ග‍්‍රාමීය ප‍්‍රදේශයක ඉගෙනුම ලබා පසුව ශිෂ්‍යත්වයක් මත නගරයේ උසස් පාසලක ඉගෙනුම ලැබූ ඔහු සරසවියට ඇතුළුව වෛද්‍ය පාඨමාලාව හදාරා වෛද්‍යවරයෙක් විය.
පසුගිය දා විදේශ ශිෂ්‍යත්වයක් ලැබ එහි යාමට සූදානම් වූ ඔහුගේ නිවෙසට ඥාතීන් එක් රොක්වූයේ සුබ පැතීමට ය.
ඒ පිරිස අතර කුඩා කාලයේ සිටම තම ඉගෙනුමට හරස් වෙමින් ඉරිසියා කළ නැන්දා කෙනෙක් ද විය. මෙහිදී බොරු හිතවත්කම් පෙන්වූ ඇය ”පුතා අවුරුද්දකට හරි ගෙදරින් ගියාම අපට තමා පාඩුව. අනේ පුතේ, මම කියන්නමයි හිටියේ. මට වද දෙන කොන්දෙ අමාරුවක් තියෙනව බේත් ඩිංගක් ලියල දෙන්න කෝ” කීවාය.
කොන්ද පරීක්‍ෂා කළ මේ වෛද්‍ය බෑනා ඇයට බෙහෙතක් ලියා දී ”මේක මගේ ඩිස්පැන්සරියෙන්ම ගන්න” කියමින් එහි මුදලක්ද සටහන් කොට දුන්විට ඇයට තරු පෙනුණා ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා පාටියට ආව පාසල් මිතුරු නීතිඥයා ඔය උපදෙස් දොස්තර බෑනාට දීලා ගෙදර ලිපිනයට දින කිහිපයකට පසු බිලක් එවලා ඇති උපදේශන ගාස්තු ලෙස. (නි)
කල පචු පස්සෙන් එනචා.... නියම පාඩම නැන්දට.(නදී)
අපේ අක්ක කෙනෙකුත් ඉන්නවා ඔය ජාතියේ. (නි)
දුවට වෙදකම් කරන්නයි නැන්දට වෙදකම් කරන්නයි බැහැනේ කවුරු හරි කෙනෙක් මුදල් දෙන්න වෙනවා (අ)
දොස්තරලා විතරද නිදහස් අධ්‍යාපනය ලැබුවේ මහජන මුදලින්? අනිත් අයට කරගන්න බැරිවුණ ඉරිසියාව (නි)
ඕකට තමයි කියන්නේ දරුවෝ වැඩියෙන් ඉගෙන ගත්තමත් හොද නැහැ කියලා, දරුවෝ පාසල් යවනවා වගේම දහම් පාසලුත් යවන්න ඕනෑ.නැන්දා උගත් නැතුව ඇති, උගත් පුතා කළ දේ වැරදියි. ගුණ ධර්ම නැති එකා කවුරු වුණත් වැඩක් නැහැ. (නි)
බේත් ටික නිකම් දුන්නා නම් ඒ නැන්දට දුක හිතෙයි එය ඉරිසියා කළේ අපරාදේ කියලා (නි)
මෙයා කොන්දොස්තර කෙනෙක් වෙන්න ඇති.(නදී)
වෛරයෙන් වෛරය නොසන්සිදෙන බව දොස්තර කෙනක් උනත් නොදන්නවා වගේ..මදව කියපුදේ අනුමත කරමු නේද .(අ)
පද්මිණි නියම කතා ගොතනවනේ.අපි එයාට කියමු ටිකක් භාවනා කරන්න කියලා. (නි)
කුමාරිහාමි කියනදේ ඇත්ත.අහළ පහළ කට්ටිය ඉරිසියා කළාට නෑදෑයෝ සතුටු වෙනවා මිසක් ඉරිසියා කරන්නේ නැහැ නේද? (නි)
දොස්තර ගැන මේකේ අයට තියෙන අමාරුව..... (ස)
දුව දුන්න කතාවක් කියවෙන්නෙ නැහැ. (ස)
දුව දුන්න එකටවත් ගානක් අඩුකලේ නැද්ද (දී)
වරුණ අන්න ඉගන ගත්ත කොල්ලෝ! අනුන්ට පන්දම් අල්ලලා ඉහල යන්න දඟලන මිනිස්සු නෙවෙයි! (ස)
මේක දොස්තර කෙනෙක් කල නිසා "සවුත්තු වැඩේ" කියල හුඟ දෙනෙකුට හිතෙනව නේද? වෙන කවුරුහරි කළා නම් කියන්නේ "හොඳ වැඩේ" කියල. අපි මේ ඇඳගෙන ඉන්න ලස්සන ඇඳුම් ඇතුලේ ඉන්න 'පුද්ගලයා', මහත්වරුනි, ආදී කාලේ සිට පරිනාමය වෙමින් එන ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, කෑදරකම්, නොරිස්සීම් ආදී සියලුම දුර්ගුණවලින් පිරුණු පංචස්කන්ධයක්. අධ්‍යාපනයෙන් සහ ලෝකයෙන් ලැබෙන අත්දැකීම් වලින් අපි ඒ දුර්ගුණ පාගාගෙනයි ඉන්නේ. එත් උන්හිටි ගමන් පා බුරුල් වෙලා ඒ දුර්ගුණ රබර් බෝල වගේ ඉහලට එනවා. එතකොට බලා ඉන්න අපි කියනවා අන්න සවුත්තු මිනිහෙක් කියල. අපි කවුරුත් අඩු වැඩි වශයෙන් දක්ෂයි දුර්ගුණ පාගාගෙන ඉන්න. ජෙකීල් සහ හයිඩ් කතාව වගේ. (නදී)
