(තිහගොඩ උපසේන ලියනගම)
අල්ලපු ගෙදර සමග ගැටුමක් ඇති කරගෙන එක් අයකුට පහරදී ඔහු රෝහල් ගත කළ පසු ඊට සම්බන්ධ විත්තිකරුවකුගෙන් පොලිස් කටඋත්තර ගැනීමේ දී නම ඇසූ විට ”දේශමාන්‍ය දේශ ශක්ති” නම්බු සමග නම් කිරීමෙන් එය සටහන් කරමින් සිටි පොලිස් නිලධාරියා උඩ බිම බැලීය. නම කියන්නැයි පොලිසිය ඔහුට කීවේය. යළිත් නම්බු නාම කියන්නට විය.
ඔහු ගමේ ප‍්‍රජා සේවා කටයුතුවල මෙන්ම දේශපාලන කටයුතුවල ද පෙරමුණ ගෙන ක‍්‍රියා කළ අයෙකි. මේ නිසාම ප‍්‍රදේශයේ ආයතන කීපයකින් ”පිනා” සම්මාන නාම පිරි නමා තිබිණි.
ගමේ ගැටුමක් උත්සන්න වී අසල්වැසි තරුණයාට දේශ මානයට දුන් පොලූ පහරින් ඔහු රෝහල් ගත විය. ”නම්බුකාර පට්ටම්” ටික උසාවියට කියනවා. දැනට උප්පැන්නයේ නම කීවාම ඇතැයි” පොලිසිය ඔහුට කීවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උප්පැන්නයේ තිබෙන නම කිවුවා නම් හොඳටම ඇති නේන්නම්.... (නි)
මේ වගේ නම්බුනාම පට්ටම් වලින් ඔළුව උදුමවාගත් කීදෙනෙක් නම් මේ වගේ සමාජයේ උපහාසයට ලක්වෙලා ඇද්ද? (නි)
දැන් මේ "දේශමාන්‍ය" කියන නම්බුනාමය ගොඩක් අය අරගෙන, ලොකුකම පෙන්වන්න. අපි පුංචිකාලේ, ඩි. එස්. සේනානායක මහතා වැනි රටට වැඩක් කල අය පමනයි මේ දේශමාන්‍ය කියන නම්බු නාමය ලැබුවේ. අද හොරුන්ටත් තියෙනවා මේ නම්බුනාම. (ර)
පන්දම් අල්ලලා නම්බුනාම ගන්න උදවිය (අ)
ඔය ජාතියෙ අය ඕන පදම් ලංකාවේ ඉන්නවා ලොකුකම තනිකරම බොරුව කරන්නෙ (බ)
ඔහොම නම්බු තියන අය හිතන් ඉන්නේ එයාල අපායට ගියාම යම පල්ලෝ බය වෙයි කියල එයාලගේ නම්බුවට.ඉතින් ජිවත් වෙන්නේ කපුටෙක්වත් ඔලුව උඩින් ඉගිලෙන් නැති ගානට.(දිල්)
අසරණ සරණ සමිතියකිනුත් තවත් නම්බුනාමයක් ළඟදීම දේවි (බ)
ඕක මොකද්ද? සුදුසුකම් නැති අය ඕනි තරම්(දිල්)
වරද මොහුගේ නොවේ. මොවුන් ගැන සොයා නොබලා මෙම නම්බු නාම දුන් අයගෙයි (නි)
දැන් දැන් මුදල්වලට ආචාර්ය, මහාචාර්ය දේශබුමි වගේ නම්බුනාම දෙනවා . කොළඹට කිට්ටු නගරයක සිප්පිකටු විකුණන අයෙකුත් මහාචාර්යවරයෙක්. මහාචාර්ය කමක් ලැබෙන්නේ විස්වවිද්‍යාලයක සැහෙන කාලයක් වැඩකරපුවහම නේද ? සමහර විශ්වවිද්‍යාලවලින් සම්මාන ආචාර්ය පදවි දෙනවා යම් ශේස්තරවල ප්‍රවීනයන්ට. අනිත්වා ගන්නේ මුදලට. (අ)
මුදල් දීල ලබා ගන්න පුළුවන් ඔය පට්ටම් කාරයෝ මේ ලඟකදී ඉඳල වැහි වැහැල වගේ ඉන්නවා. අපේ ගම පළාතෙත් හත් අට දෙනෙක්ම ඉන්නවා. හැබැයි ඔය පට්ටමට ගැලපෙන කිසිම දෙයක් සමාජයට නම් කරලා නැහැ. ඕක ලැබුනහම බැනර් කටවුට් හන්දි ගානේ එල්ලලා ප්‍රසිද්ධ කර ගන්නෙත් එගොල්ලන්ම තමයි. පවු අනේ! (ස)
ආචාර්ය පට්ටම් එල්ලගෙන පිස්සු නටන ප්‍රභූවරුන් ඉන්න මේ රටේ දේශමාන්‍ය දේශ බන්දු , දේශසක්ති ආදී නම්බුනාම මාල පලදාගන මෙවැනි පහත් ක්‍රියාවල යෙදෙන උන්මත්තකයින් සිටීම අරුමයක් නොවේ. විවිද අයුරින් රට ජාතියට සේවය කරනු ලබන වැසියන්ට උපහාර දෙන මෙම යුගයේ ඔවුන්ට පමණක් මෙම මාල පලදන්ට පියවර ගත යුතුය (නදී)