තොල් ආලේපන යැයි සිතා නිය ආලේපන තොල්වල ගා ගත් කාන්කාවක පිළිබඳ ගම්පහ ප්‍රදේශයේ ගම්මානයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
මෙම කාන්තාවගේ දියණිය වසර කීපයක් විදේශ රැකියාවක නිරතව සිට පසුගියදා මෙරටට පැමිණියාය. ඇය එරටින් ගෙනා ඇඳුම් පැළඳුම් තම පවුලේ අයට බෙදා දුන්නාය. මෙයින් මහත් උජාරුවට පත්වූ ඇයගේ මව පසුදින උදෑසනම දුව දුන් ගවුමක් ඇඳගෙන අසල්වැසි නිවසකට පම්පෝරි ගැසීමට ගියාය.
මේ බලපන් දුව ගෙනත් දුන්න ගවුම, හොඳද සෙන්ට් එක සුවඳයිද කියපන්කො අක්කේ.......
අනේ හොඳයි අසල්වැසි කාන්තාව පැවසුවාය.
එය අසා නිවස තුළ සිටි දියණිය කාමරයෙන් එළියට විත් මෙසේ ඇසුවාය.
‘‘ගවුම නම් ලස්නයි සෙන්ට් එකත් සුවඳයි...... ඒත්.... නියපොතුවලට ගාන ඒවා තොල් රතු කරන ඒවා …...........ගෙනල්ලා නැද්දැයි විමසුවාය.
‘‘මොකෝ නැත්තේ දුව ඒවා පෙට්ටි ගණන් ගෙනාවේ තවම අස් කළේ නැහැ.’’ යැයි මහත් උජාරුවෙන් කාන්තාව පැවසුවාය.
මෙසේ පවසා නිවසට ගිය ඇය තොල්වල, නියපොතුවල ගාන ඒවා ගෙනාවේ නැද්දැයි දියණියගෙන් විමසුවාය.
‘‘ඒවා ඉතින් හැමවෙලාවෙම ගාන්නේ නැහැනේ. අම්මේ.’’ ‘‘ගමනක් යනකොට මම දෙන්නම්’’ යැයි දියණිය පැවසුවාය.
පසුදින දියණිය ගමනක් යාමට සැරසුනාය. දුවගේ කාමරයට ගොස් දුව හැඩ වැඩ වෙන අයුරු මව බලා සිටියාය.
දුව ගමන පිටත්වූ පසු අලුත් ගවුමක් ඇඳගත් මව දුවගේ කාමරයට ගොස් ක්‍රීම්, සෙන්ට්, නිය හා තොල් ආලේපනද අතට ගෙන ඇඟ ගල්වා ගෙන පෙරදා ගිය නිවසට ගොඩවූවාය. අසල්වැසි කාන්තාව සිටි අතර දියණිය නොසිටි බැවින් ගිය වැඩේ හරි නොයන බව තේරුම් ගත්තාය. එහෙයින් පැයකට ආසන්න කාලයක් එම නිවසේ ගත කළාය. ඒ වනවිට ඇයගේ තොල්වල අමුත්තක් දැනුණත් ඇය මීට පෙර තොල් ආලේපන ගල්වා නැති නිසාවෙන් එය ඉවසා සිටියාය.
අසල්වැසි නිවසේ දියණිය පැමිණීමත් සමගම ‘‘ඇන්ටි මොකද ඔයාගේ තොල්’’ඉදිමිලා’’ යැයි විමසුවාය.
‘‘මම දුව ගෙනා පාට වර්ග තොල්වල ගෑවානේ ඒ නිසා වෙන්නැති’’
‘‘එහෙම වෙන්න බැහැනේ’’ තොල් ඉදිමිලා’’ නැවතත් ඇය පැවසුවාය.
සියල්ල ඉවසා සිටි එම කාන්තාව තම නිවසට ගිය අතර එවිට තම දියණිය නිවසේ සිටි අතර ‘‘මොකද අම්මේ ඔය තොල්වලට කරගත්තේ. තොල් ඉදිමිලානේ.’’
‘‘අර එකීලට පෙන්නන්න එක්ක තොල් ආලේපන ගාගෙන ක්‍රීම් සෙන්ට් ගාගෙන මම ගියා.’’ ඕව ඉතිං පුරුදු වෙන්නත් එක්ක ටිකක් ගා ගත්තා යැයි මව කීවාය.
තොල් ආලේපන කියා නිය ආලේපන තොල්වල ගාගෙන ඇති බව දියණියට වැටහුණි.
නිය ආලේපන ඉවත් කරන ද්‍රව්‍යයක් යොදා වර්ණ ඉවත් කිරීමටද දියණිය කටයුතු කළ අතර තොල් ඉදිමුවට ප්‍රතිකාර ලබාදීමට ඇය රෝහලට රැගෙන යාමට ත්‍රිරෝද රථයට ගොඩවන අයුරු දැක අසල්වැසි දියණිය ඒ අසලට පැමිණියාය.
පැය කිහිපයක් ගතවෙද්දී සිද්ධිය අවට නිවැසියන් දැන ගත්තාය.
‘‘ඇන්ටි තොල් රතු කර ගමුදැයි’’එම කාන්තාවගෙන් ඇසූ විට හොඳ ඒවායින් අසාගන්නට හැකිලු.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දුව රටින් ගෙනා ක්‍රීම් ගාපු තැන මාරුවී මව රෝහල් ගෙනිහින්