අලූත උපන් තම කුළුඳුල් දියණියට නමක් තැබීමට ගිය පියකුට මව්පිය දෙපාර්ශවයේ තරගය නිසා නම් අතරින් එකක් තෝරා ගැනීමට කුසපත් ඇදීමට සිදුවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අන්නාසිවලට වඩාත් ප‍්‍රකට ප‍්‍රදේශයකිනි.
මෙම කුළුඳුල් දියණිය ලැබීම නිසා පිය පාර්ශවයේ අයට මෙන්ම මව් පාර්ශවයේ අයට ද තිබුණේ විශාල සතුටකි.
ඇයගේ නමට හිමි අක්‍ෂර මාලාව දැනගත් පසු මේ දෙපාර්ශවයම තරගයට මෙන් නම් සෙවීමට පටන් ගත් අතර ඒ ඒ පාර්ශව සෙවූ නම් වඩාත් සුදුසු බව එකිනෙකා කීම නිසා කුළුදුල් දරුවාගේ පියාට උචිත නමක් තැබීම ගැටලූවක් විය. කාගේත් ඉල්ලීම ඉටු කළ යුතු නිසා දෙපිරිසේම නාම ලේඛන තුණ්ඩුවල ලියූ ඔහු කුසපත් ඇදීමකින් දරුවාට නම් තැබීමට එකඟතාව ගත්තේය. පිය පාර්ශවයේ නමක් තේරුණි.
දරුවාට ඒ නම තැබුවත් දැන් මේ පිළිබඳව මව් පාර්ශවය කුණු කුණු ගානවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දනුක සහෝදරයා පොඩ්ඩක් ඉවසීමෙන් අහන්න. මට අයියලත් නැහැ, අක්කලත් නැහැ, එහෙම දෙයක් ලිවුවෙත් නැහැ. (නි)
මට රූපවතී කියලා නම දැම්මට ගෙදර අය මට වසර 16 විතර වෙනකම් කතා කළේ මද්දුමී කියලයි (බ)
රුපවති දන්නා කෙහෙල්මල ඕව කියන්න ඔයාගේ ගමේ අයට (බ)
දැන් ඉතින් අළුත් ක්‍රමනේ තියෙන්නේ (නි)
ඉනෝකා,ඔබ හරි. මගේ නෝනාට ගෙදර අය කතාකරන්නේ නෝනා කියලයි. උප්පැන්නේ තිබෙන නම් වලට වඩා මේ නම් අපේ ඇඟට කාවැදිලයි තිබෙන්නේ (නි)
තව ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
මගේ අයියාගේ පුතා බැඳ ඉන්නේ විදේශිකයෙක් සුද්දෙක්, එත් පුතාට නම දැම්මේ ධම්ම කියලා (ම)
චන්දිගේ පුතා සුද්දෙක් බැඳලා පුතෙක් හම්බවෙලා. අනේ මන්ද (බ)
ගොඩක් කාලෙකින් හිනා උනා. (ර)
චන්දි ඔයාගේ අයියාගේ පුතා විවාහ වෙලා ඉන්නේ සුද්දෙක් එක්කද සුද්දියෙක් එක්කද අනේ පොඩ්ඩක් තේරුම් කරලා දෙනවද සුදු නෝනේ (බ)
දැන් කව්ද චන්දිගේ අය්යාගේ පුතාගේ නම ඇහුවේ? (අ)
මෙතන 'ලොකුතැන' වෙන්න වලිකන සමහර බවලත්තු දැක්කහම අපිට අපේ ළමයින්ට දාපු නම් අමතකවෙන තරමට හිනායනවා. (නි)
ඔය ගැටළුව බකිංහැම් මාළිගාවටත් තියෙනවා. ඒකනෙ අළුත ඉපදුන කුමාරිකාවට ආච්චිගෙයි අම්මාගෙයි තාත්තාගෙ නම් එකතු කරලා නම දැම්මේ. හොදම ක්‍රමය නම් පාර්ශ්ව පැත්තකට දාලා අම්මයි තාත්තයි කැමති නම දරුවට තියන එක (නි)
