(තිහගොඩ- උපසේන ලියනගම)
මනාලයකු තමාට දෑවැද්දට දෙනවායැයි කී ඉඩමක කොස්ගස් කීයක් තිබේදැයි බැලීමට යාමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ කළුතර ප‍්‍රදේශයේ ගමකිනි.
තම උත්සාහයෙන් දියුණු වී අගනුවර පෞද්ගලික ආයතනයක සේවය කළ මේ තරුණයා නව නිවෙසක් ඉදිකිරීමට යන අතරතුර කපුවකු විවාහ යෝජනාවක් ගෙනාවේ අසල ගමකිනි.
කපුවා සමග එහි ගිය ඔහුට මනාලිය ගැලපුණි. මව්පියෝ ද එකඟ වී දැවෑද්දට දෙන අක්කර එක හමාරක් වූ ඉඩම ගැන ද කතා විය.
පසුගියදා නව නිවසේ දොර ජනෙල් සඳහා කොස් ලෑලි අවශ්‍ය වූ නිසා ඔහුට දෑවැද්දට දෙන ඉඩම මතක් විය. මේ ගැන කපුවා සමග කතාකොට ඉඩමට ගියේ කාටත් හොරෙනි. එහෙත් මේ ගමන පසුව ආරංචි වූ මනාලියගේ පියා ‘‘කමක් නෑ, ඒත් අපටත් කියල ඔය ගමන ආවනං වඩා හොඳයි නේද?’’ කීවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමියා හා බිරිඳ දවසක් රණ්ඩුවෙන කොට බිරිඳ කියනවා මේ ගෙදර තියන සියලුම බඩු මගේ දෑවැද්දට ගෙනාපුවා තමුන්ගේ කිසිම දෙයක් මේ ගෙදර නැහැ. ඒක නිසා මම කියන විදිහට වැඩකරනවා කියා. එදින රාත්‍රියේ නිවසට හොරෙක් ඇතුළු වී වටිනා බඩු සියල්ල එකතු කරන විට බිරිඳ අවදිවී සැමියාව අවදිකර අපේ ගෙට හොරෙක් ඇවිල්ල සේරම ගෙනියන්න හදන්නේ කියලා කිව්වහම සැමියා කියනවා ******මගේ කියා කිසිම දෙයක් නැහැනේ හොරෙකුටවත් ගෙනියන්න කියා අනෙක් පැත්ත හැරී හොඳට නිදාගත්තළු. (නදී)
සුගුනවති, විහිලු පැත්තකට දාළ මේ ගැන බැලුවොත් මම නම් හිතන්නේ දෑවැද්ද ඉල්ලන අය පිරිමි නෙවෙයි. මම නම් ගැහැණු ළමයෙකුගෙන් සත 5 දෙයක් ගන්නේ නැහැ. අසෝකා අක්කේ නංගිලා තාම ගෙදර ඉන්නවා නම් කියන්න. (නදී)
කොස්ගස් ටික කසාද බැඳලා ගැහැනු කෙනාව දෑවැද්දට ගත්තනම් ඉවරයිනේ. (ස)
මනමාලයට හොද යාලුවෙක් වත් හිටියේ නැද්ද (නදී)
දෙගොල්ලම රවට්ටනවා ඉතින් දෙනවා කියන ඒවා කලින්ම දැනගත්තෝතින් ඉවරයි. අනුන්ගේ ඉඩම් පෙන්වනවා අනේ මේ අයට පව් (නදී)
ඔය කසාදෙ කරගන්න යන දුවට දෙවියන්ගේම පිහිටයි! (නි)
ඒ අතින් මම අද ගොඩාක් සතුටුවෙනවා ..මම විදේශයකින් විවාහ උනේ ..මම විවාහ වෙන විට මගේ ස්වාමියා කිසිවක් ඔය කියන පිස්සු දේවල් ගැන කතා කලේ නැහැ, මගේ විවාහයට ඔහු මගෙන් සම්පුර්ණ සුදුසුකම් දෙකක් කීවා. ඒ ඒකක් මා කාන්තාවක් වීම, අනික යහ පත් ගති ගුණගරුක කම පමණයි! අද ටත් දරු දෙදෙනා හා අප කුඩා පව්ල ආලෝකයෙන් බැබලෙනවා...!!මගේ පව්ලයි මගේ ජීවිතය ..! තෙරුවන් සරණේ බලමහිමයයි ..!! (ස)
ගයනි, ඔයාගේ අක්කා බැඳලා ඉන්නේ නුවර පැත්තටද ? ඒ පැත්තේ අක්කලා නංගිලා නම් ඔය වගේ වැඩ කරනවා. අපෙත් ඉන්නවා දෑවැදි දීලා කෙළවරක් නැති නෑනා කෙනෙක්. ඒකයි මම අහන්නේ. (නි)
