(තිහගොඩ උපසේන ලියනගම)
අල්ලපු ගෙදර සමග ගැටුමක් ඇති කරගෙන එක් අයකුට පහරදී ඔහු රෝහල් ගත කළ පසු ඊට සම්බන්ධ විත්තිකරුවකුගෙන් පොලිස් කටඋත්තර ගැනීමේ දී නම ඇසූ විට ”දේශමාන්‍ය දේශ ශක්ති” නම්බු සමග නම් කිරීමෙන් එය සටහන් කරමින් සිටි පොලිස් නිලධාරියා උඩ බිම බැලීය. නම කියන්නැයි පොලිසිය ඔහුට කීවේය. යළිත් නම්බු නාම කියන්නට විය.
ඔහු ගමේ ප‍්‍රජා සේවා කටයුතුවල මෙන්ම දේශපාලන කටයුතුවල ද පෙරමුණ ගෙන ක‍්‍රියා කළ අයෙකි. මේ නිසාම ප‍්‍රදේශයේ ආයතන කීපයකින් ”පිනා” සම්මාන නාම පිරි නමා තිබිණි.
ගමේ ගැටුමක් උත්සන්න වී අසල්වැසි තරුණයාට දේශ මානයට දුන් පොලූ පහරින් ඔහු රෝහල් ගත විය. ”නම්බුකාර පට්ටම්” ටික උසාවියට කියනවා. දැනට උප්පැන්නයේ නම කීවාම ඇතැයි” පොලිසිය ඔහුට කීවාලූ.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දේශමාන්‍යගෙන් තරුණයකුට පොලූ පහරක්
රුවන් Wednesday, 19 November 2014 10:35 AM
ඕක මොකද්ද? සුදුසුකම් නැති අය ඕනි තරම්(දිල්)
රේමන්ඩ් Wednesday, 19 November 2014 10:48 AM
වරද මොහුගේ නොවේ. මොවුන් ගැන සොයා නොබලා මෙම නම්බු නාම දුන් අයගෙයි (නි)
වීරක්කොඩි Wednesday, 19 November 2014 02:25 AM
උප්පැන්නයේ තිබෙන නම කිවුවා නම් හොඳටම ඇති නේන්නම්.... (නි)
අජිත් කරුණාරත්න Thursday, 20 November 2014 02:27 AM
මුදල් දීල ලබා ගන්න පුළුවන් ඔය පට්ටම් කාරයෝ මේ ලඟකදී ඉඳල වැහි වැහැල වගේ ඉන්නවා. අපේ ගම පළාතෙත් හත් අට දෙනෙක්ම ඉන්නවා. හැබැයි ඔය පට්ටමට ගැලපෙන කිසිම දෙයක් සමාජයට නම් කරලා නැහැ. ඕක ලැබුනහම බැනර් කටවුට් හන්දි ගානේ එල්ලලා ප්‍රසිද්ධ කර ගන්නෙත් එගොල්ලන්ම තමයි. පවු අනේ! (ස)
කටුගස්තොට Wednesday, 19 November 2014 02:53 AM
මේ වගේ නම්බුනාම පට්ටම් වලින් ඔළුව උදුමවාගත් කීදෙනෙක් නම් මේ වගේ සමාජයේ උපහාසයට ලක්වෙලා ඇද්ද? (නි)
සමන්ති Wednesday, 19 November 2014 02:38 PM
දැන් දැන් මුදල්වලට ආචාර්ය, මහාචාර්ය දේශබුමි වගේ නම්බුනාම දෙනවා . කොළඹට කිට්ටු නගරයක සිප්පිකටු විකුණන අයෙකුත් මහාචාර්යවරයෙක්. මහාචාර්ය කමක් ලැබෙන්නේ විස්වවිද්‍යාලයක සැහෙන කාලයක් වැඩකරපුවහම නේද ? සමහර විශ්වවිද්‍යාලවලින් සම්මාන ආචාර්ය පදවි දෙනවා යම් ශේස්තරවල ප්‍රවීනයන්ට. අනිත්වා ගන්නේ මුදලට. (අ)
සෙනෙරත් Wednesday, 19 November 2014 03:34 AM
දැන් මේ "දේශමාන්‍ය" කියන නම්බුනාමය ගොඩක් අය අරගෙන, ලොකුකම පෙන්වන්න. අපි පුංචිකාලේ, ඩි. එස්. සේනානායක මහතා වැනි රටට වැඩක් කල අය පමනයි මේ දේශමාන්‍ය කියන නම්බු නාමය ලැබුවේ. අද හොරුන්ටත් තියෙනවා මේ නම්බුනාම. (ර)
ලියොන් ගුනවර්දන Thursday, 20 November 2014 09:22 PM
ආචාර්ය පට්ටම් එල්ලගෙන පිස්සු නටන ප්‍රභූවරුන් ඉන්න මේ රටේ දේශමාන්‍ය දේශ බන්දු , දේශසක්ති ආදී නම්බුනාම මාල පලදාගන මෙවැනි පහත් ක්‍රියාවල යෙදෙන උන්මත්තකයින් සිටීම අරුමයක් නොවේ. විවිද අයුරින් රට ජාතියට සේවය කරනු ලබන වැසියන්ට උපහාර දෙන මෙම යුගයේ ඔවුන්ට පමණක් මෙම මාල පලදන්ට පියවර ගත යුතුය (නදී)
ඉන්දිකා Wednesday, 19 November 2014 05:05 AM
පන්දම් අල්ලලා නම්බුනාම ගන්න උදවිය (අ)
රංජිත් Wednesday, 19 November 2014 05:53 AM
ඔය ජාතියෙ අය ඕන පදම් ලංකාවේ ඉන්නවා ලොකුකම තනිකරම බොරුව කරන්නෙ (බ)
කුමාරි Wednesday, 19 November 2014 06:01 AM
ඔහොම නම්බු තියන අය හිතන් ඉන්නේ එයාල අපායට ගියාම යම පල්ලෝ බය වෙයි කියල එයාලගේ නම්බුවට.ඉතින් ජිවත් වෙන්නේ කපුටෙක්වත් ඔලුව උඩින් ඉගිලෙන් නැති ගානට.(දිල්)
සරත් පර්ත් Wednesday, 19 November 2014 08:21 AM
අසරණ සරණ සමිතියකිනුත් තවත් නම්බුනාමයක් ළඟදීම දේවි (බ)