(උනවටුන - ඞී.ජී. සුගතපාල)
ඇය සාමාන්‍ය පවුලක බාල දියණිය වූවාය. දුකෙන් තොර සැපෙන් බර අනාගතයක් උදෙසා ඇය තරුණ වයසේදීම විදේශ ගත වූවාය. විදේශයක සිට ලේ කඳුළු සලමින් උපයා ගත් මුදල් එව්වේ අම්මාටය.
වසර කිහිපයක් එතෙර සිටි ඇය යළිත් මෙතෙරට ආවේ විවාහයක් ද අතින් අරගෙනය. විවාහයෙන් පසු සැපවත් ජීවිතයක් ගත කිරීම සඳහා නිවෙසකට අවශ්‍ය බඩු මුට්ටු රැුසක්ද ඇය ගෙනාවාය.
ඇයගේ පෙම්වතා ඇයගේ පළාතේ සිට තරමක් දුර බැහර කෙනෙක් විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයට මව දැඩි ලෙස විරුද්ධ වූවාය. එහෙත් ඇය ආදරයේ උපරිම අවස්ථාවට පැමිණ තිබිණි. එනිසා නිවසේ අයට හොර රහසේම ගොස් ආදරණීය සැමියාගේ කැදැල්ලේ තුරුලූ වූවාය.
ටික දිනකට පසු ඇය තමා දුකසේ උපයාගත් මුදලින් ගත් බඩුමුට්ටු ගෙනයාමට නිවෙසට ආවත් සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. ‘‘මෙහි ඇති බඩුවක් නැහැ ගිය තැනකට යන්න.’’ කියමින් අම්මා ගෝරනාඩු කළාය. ඇයගේ මල්ලී ද එයට හවුල් විය.
හිස් අතින් ගිය ඇය ලොරියක් ද රැුගෙන පසුදින උදේ යළිත් ආවාය. ඇයගේ උදව්වට අල්ලපු ගමේ සිටි අක්කා ද අක්කාගේ සැමියා සහ පුතා ද පැමිණියහ. විනාඩි කිහිපයක් ඇතුළත බඩු සියල්ල ලොරියට පැටවිණි.
එම අවස්ථාවේ නිවසේ සිටියේ මව පමණි. ඇය වහාම පොලිසියට ගොස් නිවෙස කඩා බඩු මුට්ටු ගෙන ගිය බවට තම දරුවන්ට විරුද්ධව පැමිණිල්ලක් කළාය.
මේ අතර එම අවස්ථාවේ නිවසේ නොසිටි පුතාද
මවගෙන් සිද්ධිය දැන ගැනීමෙන් පසු පොඩි අක්කාට බඩු ගෙන යාමට උදව් කිරීම නිසා ලොකු අක්කාගේ නිවසට ගොස් එහි බඩු මුට්ටු පොඩි කළේය.
පසුව දේපාර්ශවයම පෝද්දල පොලිසියේ පෙනී සිටියහ. පැමිණිලි විභාග කළ උප පොලිස් පරීක්‍ෂකවරුන් වන අබේරත්න සහ පාලිත යන මහත්වරුන් විසින් දෙපාර්ශවයම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට රැකියා කරලා ලංකාවට සල්ලි එවන අයට, නෑදෑයන්ට උදව් කරන ලාංකිකයන්ට ඒගොල්ලන්ගේ ලංකාවේ නෑදෑයෝ සමහරු නම් හරිම ගුණමකු විදියට සලකන්නේ. හිතන්නේ අපි ඒගොල්ලන්ට ජීවිතේටම පිටරටින් සපයන්න බැඳිලා ඉන්නවා කියලා. (ම)
තමන්ට හම්බ කරන තමන්ගේ පාඩුවේ තමන්ට උදව් කරපු අයිට විතරක් උදව් කරන්න ජිවත් උනා නම් කිසිම ප්‍රශ්නයක් නෑ.(නදී)