අනේ සුගුනවති දුවේ , අපේ තාත්තා හොයලා දීපු බෑනලා නම් රටක් වටිනවා. පවුලේ තාමත් දුකට සැපට,කවදාවත් පංගු බේරු නැතුව එකා වගේ ඉන්න තරම් අපි තාමත් වාසනාවන්තයි! (නි)
අපේ රුවන් අයියා නම් දීගන්න බැරුව හිටිය අක්ක කෙනෙක් අරගෙන වගේ. (නදී)
විහිලු පැත්තකට දාළ මේ ගැන බැලුවොත් මම නම් හිතන්නේ දෑවැද්ද ඉල්ලන අය පිරිමි නෙවෙයි. මම නම් ගැහැණු ළමයෙකුගෙන් සත 5 දෙයක් ගන්නේ නැහැ. අසෝක අක්කේ නංගිලා තාම ගෙදර ඉන්නවා නම් කියන්න (නදී)
අශෝකා, අක්කේ, ඉතින් ඔයා කිව්වේ නැහැනේ තාම කෙල්ලෝ 6 දෙනාම ගෙදර කියලා (නදී)
සමහර බවලතුන්ට ගෙවල් වලින් දෑවැදි දීලා ඉවරයක් නැහැ. මගේ අක්ක බැඳපු කෙනාගේ අක්කල නංගිලා දෑවැදි එක්ක බන්දලා දීලාත් නිතරම අයියලා මල්ලිලා ගේ ගෙවල් වලට වැදිලා තියන දෙයක් කඩා වඩා ගෙන යන්නලු හදන්නේ.මේ ළඟදී අක්ක ලාගේ රෙදි සෝදන යන්ත්‍රය ගෙනිහින් තියනවා එක නංගි කෙනෙක් එයාට ළමයින් තුන් දෙනාගේ ඇඳුම් සෝදන්න අමාරුයි කියලා. ඔන්න ඔහේ ගෙනියපුදෙන් අපිට ඉන්නේ එක ළමයානේ එයාගේ රෙදි අපිට අතින් සෝදන එක මහලොකු දෙයක් නෙවෙයිනේ කියලා අයියා කියලා. (අ)
අපේ පවුලේ කෙල්ලෝ හය දෙනෙක්. දැවැද්ද ඉල්ලන කොට තාත්ත කිව්වේ මම වැඩ කාරකමට දෙන්න ළමයි හදල නැහැ කියලයි. තාත්ත කිව්වේ අපි දරුවන්ට සතුටින් එන එක වෙනම දෙයක් ඉල්ලලා දෙන එක හරියට දිගන්න බැරි ළමයෙක්ව බලෙන් දෙනවා වගේ ඊට පස්සේ ඒ ළමයට වෙන්නේ ඒ ගෙදර වැඩකරකමට ඉන්නයි. ළමයට ආදරය කරන කෙනෙක් මිසක් සල්ලි වලට ආදරය කරන අයට දෙන්නේ නැහැ කීවා (නදී)
දැවද්දක් මුල් කරගෙන නේද අර මීගලාවේ දරුවා ව පැහැර ගත්තෙත්. විවාහයේදී දැවද්දයි කටයි දෙකම ඉස්සර කර ගත්තොත් ප්‍රශ්නම තමා. (නදී)
රුවන්, මොනවා හරි පලුද්දක් ඇති මගේ හිතේ. (නදී)
මිනිහට මනමාලිගේ මව්පිය දෙන්නට කියන්න තිබුනේ දෑවැද්දට දෙන ඉඩමේ කොස්ගස් තිබුනොත් පමණි දුව බදින්නේ කියලා. (නදී)
දෑවැදි මුල්කරගෙන දෙමාපියන් දුවලව දෙන්න හදන්නේ මොකද දන්නෙ නැහැ (නි)
මනමාලයා වේලාසනින්ම ගොස් කොස් ගස් බැලූ එක හරි.මඟුල් ගේ අවසන්වෙලා බලනකොට ගස් එකක්වත් නැහැ. මාමණ්ඩි කියයි අන්තිමේ මඟුල හොඳට කන්න ගස් ටික විකුණුවා කියලා ! (නි)
ගැහැණු ළමයෙකුගේ වැදගත්ම දෑවැද්ද තමයි ගුණයහපත්කම සහ ගෙදර දොරේ වැඩ කටයුතු සඳහා දක්ෂකම. අද කාලයේ සමහර ගැහැණු ළමයින්ට දෑවැද්දට මෙහෙකාරියෙකුත් දෙන්න වෙලා. ඒ මොකද ඒ අයට අම්මලා ගෙවල් වල එළිවෙනතුරු නිදාගන්න ඉඩ දීලා තේ එකක්වත් හදාගන්න උගන්නලා නැහැ. (නි)
