියලා දෙන්න. අපි හැමදාම කලේ බොරු කියලා.ඒ නිසා තමයි අද අපේ රට වැනසිලා තියෙන්නේ (ස)
දරුවන් බුද්ධිමත් දෙමාපියන්ට වඩා, බොරු කියනවා කියලා හිතුනහම ඇත්ත සොයන්න උත්සාහ කරනවා (ස)
මෙන්න අද නං දෙයියෝ සාක්කිම තමයි.(ස)
වැඩිහිටියෝ වශයෙන් අපි හැමවිටම සත්‍ය අවබෝධ කරදීමට වගබලා ගතයුතුයි. (නි)
බොරු නොකිය පුතේ මේක ගොඩක් වටිනවා කියලා කිව්වනස් සමහරවිට දරුවා ඒක අල්ලන්නැතුව ඉන්නත් ඉඩ තිබුණා (ස)
මගේ පුතාත් පොඩි කාලේ ඔය වගේ බලු පැටියෙක් හැදුවා. ඊළග දවසේ ඌ මැරුණා (නි)
හොඳ කතාවක් (ස)
බොරැ කියන්න ළමයින්ට පුරුදු කරන්නේ වැඩිහිටියෝ තමයි (ස)
එල කොල්ලෙක් (ස)
අතරින් පතර ගැළවුණු දත් අතරින් සිනාසෙන්න පුළුවන් කියන්නේ අවුරුදු 6ට වැඩි දරුවෙක් වෙන්න ඕනෑ (නි)
අනේ පුතේ ඔයා දැක්කේ නැද්ද සත්තුන්ගේ කක්කි ඒකේ නොතිබ්බ බව (ස)
ඔන්න බබෝ බිල්ලා එනවා කියලා නලවන්න හැදුවම බිල්ලා බලලම නිදාගන්නම් කියන ළමයි තමයි දැන් ඉන්නේ..දැන් දැරුවෝ බුද්ධිමත් (ස)
දරුවට ඇත්ත කියලා තේරුම් කරලා දුන්නානම් මෙහෙම වෙන්නේ නෑනේ (ස)
ඇත්ත වගේ ලියා තිබෙනවා. (ස)
විය හැකිද ?? නොහැකිද ??????? (ස)
සේනානායක... විය හැකියි . ළමයින්ට බොරු කිව්වමයි ඔහොම වෙන්නේ (ස)
සේනානායක. විය නොහැකිය. දැන් අපට වඩා පොඩි ළමයන්ට මොලේ තිබෙනවා. මේ වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ.(ස)