කට්ටිය දාලා තියෙන දේවල් දැක්කහම මට නම් සතුටක් වගේම දුකක් ඇතිවෙනවා. සතුටක් ඇතිවෙන්නේ තමන්ගෙ දේවල් අනුන් වෙනුවෙන් කැපකරන මිනිස්සු හින්දා. දුක කිසිම දුකක් අනුකම්පාවක් නැතුව අනුන්ගේ දේවල් භුක්තිවිඳින මිනිස්සු ගැන. ඔහොම තමයි ජීවිතේ අපි හොඳ ගතිගුණ වැඩි කරගන්න ඕනෑ. (නි)
මම පිටරට ගිහින් දුක්විඳලා ලංකාවට සල්ලි එව්වේ මගේ නංගිලා හොඳට ඉගෙනගෙන පිළිවෙලක් වේවි කියලා. එක්කෙනක් මම එවපු සල්ලි පෙම්වතාට බොරු ෂෝක් පෙන්වන්න නාස්ති කරලා. අනෙක් එක්කෙනා සා.පෙළ වත් හරියට කරගත්තේ නැහැ. අසනීප වුණ අමමා ගැන සොයා බලන්නෙත් නැහැ. මීට හොඳයි මම එළදෙන්නු දෙන්නෙක් අරගෙන ගෙදර ඇති කළා නම්! මම ගෙදරට බලන්න කියලා කල්ගන්න නිසා අවුරුදු 8 ක් මම වෙනුවෙන් බලා හිටියා. පෙම්වතියත් මව්පියන්ගේ බලකිරීමට වෙන කෙනෙක් බැන්දා. මේවා පිටරට ගිහින් පවුලේ කට්ටිය වෙනුවෙන් සීමාව ඉක්මවා නැහෙන උදවියට හොඳ පාඩම් (නි)
ලංකාවේ සමහරු හිතන්නෙ අපි පිටරට ඉන්න ගමන් ගස් වලින් සල්ලි කඩනවා කියලා. ලැබෙන පඩියට කොච්චර දුක් විඳලාද ලංකාවේ නෑදෑයන්ට උදවු කරන්නේ. කාලයක් තිබුනා මම රෑට තමයි රැකියාව කළේ. දවල් වැඩිදුර ඉගෙනීම කළ නිසා. ගෙදර එන්නේ මුහුණේ අයිස් තට්ටු සූරා දාමින් හීතලේ ගැහි ගැහි. (නි)
සේනක, ඔයාට විතරක් නොවයි ගොඩක් දෙනෙකුට මෙහෙම වෙලා ඇති.අපේ හිතේ දුකට මේවා ලියන්නේ.ගොඩාක් දෙනෙක් මුවින් නොබැන ඉන්නවා වෙන්න ඇති.හොඳ නන්ගිලත් ඉන්නවා ඇති.අපට මෙහෙම උනාට. (කේ)
අපේ පවුලේ 9 දෙනයි. බාලම නංගි ඒ දවස් වල ඉඳලාම කිසිම ගෙදර කිසිම වගකීමක් ගන්නේ නැතිව සැපට ඉඳලා , බන්දලා දුන්නට පසුවත් පිටරට ඉන්න අයියලා දෙන්නාගේ සල්ලි වලින් ජීවත් වෙන්නේ. අවිවාහක ලොකු අක්කට කියලා ළමයි බලවාගෙන ගෙදර වැඩත් කරවා ගෙන .එයා සැපට ඉන්නවා. අපි තමයි මහලු දෙමපියන්ගේ වැඩ ටික කරන්නේ. මේවා ලිව්වම අපේ නරක තමයි මිනිස්සු දකින්නේ . එත් ඉතින් පිටරට මිනිස්සු යි ලංකාවේ මිනිස්සුයි දෙගොල්ලාම ගසා කාල ජීවත් වෙන අපේ නංගි වගේ අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. (ර)
ඉනෝකා ලියල තිබෙන දේ මේ වන විට මම දහ දොළොස් වතාවකට වැඩිය අත්විදල තිබෙනවා . (ර)
නිතරම සීමාවක් නැතිව අනුන්ට දීමේ පින ගැන මෙන්ම අනුන්ට බරක් නොවී තමන්ගේ උත්සාහයෙන් ධාර්මිකව යමක් හරි හම්බු කර ගැනීමද ලංකාවේ ඉන්න අපි ප්‍රගුණ කල යුතුය. එහෙම නැති නම් අනෙක් මිනිස්සු ඉපදිලා ඉන්නේ තමන්ගේ බර ඇදීමට කියලා සමහරු කල්පනා කිරීමට ඉඩ තිබේ. (ර)
