(තිහගොඩ - උපසේන ලියනගම)
සබරගමුව පළාතේ උපනගරයක වූ කාන්තා පාසලක පසුගියදා සිංහල ගුරුතුමිය නිරෝගීකම පිළිබඳව උපදේශනාත්මක පාඩමක් ඉදිරිපත් කරමින් ‘‘ආරෝග්‍යා පරමා ලාභා’’ යන උපහැරණය ද ඉදිරිපත්කොට මේ යටතේ කුඩා රචනාවක් ලිවීමට සිසුවියන්ට දී පසුව ඒවා පරීක්‍ෂා කළාය.
පොත් කීපයක් පරීක්‍ෂා කරමින් යන අතරතුර එක් සිසුවියක තමා දුන් උපහැරණය වෙනුවට ‘‘ආරෝග්‍ය ශාලා පරමා ලාභා’’ යැයි ලියා තිබෙනු දැක ඒ ගැන විමසුවාය. ඇය සිතුවේ වැරදීමකින් එසේ ලියන්නට ඇත කියාය. එහෙත් සිසුවිය කීවේ ‘අපේ තාත්තා ඕක කියන්නෙ එහෙමයි’’ කියාය. තාත්තා කරන්නෙ මොකක්ද? එයා ගුරුවරයෙක්ද’’ ගුරුතුමිය ඇසුවේ විමතියෙනි.
‘‘නෑ ටීචර් තාත්තා වැඩ කරන්නෙ ඉස්පිරිතාලෙ. හැමදාම ගෙදර එනකොට ලාබෙට ගත්ත කියල පලතුරු, බිත්තර, එහෙම ගෙදර ගේනවා. මේ ගැන අම්මා ඇහුවම තමයි ‘‘අරෝග්‍ය ශාලා පරමා ලාභා කියන්නෙ’’ ඇය කීවේ ගුරුතුමිය තවත් විමතියට පත්කරවමින්ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරේ මරු උදේ පාන්දරම ඇගේ ලේ ටික සුද්ද කර ගත්තා.(අ)
ඕක මොකක්ද? පුද්ගලික සේවය කරන දොස්තරලාගේ ආදර්ශ පාඨය ""ආ රෝගියා පරමා ලාභා "" කියන එකනේ.(අ)
සෑම් නියම කතාවක් කිව්වේ (නදී)
ගුරුතුමිය රචනාවට කොහොම ලකුණු දුන්නද දන්නේ නැහැ. (නදී)
කුඩා දරුවන්ගේ සිත් මෙවැනි දෙමව්පියන් නිසා දූෂණය වන බව සිත්හි තබාගන්න (නදී)
"පුළුවන් එකා පුළුවන් දෙයක් හොරකම් කරනවා" එකා අපේ රටේ ඉහළ ඉදලා පහළටම තියෙන ප්‍රස්නයක් නමුත් වැඩිහිටියෝ මේ විදිහට දරුවන් ඉදිරියේ හොරා කෑමෙන් සිද්දවෙන්නේ දරුවෝ මේක සාමාන්‍ය දෙයක් හැටියට හෝ තමන්ගේ අයිතියක් හැටියට හිතන්න පුරුදුවෙනවා. අපේ රට අනාගතයේ මීටත් වඩා නරක් වෙයි. (බ)
සම්මා ආජීවයෙන් ජීවත්වෙන්නට මිනිසුන් සිතට ගත යුතුය. (හේ)
මම මේ සැරේ වැකේෂන් ගිය වෙලාවේ විදුලි උපකරණ විකුණන කඩේකින් ගෙදර වැඩක් සඳහා රුපියල් තුන් දහසක විතර බඩු අරගෙන බිලක් දාන්න කිව්වා. කඩේ මුදලාලි එක එක භාණ්ඩ වලට කීයක් දාන්නද කියලා මගෙන් ඇහුවා. පස්සේ මම මා එක්ක ගිය වාහනේ ඩ්‍රයිවර් ගෙන් ඇහුවම තමයි කිව්වේ මුදලාලි හිතලා තියෙන්නේ මොකක් හරි ආයතනයකට මේ බඩු අරන් යනවා කියලා ලු. ඉතින් භාණ්ඩ ගන්න හැම මිනිහම බිලක් ඉල්ලුවාම බඩු ගන්න මිනිහට මාටියා පාරක් ගහන්න උදව්වක් හැටියට එහෙම කරනවලු. එතකොට ඒ මිනිහා එතනට ආයෙත් එනවලු. නියමයි ලංකාවේ සිරි ලංකාවේ! (නදී)
තේරුම් ගන්න අමාරුයි.(හේ)
පොඩි අය ඉස්සරහ වචන හසුරවනකොට බලාගෙන තමයි.(හේ)
නියම දුව.(අ)