දොස්තරවරු, මන්ත්‍රීවරු පෙට්ට ගමක් විතර මහත...... දියෙන් ගොඩින් රොකට් එකෙන් ...ඒරොප්පෙන් අරන් ආපු..(අ)
එතකොට අහිංසකයන් දෙකට නැමී ගෙන අවහම කන පැලෙන්න සල්ලි ගන්නේ මහජන මුදලින් ඔවුන්ට උගන්වපු නිසාද?අපේ බටහිර උගත් කරුණාබර දෙවිවරු අලුත් දෙය හොයාගෙන මොවුන්ට කියා නොදුන්නොත් අපේ මිනිස්සුන්ට හැමදෙයකටම කොත්තමල්ලි . (ත)
නිහාල් , ඩුබායි ඉන්න ඔයා කොහොමද ලංකාවේ දොස්තර මහත්තුරු ගැන දන්නේ? නිකන් බොරු කියන්නේ නැතුව ඉන්න නිහාල් අපේ රටේ හොඳ දොස්තර මහත්තුරු ඉන්නවා. ඔය පිට රට ගිහින් අපේ රටට ගරහන්න එපා.(නදී) jogos online gratis
අද බොහෝ දොස්තරලා මෙහෙමයි. සමහරු හරියට කළු කඩකාරයෝ වගෙයි (නි)
එයා දොස්තර උනා මිසක් රහත් උනේ නැහැ. සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන වෛරය පලිගැනීම දොස්තරලාටත් තියෙනවා නැන්දාට ලැජ්ජාවක් තිබුනානම් සුභ පතන්න යන්නේ නැහැ ඔහොම නෑදෑයෝ හැම පවුලකම ඉන්නවා (දී)
''වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන් වෛරයය සන්සිදේ '' කියල බුදු බනේ තියනවනේ එක මතක්කරගෙන නන්දාම්මට නොමිලේ බෙහෙත් ටික දුන්නනම් සමහරවිට එයාගේ හිතේ තියන අමනාපයත් නැතිවෙන්න තිබුණා උගත් අයත් සමාජයේ නුගත් අයගේ හැසිරීම් වලටට එකට එක කරනවට වඩා ඒ අයට ආදර්ශයක් වෙන විදියට වැඩ කරන එක උතුම් . (දී)
''වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන් වෛරයය සන්සිදේ '' කියල බුදු බනේ තියනවනේ එක මතක්කරගෙන නන්දාම්මට නොමිලේ බෙහෙත් ටික දුන්නනම් සමහරවිට එයාගේ හිතේ තියන අමනාපයත් නැතිවෙන්න තිබුණා උගත් අයත් සමාජයේ නුගත් අයගේ හැසිරීම් වලටට එකට එක කරනවට වඩා ඒ අයට ආදර්ශයක් වෙන විදියට වැඩ කරන එක උතුම් . (දී)
උගත් දොස්තර මහත්තය වයිරය හිතේ තියාගෙන මෙහෙම කලා නෙවෙයි වෙන්න ඇති. දොස්තරලා යන යන තැන බෙහෙත් සාක්කුවේ දාගෙන යන්නේ නැහැ. බෙහෙත් තුණ්ඩුව ලියල දෙනවා හැර වෙන මොනවා කරන්නද? (අ)
දොස්තරු හැමෝම ඔහොම නැහැ (දී)
සුව නොවන කොන්දේ අමාරු හැදෙන්නේ ගොඩක් දුරට ඉරිසියාවෙන් පෙලෙන අයටලු. (ස)
බෑනා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක ඉගෙනගත්තු කෙනෙක් නම් එවේලේම සල්ලි ගන්නවා 'කන්සල්ටන්සි ෆීසුත්' එක්ක. (දී)
හා .!! යාලුවනේ..,ටික දවසකින් ලියන්නත් බැරි උන නිසා !!මේකට ලියන්නම හිතුවා..!!ඉරිසියාකාර නැන්දට මේ බැනා පාඩමක් කියා දීල තියෙනවා., ''මං ඒකට කැමතියි''.., හුගක් පවුල්වල මේ වගේ ඉරිසියා කරන අය ඉන්නවා. (ගමෙත්-නගරයේත් ) (ස)