ඇය බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ කාන්තා පාසලක 10 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවකි.
ගුරු- විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිසා ඇය පාසලට ආවේ අම්මා සමගය.
“අද ඉස්කෝලේ නැහැ. විදුහල්පති කීවා ළමයි ආපසු යවන්න කියා” එසේ කීවේ මුරකරුවාය.
ඒ වන විට විදුහලේ දොරටුව වසා තිබු බැවින් වෙන්න ඇති කියා අම්මා දියණිය සමග ගෙදර ගියාය .
පසු දිනයේ එම දියණිය පාසල් යාම සඳහා සූදානමක් නොවු බැවින් ‘ඇයි දූ අදත් ඉස්කෝලේ යන්නේ නැද්ද ?’ යි අම්මා විමසුවාය.
‘ඔව් අම්මේ අදත් ඉස්කෝලේ නැහැ.’
‘දුව කොහොමද දැනගත්තේ.’
‘අම්මේ මම අර ඊයේ ඉස්කෝලේ නැහැ කිව්ව මුරකාර අන්කල්ට මම කෝල් එකක් දුන්නා.’
‘ඒ මාමා තමයි අදත් ඉස්කෝලේ නැහැ කිව්වේ.’
‘කමක් නැහැ අපි ගිහින් බලමු’ කියා අම්මා දියණිය ලෑස්ති කරවාගෙන පාසලට ගියාය.
පාසල පැවැත්වෙන බව දුටු අම්මාට තරහ ගියේය.
’ඇයි දුව, මේ ඉස්කෝලේ පැවැත්වෙනවානේ.’ අම්මා සැරපරුෂ ලෙසට දුවට දොස් නැගුවාය.
‘හොඳයි අම්මම මට කියන්නකෝ කලින් දවසෙත් අපි ආපහු හැරිලා ගියේ මුරකාර අන්කල් ඉස්කෝලේ නැහැ කිව්ව නිසානේ.?’ ‘
‘ඉතින් මම එයා කිව්ව නිසා තමයි ඉස්කෝලේ නැහැ කියල කිව්වේ.’ දුව පිළිතුරු දුන්නාය .
කෙසේ නමුත් අම්මා මුරකරුගෙන් විමසූවිට ඔහු පවසා ඇත්තේ කලින්දා විදුහල්පතිගේ උපදෙස්මත ළමයින් ආපසු හරවා ඇරියත් අදනම් කාටවත් තමා කතා නොකළ බවය.
පාසල් පද්ධතියේ කඩාවැටීම ගැන දුක් වෙමින් අම්මා දියණිය සමග ගෙදර ගොස් ඇත්තේ පාසල් පාලනය කරන්නේ මුරකරුවන් දැයි සිතමිනි.
(බදුල්ලේ පාලිත ආරියවංශ)
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුවගේ පාසල් ගමනට තොප්පි දැමූ මුරකාර අන්කල්