අප කුඩා කල ගැහැණු රට ගියේ නැහැනේ. (ර)
මෙහි දමා ඇති ප්‍රතිචාර වලින් පෙනී යන්නේ මොනවද?උදේ හවස බන ඇසෙන මේ පින්වන්ත රටට ගිය කලක්!!අප කුඩා කල මෙවැනි සිදුවීම් පිළිබඳව අසන්නට ලැබුනේ කලාතුරකින්. (ර)
පරලොව යනදාට ගෙනියනවද (බ)
සමහර අම්මල බඩු මුට්ටු වලට තියන තණ්හාවට තමන්ගේම දරුවන්ට සලකන්නේ හතුරන්ට වගේ. කලකට පෙර මම ලංකාවේ හිටිය කාලේ එක පුටුවක් ඉල්ලගෙන ගියා ගෙවල් මරුවෙද්දී. අම්ම මල්ලිවත් මුරට තියාගෙන කිව්වා, කොටි කියල පොලිසියට කියන්නට පෙර පලයල්ලා එලියට කියල. මම බැඳලා හිටියේ දෙමල මහත්තයෙක්.අද ඉතිරි ළමයි හත් දෙනාම ගෙවල් වලින් පන්නල මගේ පිහිටෙන් තමයි ජීවත් වෙන්නේ.(බ)
පිටරට ඉන්න අපි ලංකාවේ ඉන්න සමහර නෑදෑයන්ට කොච්චර උදව් කලත් මදි. මගේ නංගි තරහ වුනේ එයාගේ පුතාගේ ගෙදර හදන්න රුපියක් ලක්ෂ 20 ක් ඉල්ලලා පසුව ගෙවන්න. මගේ දුවත් මෙහෙ ගෙදරට බැංකුවේ උකස් ණය ගෙවනවා. අපි කිව්වාම එක පාරට එච්චර සල්ලි දෙන්න විදියක් නැහැ කියල .ලංකාවේ හැම නෑදෑ ගෙදරකටම ගිහින් අපිට බැනලා. පිටරට රස්සා කරලා බර ගණන් හම්බු කරනවා නෑදෑයන්ට උදව් කරන්නේ නැහැ කියලා. අපි නම් දැන් ඒගොල්ලන් තරහ වුණ එකටම කැමතියි.(ම)
සිය දියණිය දුක් මහන්සිවී හම්බ කරගෙන සිය කැමැත්තට ජිවිතයක් ගත කරන්න යන විට මවක් ලෙස සතුටු වන්න තිබුනේ. නමුත් මව මෙතන ඇති කලේ පවුලේ අසමගියක් විතරයි. මම මවට දොස් කියනවා නොවෙයි. ඇත්ත එයයි. (ස)
මෙතන අම්මා සම්පුර්ණයෙන්ම වැරදි එ්කේ අාය කතාවක් නැහැ. දුව අම්ම විශ්වාස කරලා එව්වේ. (බ)
මේකට අපිට පැත්තක් ගන්න බැහැ. අපි බලාගෙන සිටිමු (නි)
අම්ම කියන වචනයට අපි ගරු කරන්නේ අම්මට තම දරුවන්ට වඩා සම්පතක් නැති නිසා, මව් පදවිය උතුම් නිසා, ඒ උනාට මෙතන අම්මා වැරදියි. (බ)
අම්මයි, දුවයි තමයි කතාවට මුල්වෙලා තියෙන්නේ. ඊට සම්බන්ධ නැති කතාවක් කීම ගැන පාටකයෝ සමාවෙත්වා!! පිටරටක සිට මුදලක් ලංකාවේ කට්ටියට එව්වම බැංකුවට ගිහින් එය මාරු කරලා අඩු වැඩිය ඔක්කොම සපුරාගෙන ගෙදරට වෙලා සද්ද නැතිව ඉන්නකොට සල්ලි එවපු කෙනාම පෙරලා දුරකථන ඇමතුමක් අරගෙන අහන්න ඕනේ කරදරයක් නැතුව මාරු කරගත්තද කියල.එතකොට කියනවා එවපු සල්ලි වලට තුති කියල. සමහර විට හිතනවා ඇති අපි ඉල්ලුවද? බලෙන්ම නේ එව්වේ කියල. (බ)
මොනවා ලියන්නද ? අම්මයි දුවයි නේද ? (ර)
