පළමු පෙම්වතා හැර තව එකෙකුට පෙම්කළ තරුණියක යුග දිවි සඳහා පලා යන ගමනේදී ඇයගේ පළමු පෙම්වතා කැඳවා ඇය ඔහුට බාරදී දෙවැනි පෙම්වතා හිස් අතින් ආපසු නිවසට යෑමේ පුවතක් රජරට පුරවරයට අයත් මහවැලි ජනපදයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය,
කාලයක සිට පෙම් ඇසුරක වෙලී සිටි පෙම් යුවළක් හදිසියේ විරසක වුණි.
පෙම්වතා ඇයට ආදරය කරන නමුත් පෙම්වතිය ඇය හැර වෙනත් පෙම්වතෙක් හා සමග තවත් පෙමක් ඇතිකර ගත්තාය. පෙම්වතිය ඔහු හා යුග දිවි ගමන යෑමට සූදානම් වූවාය. ඒ කාටත් නොදැනෙන සේ හොර රහසේය.
ඒ බව නව පෙම්වතා ඇයගේ පළමු පෙම්වතාට සැලකර සිටියේය.
ඇය වෙන්ව ඇතත් පළමු පෙම්වතා ඇයට අවංකව ආදාරය කරන බව දෙවැනි පෙම්වතාට පැවසීය. දෙවැනි පෙම්වතා ඇයට එලෙස ආදරය නොකරන බව පළමු පෙම්වතාට පැවසීය.
ඒ අනුව පෙම්වතුන් දෙදෙනා එක්ව ඇය යුග දිවියට කැඳවා යන ගමන සැලසුම් කළහ.
වෙන් වූ පෙම්වතාගේ ඉල්ලීමට අනුව නව පෙම්වතා ඇය කැඳවාගෙන මැදියම් රැයේ ඇයට අවශ්‍ය රෙදිපිළිද සකසාගෙන වෑන් රථයකින් නිවැසියන්ට හොරා නික්ම ගියේය.
වෑන් රථය අතරමඟ නැවතුනි. ඊට පළමු පෙම්වතා ගොඩවැදුණි.
පළමුව හඳුනාගත් කුලුඳුල් පෙම තරම් සුන්දර පෙමක් නොමැති බව වටහා දී විරසක බව අමතක කර පළමු පෙම්වතා හා යුග දිවි අරඹන ලෙසට නව පෙම්වතා ඇයට ආශිර්වාද කළේය.
මිතුරන් දෙදෙනා හා ඇයගේ යහලු යෙහෙළියන්ද එක්ව රහසිතගව සැලසුම් කළ මංගල ගමනක් බව වටහා ගත් ඇය කිසිත් නොදොඩා ඔහු හා ඇසුර පවත්වන්නට සිය කැමැත්තෙන් ගිය බව දැන ගන්නට තිබේ.
(මොරගොල්ලාගම සිසිර කැලේගම)
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෙවැනි පෙම්වතා එක්ක පැනගිය පෙම්වතිය මගදී පළමු පෙම්වතාට ආපහුදීලා