රුපවතියේ ස්තුතියි මාව හිනැස්සුවට හොදේ.., එල එල (බ)
මෙහෙමත් පිස්සු වැඩ! (නි)
චන්දි අක්කේ, පොඩ්ඩක් පැටලුනාද මන්දා... (නි)
දකුණු පළාතේ,පවුලේ ළමයින්ට කතාකරන්නේ ලොකු මහත්තයා, සුදු නෝනා, රන් මහත්තයා, පුංචි නෝනා, මද්දුමී නෝනා ආදී වශයෙන්. මම අදත් කල්පනා කරන්නේ මගේ නෝනාට සුදු නෝනා කියලා කතා කරන්න එයාගේ ගෙදර කට්ටියට හිතුනේ මොකද කියලා. (නි)
හරි හරි ඕගොල්ලන්ට පොඩ්ඩක් වරදින්නේ නැහැනේ (බැන්දේ සුද්දීයෙක්ව) (බ)
සරත් මල්ලියෝ.., මට නෙවෙයි අනේ පැටලුනේ.., අනුන්ගේ නමින් ලියන කෙනාට (බ)
සමහර කට්ටිය මෙතන ලොකු එක්කෙනා වෙන්න වලි කන හැටි දැක්කාම අපේ ළමයින්ට දාපු නමුත් අමතක වෙන්න හිනා යනවා. (බ)
චීනයේ, තැපැල් ඇමති - ලියුන් කියුන් ආහාර ඇමති - ඉවුන් පිහුං ආරක්ෂක ඇමති - දඩින් බිඩින් මුදල් ඇමති - සලන් බලන් (ම)
ඇත්ත තමයි දැන් ළමයින්ට නම් දාන්න ගියාම පුදුම කලබලයක් තියෙන්නේ අම්මයි තාත්තයි දෙන්න විතරක් නෙවෙයි වෙන අයත් නම් ලියලා දෙනවනේ ඉතින් මොකක් කියලා දාන්නද. (ර)
සෙන්ජීගේ, කතාවට හිනා ගියා. (ර)
මටත් සෙන්ජි ගේ කතාවට හිනා ගියා. (ස)
මෙන්න නියම දෙමාපියෝ! (නි)
රූපවතී ඉතින් තමන්ගේ ළමයින්ටත් චීන නමක් දාගෙන ඇති. ලංකාවේ ඒවාට වැඩිය පිටරට දේවල් වලටනේ ඉතින් වැඩි කැමැත්ත. (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
ඒකවත් අපේ මිනිස්සුන්ට කතාබහ කරලා සහයෝගයෙන් කරගන්න බැරි හැටි? (නි)
අනේ හැබෑට මෙහෙමත් දෙමවුපියෝ? (නි)
හොඳටම හිනාගියා මට නම් (නි)
දෙපැත්තෙන්ම මුල් නම් දෙකක් දුන්නනම් ඉවරනේ...(ස)
අපි නම් ළමයාට අපිට ඕන නම් දැම්මා . දෙපාර්ශවයේම කාටවත් ඇඟිලි ගහන්න ඉඩ තිබ්බේ නැහැ . (ස)
හරි එහෙනම් කියන්න චීනේ දෙමව්පියෝ දරුවෙකු ලැබුනාම ඒ ළමයට නමතියන්නේ කොහොමද කියල ..? දන්නේ නැතිනම් මම පස්සේ ලියන්නම් ..දැන් වැඩට යන්න ඕනේ වෙලාව හරි ..! (ස)
තමන්ගේ ළමයාට තමන් කැමති නමක් දමන්න බැරි නම් වැඩක් තියද ? අපිටත් මේ වගේම ප්‍රශ්නයක් ඇවිත් අපි මුලින්ම කිව්වා ඒ ගැන අපි කලින්ම තීරණය කල වග . මුනවල් කළු වුණා . එත් කරන්න දෙයක් නැහැ .(අ)
