(හොරොව්පොතාන පැතුම් දර්ශන)
විභාග ප්‍රතිඵල දැනගැනීම සඳහා දේවාලයකට ගිය පුද්ගලයෙකුට ලැබුණු අපූරු පිළිතුරක් පිළිබඳ පුවතක් හොරොව්පොතාන ප්‍රදේශයෙන් වාර්තා විය.
ඔහු රාජ්‍ය ආයතනයක සේවය කරන නිලධාරියෙකි. පහළ තැන සිට ඉහළ තැන දක්වා යන්නට මහත් වෙහෙසක් ගන්නා අයෙකි. ඒ වෙනුවෙන් ඕනෑම විභාගයක් ලියන්නට ද පසුබට වන්නේ නැත. තරමක හදිස්සි කාරයෙක් සේම නොපෙනෙන බලවේගයන්ගේ පිහිට තදින්ම විශ්වාස කරන්නෙකි. මොන දේ කලත් අඩුම තරමේ සාස්තරයක් හො බැලීම ඔහුගේ සිරිතකි.
රාජකාරි කළ ආයතනයේ ඉහළ තනතුරක් සඳහා ඉකුත් දිනක විභාගයක් පැවැත්විණි. ඒ සඳහා සූදානම් වූයේ මාස ගණනාවක සිටය. හැකි සෑම උත්සාහයක්ම දරා විභාගය ලිවුවද ප්‍රතිඵල එනතුරු සිටීමට තරම් ඉවසිල්ලක් නොතිබිණි. පුරුද්ද අමතක කළේ නැත. දේවාරූඪයෙන් සාත්තර කියන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථානයකට ගොස් ඇත්තේ කලින්ම ප්‍රතිඵල දැනගැනීම සඳහාය. අය කළ ගණන රුපියල් දහසකි. එහිදී දෙවියන් සහ අප කතානායකයා අතර සිදුව ඇත්තේ මෙවැනි කතාබහකි.
කපුවා
‘‘හොඳයි දරුව නුඹේ අරමුණු සහ අවශ්‍යතාව මට කියව”
ඔහු
“දෙවියන් වහන්ස මම පහුගිය දවසක උසස් තනතුරක් සඳහා විභාගයක් ලිව්වා. මට දැනගන්න ඕනේ පාස් වෙයිද නැද්ද කියලා.”
සියල්ල සාවධානව අසාගෙන සිටි දෙවියන් දේව භාෂාවෙන් මඳක් කතා කොට දෑස් පියාගෙන මෙසේ කීවාලු.
“දරුව නුඹ මහන්සිවී පාඩම් කර විභාගය ලිවුවානම් නියත වශයෙන්ම විභාගය පාස් වෙනවා. ඒ වගේම නුඹ පාඩම් නොකර මහන්සි නොවී විභාගය ලිව්වා නම් විභාගය අසමත් වෙනවා එය කාටවත් වැළැක්විය නොහැකියි”
“ඕක අහගන්න ද රුපියල් දාහක් දීලා මම මෙතෙන්ට ආවෙ” යැයි කියමින් ඔහු ආපසු ගොස් ඇත්තෙ මග දිගට බැන වදිමින් බව දැනගන්නට ඇත.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙවියන්ගේ අපූරු විභාග ප්‍රතිඵලයක්