අපේ අක්කට ආපු යෝජනාවකදී අක්කාට දෑවැද්දට දෙනවා කියූ ඉඩමේ හරියටම කියපු පර්චස් ගාන තියෙනවාද කියලා එක මනමාලයෙක් මිනින්දෝරුවෙක් එක්ක ගිහිල්ලා ඉඩම මැනලා. ඒ එක්ක ගිහින් තියෙන්නේ අපේ මාමා කෙනෙක්ගේ පුතෙක්. කියලා තියෙන්නේ විකුණන්න තියෙන ඉඩමක් කියලාලු. මඟුල එතැනින්ම ඉවරයි. (නි)
අපේ අක්කාටත් කලකට පෙර මාතර පැත්තෙන් යෝජනාවක් ආවා. මනමාලයාගේ අම්මා ඇහුවේම මනමාලිට කොළඹින් ගෙයක් තිබෙනවාද කියලා. ඒත් මනාලයා රැකියාව කරන්නෙත් මාතර නිසා යෝජනාව හරි ගියොත් අක්ක සූදානම් වුණේ මාතර පදිංචියට යන්න. පසුව අපිට දැනගන්න ලැබුනා කොළඹින් දෑවැද්දට ගෙයක් සොයන්නේ මනමාලයාගේ නංගිලා දෙන්නා කොළඹ පන්ති එනකොට නවතින්න තැනක් ඕනෑ නිසාලු. ඒ වැඩේ එතනින්ම ඉවර වුණා. (නි)
බොහෝ වෙලාවට විවාහ කටයුතු වලදී මේ දෑවැද්ද ගැන හොට දමන්නේ නැන්දම්මා ලා සහ මනමාලයාගේ ගෙදරට වයස්ගතවුන අක්කලා නංගිලා තමයි. එහෙම නැතිව දැන් මේ කාලයේ පිරිමි පාර්ශවයට ඕවා ගැන වැඩි ගානක් නැහැ. බහුතරයක් කාන්තාවන් රැකියාවෙන් ආදායම් උපයනවා නේ. (නදී)
මිනිහෙක් වෙන්න තමයි දෑවැද්ද කලින් ගන්නේ (නදී)
මේ දෑවැද්ද නිසා ආසියාතික කාන්තාවන් කොච්චර අපහසු තාවයකට පත් වෙනවාද ? වාසනාවට අපේ රටේ දෑවැද්ද නිසා මරණ සහ මනමාලිට හදිසි අනතුරක් ලෙස හැඟෙන පරිදි ගිනි තැබීම නම් නැහැ. ඒත් ඉතින් ගෙවල් වල ඉන්න නැන්දම්මලා නෑනලා ගෙන් මේ සම්බන්ධව ඇනුම් පදයක්වත් අහපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ අතලොස්සක්. (නදී)
ලැජ්ජා නැද්ද මන්දා දෑවැද්දෙන් යැපෙන්න. පිරිමි කෙනෙක් නම් මහන්සි වෙලා ගෙයක් දොරක් හදා ගන්න බැරිද ? මෙහෙම කෙනෙකුට දුවෙක් දෙන එකත් මෝඩ කමක්. (නදී)
දෑවැද්ද නයට ගන්න එක වාසියි (නදී)
මට පරණ කියමනක් මතක් උනා. " ගැහැනියෙක් ගන්න කලින් මිනිහෙක් වෙයන් පුතේ" කියල අපේ අත්තා කියල තියනවා. (නදී)
මගේ ඥාති අක්ක කෙනෙකුටත් මගුලක් තීන්දු වී තිබුනා. අවුරුද්දකට පසුව විවාහ වෙනවා කියල මනාලයා තවම උසස් විභාග වලට ඉගෙන ගන්න නිසා. ඒ අතරේ ඔහුගේ අධ්‍යාපනික වියදම අර වියදම් මේ වියදම් කියල මනාලියට දැවද්දට දෙන්න තිබුන සල්ලි සෑහෙන ගානක් ගත්තා. මෙන්න ඒ පාර කියනවලු එයාගේ නංගි බඳිනවා ඒ කටයුත්තේ වියදම් වලට සල්ලි අවශ්‍යයි කියලා. අපේ මාමාට රතු කට්ට පැනල ඒ මගුලට කලින් මගේ දුව දුව බඳින්නේ නැත්තන් අපෙන් ගත්ත සල්ලි ආපහු දෙන්න කිව්වලු. කරන්න දෙයක් නැති නිසා නංගිගේ මගුල කල් දාලා අපේ අක්කාව බැන්දා. (නදී)
ලිහන්න තිබෙන මල්ල නේද මේ ඔබන්න ගිහින් තියෙන්නේ. මම තාත්තා නම් මේ වගේ බෑනෙක් ගැන දෙපාරක් හිතනවා. (නදී)
ඒ කියන්නේ මාමණ්ඩිට හිතිලා උණු හින්ද බොන්නත් බෑ... කිරි හින්ද අහක දාලත් බෑ.... කියලා. (නදී)