රුපොවති , චිනේ ළමයකුට නම තියන්නේ , ඉපදුනගමන් ළමය අඬන හඬට කන් දීල (අ)
බිදෙන දෙයක් බිම දානවා. සද්දේ තම චීන දරුවාගේ නම. (අ)
ලංකාවේ නේ දැන් නමේ ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ.චීනේ නම් මොන කෙහෙල් මලකටද? රුපවතීට නට් බුරුල් වුණා කියලා අපේ කට්ටියකටත් ඇන ගිලිලා වාගේයි. (අ)
ඉතින් අපිට මොනවද කියන්නේ? (ස)
උපුල්, අපි ජාත්‍යන්තර වශයෙනුත් දැනුවත්වෙන්න ඕනෑ. (නි)
චීනයේ දරුවෙකුට නම දමන්නේ දෙපාර්ශවයේම වැඩිහිටියෝ. පාරම්පරිකව නිවසේ ඇති විශාල පිඟානකට මුරිච්චියක් වැනි ඇණයක් හිමිහිට අතහරිනවා. එය වැටෙන සද්දය අනුව රෝල්වීගෙන යන සියුම් ශබ්දයට ගැළපෙන ...( චින්, චෑන්, චුන්,චන්,ෂින් ,ෂුවෑන්,ෂු ,චී ,චූ ) අක්ෂරය ගෙන ඔය මම කියපු ලෙසටයි නම දාන්නේ. බලන්න අපිත් එහෙම දෙයක්නේ කරන්න ඕනෑ. (නි)
අපිට ඉතින් ඊටවඩා හොඳයි, පමණට වැඩිය කියවන බවලතියකගේ කටට ඇහුන්කන් දීලා එයින් නිකුත් වෙන ශබ්දයක් තෝරාගත්තා නම්. අපේ පාඨක සභාවෙන්ම සමහරවිට සොයාගන්න පුළුවන් වේවි. (නි)
ගැහැණුන්ගේ හැටිනේ ඉතින්. (නි)
අපිට ඉතින් ටකයක් තමයි හොලවන්න වෙන්නේ. (නි)
අපේ රටේ නම් ඉතින් පමණ ඉක්මවා දොඩවන බවලතියකගේ කටින් පිටවන ශබ්දයක් අනුව තමයි. (නි)
මට පෙනෙන්නේ රූපවති පිටරට සිට දරුවන්ට නම් තැබීමේ සේවාවක් පටන්ගන්න වගේ. (නි)
ඔන්න බොලේ රුපවතී අපටත් චීනේ වාගේ කොරන්නලු ! රුපවතීට උපුල් කීවා වාගේ චීනගේ ඇනේ හොඳට අල්ලලා ගිහින් වාගෙයි. එහෙමවත්, කොරලා බලමු ඉතින්....? (බ)
අපේ නංගි කෙනෙක් වැඩ කරන කොම්පැනියෙ ඉන්න චීන ලමයින්ගෙ නම් ඇපල්,වෝටර්,ඔරේන්ජ් ලු.ඉංග්‍රීසියෙන් ලියන්නෙත් සාමාන්‍ය විදිහටමලු. අපිටත් හරි පුදුමයි එ නම් ගැන. (බ)
අපිට තියෙන්නේ ටකයක් හොලවලා අත අරින්න තමයි. නැති නම් කටට බ්රේක් නැති බවලතෙක් පිට කරන වචනයක් ඔස්සේ නමක් සොයා ගන්න. (බ)
අනේ මන්දා,ගොඩාක් වෙලාවල් වලට දෙමව්පියන් උප්පැන්නට දාලා තියන නම් වලින් නොවෙයි දරුවන්ව ගෙදරදී හඳුන් වන්නේ".නික් නේම් " කියලත් හඳුන්වන මෙනමින් තමයි ගොඩක් දුරට නෑදෑයන් යහළුවන් අතර පවා මෙයාලා ප්‍රචලිත වෙන්නේ.හොඳයි කියන්න බලන්න අප අතර නම් දෙක තුනක් ඇති අය ඇත්තෙම නැද්ද....? (බ)