රජරට නගරයක පිහිටි පාසලකි. එහි සිසු දරුවනට නොමිලයේ දිවා ආහාර වේල රජයෙන් සැපයේ.
නියමිත ප‍්‍රමිතියට සකස්කළ ආහාර වේලක් සිසුනට ලබාදීම සඳහා වට්ටෝරුවක් ලබා දී ඒ පිළිවෙළට කෑම සැපයීම කෙරෙහි අදාළ කොන්ත‍්‍රාත්කරුට උපදෙස් දී තිබේ.
ආහාරවේල සකස් කරගෙන පසුගිය දිනෙක කොන්ත‍්‍රාත්කරු පාසලට ආවේය. ප‍්‍රාථමික අංශයේ සිසු දරු දැරියන් අතර බෙදාදීමට ඔහු රැුගෙන විත් තිබුණේ කුරක්කන් රොටී සහ ලූණු මිරිස් සම්බෝලයකි.
සිසු දරු දැරියෝ ඒවා ආහාරයට ගනිමින් සිටියහ. පන්ති බාර ගුරුතුමිය ද වෙනත් කාර්යයක නියැළෙමින් සිටියාය. ස්වල්ප වේලාවක් යනවිට ආහාර ගනිමින් සිටි සිසුන් කෑ ගසන්නට විය.
”ඇයි මේ කෑ ගසන්නේ?” ගුරුවරිය ඇසුවාය.
”ටීචර්.... මේ... මේ... රොටී හයියයි. මගේ දතක් කැඩුණා...” ගුරුවරිය ඒ ගැන අවධානය යොමුකරන විටම තවත් සිසුවියක් කෑ ගසමින් ”අනේ ටීචර්, මේ මගේ දතත් කැඩුණා...” යි කීවාය.
ගුරුවරිය කුරක්කන් රොටී පරීක්ෂා කර බැලීය. ඒවා පොඩි දරුවකුට තබා වැඩිහිටි අයටවත් ආහාරයට ගත නොහැකි බව ඇයට පෙනිණ. ඇය ඒ පිළිබඳව වගකිවයුතු අංශ දැනුම්වත් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ත්‍රාත්කරුටත් නඩු දැමිය යුතුයි.!(නු)
හලාල් සහතිකය තිබුණේ නැද්ද දන්නෙ නැහැ. (නි)
දත් වැටෙන කාලෙට ගොඩක් දරුවන්ගෙ දත් කෑම කනකොට ගැළවෙනවා. (නි)
මොකද්ද මේ වෙනුවෙන් ගත්ත පියවර (දී)
මටනම් විශ්වාස කරන්නත් බැහැ (දී)
කන දේවල් පිරිසිදුව හදන්න (දී)
ඔවාට නඩුදමන්න එපා ළමයින්ට පාන්පිට් තහනම් කරයි (අ)
හෙල්ලෙන දතක් වෙන්න ඇති නේද? (නි)
අපේ අම්මා හදපු රොටියක් කාලා පොඩි කලේ මගේ දතකුත් කැඩුනා (ස)
බස්නාහිර පළාතට නම් කුරක්කන් රොටි නැතුව ඇති කෑම වට්ටෝරුවේ. මට පැරණි සටන් පාඨයක් මතක් වුණා. "කොළඹට කිරි, අපට කැකිරි" (නි)
ඒවා ගල් රොටි වෙන්න ඇති. (නි)
වගකිවයුත්තන් කෝ (දී)
රොටිය හයියෙන් කටින් ඇදලා කද්දි දත් ගැළවෙන්න ඇති. (නි)
ලලිත් හරි. යකඩ කියන අත්‍යවශ්‍ය ඛනිජය තමයි ඒකට දාලා තියෙන්නේ. (නි)
අනිවාර්යෙන්ම කොන්ත්‍රාත් කරුවන්ට මාස 06ක්වත් සල්ලි ගෙවල නැතුව ඇති.. ඒකතමයි කාරණේ... (ස)
හ්ම්.... අදම දත් මදින දන්තාලේපය මාරු කරන්න ළමයින්ට සුපිරිවිකී දුන්නනම් හරි... (ස)
දරුවන්ට ලැබෙන කෑම වේලවත් හරියට ලබා දෙන්නෙ නැතුව ඒකෙනුත් ගසා කන කොන්ත්‍රාත්කරුවෝ... (ස)
අපරාදේ ළමයින්ගේ දත්! කොහෙද ඉතින්, ටීචර්ලාටත් සෑහෙන්න වෙන වෙන වැඩනේ. (නි)
රොටි ඇනුවේ බාල සිමෙන්තියෙන්ද දන්නෙ නැහැ. (නි)
ලලිත් , ඔයාටත් නියම අදහස් තමයි ඔළුවට එන්නේ නේද ? (ස)
පොල් ගණන් නිසා යකඩ කුඩු වලින් හදලා වෙන්න ඇති. (නි)
ඔන්න වගකීමක් නැති වැඩ දී)