අපේ මහත්තයාගේ පවුලේ උදවිය වරින් වර අපෙන් මුදල් ඇතුළු අවශ්‍යතා ඉටු කර ගන්න නමුත් සිංහල අවුරුද්දට එස් එම එස් එකක් වත් එවලා අපිට සුභ පතන්න්නේ නැහැ. තමන්ගේ වැඩක් කරවා ගන්න මිසක් අපේ දුක සැප අහන්න දුර කතන ඇමතුමකට වියදම්කරන්නේ නැහැ . දැන් එක නංගි කෙනෙකුට ළමයාව අපි ඉන්න රටට එවන්න ඕන වෙලා. අනේ අපේ දුරකතන වලට දැන් නිවනක් නැහැ. (ර)
අපි පිටරටවල් වල සිට පව්ලේ සියලු දෙනාටම උදව් කරන්නේ හිත හොඳ කමට.නමුත් එයාල හිතන්නේ අපි මෝඩයෝ කියලයි.පුළුවන් තරම් බලන්නේ කඩා වඩා ගන්නයි. (බ)
ඇත්ත. මෙහෙම දේවල් වෙනවා. පවුලේ එක සාමාජිකයෙකු ලවා හොඳට හරිහම්බ කරවාගෙන අන්තිමට ඒ කෙනාට කසාදයක් කරගන්නවාට අකමැති පවුල් මමත් දැකලා තිබෙනවා. මගේ කාර්යාලයේ මිතුරෙකු දෙමව්පියන් නැති පවුලට පියෙක් වෙලා බාලයන් රැක බලාගත්තේ තමන්ගේ සරසවි ගමනද නතර කරමින්. අන්තිමට බාල සහෝදරියන් බන්දලා දීලා වයස 40 පෙනී පෙනී මේ මනුස්සය කසාද බඳින්න ලැහැස්ති වුණා. අත ළඟට ස්ථිර වුණ යෝජනා කීපයක්ම හිතාගන්න බැරි විදියට කැඩුනහම මෙයාට සැක හිතිලා සෙවිල්ලෙන් ඉඳලා. අන්තිමට බලනකොට ඒවා ඔක්කොම කඩලා තියෙන්නේ අර හොඳ මුහුණ පෙන්නපු තමන්ගේම නංගිලා තුන්දෙනා. (නි)
හරියට බුදුබණ ඉගෙනගන්න. එවිට මෙවැනි දේ අපේ අතින් කවදාවත් වෙන්නේ නැහැ. වෙන විසඳුමක් නැහැ. (නි)
අනේ ඇත්තට මෙහෙමත් ගෙවල්? (නි)
මෙහෙම දෙයක් මගේ අසල්වැසි තරුණියකටත් වුණා. පවුලේ වැඩිමලා වූ ඇය ඉතා අමාරුවෙන් පිටරට රැකියාවක් කර හම්බකරගත් මුදල් නංගිලා මල්ලිලාට උගන්වන්න සහ ඇගේ අනාගතයටත් ගෙයක් හදන්න වරින් වර අම්මාට එව්වා. ඒ වුණාට අන්තිමේ අවුරුදු 8 ක ට පසුව ලංකාවට ආවිට එවපු ඔක්කොම මුදල් ඇගේ අම්මා මල්ලිලාට රස්තියාදුවට සහ නංගිට පොහොසත් පෙම්වතාට ලොකුකම් පෙන්වන්න වියදම් කරලා. ඇගේ රත්රන් බඩු පවා නංගිට දීලා. කියලා තිබෙන්නේ "උඹ පිටරට රස්සාවක් කරන නිසා කොයි වෙලේ ඕවා හම්බ කරගන්න බැරිද " කියලා. (නි)
සමහර විට ඔය අම්මා හිතාගෙන ඉන්න ඇත්තේ දුවට කියලා ජීවිත කාලෙම කම්බුරවාගෙන පුතාට හොඳට අක්කා හම්බු කරන දෙයින් ගොඩ යන විදියට වෙන්න ඇති. එහෙම දේවල් මේ සමාජයේ සිද්ධ වෙනවා. එක ළමයෙකුට කියල ගෙදරට හම්බ කරවා ගන්නවා. ඒ ළමයට කසාදයක් කරගන්න දෙන්නෙත් නැහැ. අනෙක් දරුවන්ට එයාගේ කරේ නැගිලා සැපට ඉන්න සලස්සනවා. අන්තිමට අර හිත හොඳ දරුවා වයසට ගියාම නංගිලාගේ මල්ලිලාගේ ගෙවල් වල ආයා නැති නම් අප්පු !. (ම)