ඥාති හිතවතුන් දහසකට ආරාධනා කර පන්සියයකට මංගල උළෙලේ ආහාර සූදානම් කිරීම නිසා සිදුවන්නට ගිය අලි ජංජාලයක් වළක්වා ගන්නට හැකිවූ පුවතක් ඔයක් ආසන්නයේ ගම්මානයකින් වාර්තා විය.
පවුලේ එකම පුතාගේ මංගල උත්සවය ප‍්‍රදේශයේ උත්සව ශාලාවක පැවැත්වීමට දෙමාපියෝ තීරණය කළහ. දහසක් පමණ දෙනාට ඒ සඳහා ආරාධනා කරන්නට ඔවුහු සැලසුම් කළහ. ඒ මනාලියගේ පාර්ශවයෙන් සහභාගීවීමට නියමිත පිරිස ද සමගය.
මේ සැලසුම් සකස් කරන අතර දුරකතන ඇමතුමක් ලබාදී උත්සව ශාලාව වෙන් කර ගනු ලැබුයේ පියා විසිනි. පසු දිනක ඒ සඳහා මුදල් බැඳීමේ කටයුත්තට පියා යාමට සූදානම් වෙද්දී පුතා ඉදිරිපත් විය. ‘‘තාත්තේ මම ටවුමට යනවා. ඒ ගමන් හෝල් එකේ සල්ලි බඳින්නම්’’ පුතා කීය.
පියාට අස්වැසිල්ලක් ලැබිණි. සල්ලි ඔක්කොම බඳින්න. පස්සේ දුන්නත් දෙන්න එපායැ කී පියා දහසක් දෙනා වෙනුවෙන් ආහාර පාන ආදිය සඳහා මුදල් පුතා අතට දුන්නේය. මෙච්චර සල්ලි මොකටද ඇසූ පුතා නගරයට ගියේය. නියමිත උත්සව ශාලාවේ පාලකයා හමුවිය. ආරාධිතයන් පන්සියයක් දෙනා වෙනුවෙන් ආහාර පාන ඇණවුම් කළේය. ඉතිරි මුදල් සාක්කුවේ දමා ගත් පුතා තමන්ගේ හා මිතුරන්ගේ විනෝදය සඳහා ඒ මුදල් වැය කරන්නට වූවත් පියා හෝ මව මේ ගැන දැන සිටියේ නැත.
මධුසමය ගත කර නිවෙසට එනදා උත්සව ශාලාවේ මංගල උළෙලට පිරිස එක් රොක් වන්නට විය. පස්වරු පහ පමණ වෙද්දී ටිකෙන් ටික පිරිස වැඩි වෙද්දී උත්සව ශාලාවේ පාලකයා මනාලයාගේ පියාට කිට්ටු කළේය.
‘‘මහත්තයා පන්සීයක් කිව්වාට පිරිස ඊට වැඩියි වගේනේ’’ ඔහු කීය.
‘‘මොනවා පන්සීයක් අපි දාහක් විතර බලාපොරොත්තු වෙනවා’’ පියා කීය. නැහැ මහත්තයා පුතා ඕඩර් කළේ පන්සීයකටයි. අපි සූදානම් කළේ එච්චරයි පාලකයා කියද්දී පියා මනාලයා වූ පුතු සොයා ගියේය. කනට කර යමක් ඇසීය. නළලින් වැගිරෙන දාබිඳු අතින් පෙරා දමමින් පියා පසෙකට වූයේ කර කියා ගත හැකි දෙයක් නැතිවය.
මනාලයාගේ පියා අසරණව බලා සිටියදී මනාලියගේ පියා එතැනට ආවේය. ඇයි ප‍්‍රශ්නයක්ද ඔහු අසද්දී මනාලයාගේ පියා අලකලංචිය ගැන නොකියා ඉන්නට බැරිවිය.
ආ ඒක ප‍්‍රශ්නයක් කර ගන්න එපා මගේ බෑණා අතින් වෙච්ච වැරැුද්ද මම හදන්නම් කී මනාලියගේ පියා දන්නා අඳුනන ආහාර සැපයුම් කරුවකුට කතා කර අඩුපාඩු ආහාර ප‍්‍රමාණය ගෙනැවිත් සංග‍්‍රහය අවසන් කර පිටව ගියේ මැදියමත් පසුවී හෝරාවක් ගත වෙද්දීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම වංචනික පුතෙක් කසාද බැදපු ඒ ගැහැණු ළමය ගැන හරිම දුකයි. ඔය වගේ අය සමග දීග වැඩි දුර යන්නේ නෑ. මම තාත්ත නම් එදාම මගේ දුව ගෙදර එක්ක එනවා. නැත්නම් පස්සේ දරුවොත් එක්ක තමයි දුව අමාරුවේ වැටෙන්නේ.හොර යක්කු.පිරිමි නොවෙයි පිරිමි භාග.(නදී)
මේ වගේ වගකීමක් නැති මිනිහෙක් එක්ක ගිය කෙල්ල පව් .මෙයා බබෙක්ද? බොන්න තියෙන පෙරේතකමට කරපු වැඩක් .එකෙන් මාටියා ගහලා තව පොඩ්ඩෙන් ගුටි කෙලිය .මනමාලිගේ පිය බුද්ධිමත් නිසා ගොඩින් බේරලා.මේවා බලන අයවත් හැදෙන්න. (ස)
රොෂාන් !!! ඔයාටත්, බිරිදටත්, තව තවත් සතුට සැනසුම ලැබේවා'' කියා හද පතුලෙන්ම පතමි. (ස)
චන්දි ,ඔයාටත්,තව තවත් සතුට සැනසුම ලැබේවා'' කියා හද පතුලෙන්ම පතමි. (ස)
එකම පුතා නිසා හුරතලේට හදලා. වගකීමක් බරක් පතලක් නැහැ. මේ පවුලේ මුදල් පාලනය මනමාලි අතට ගත්තේ නැත්නම් දෙන්නටම හිඟමනට වැටෙන්නයි වෙන්නේ. මේක ප්‍රේම සම්බන්ධයක් වෙන්න බැහැ. මෙහෙම මිනිහෙක් එක්ක වැඩි කාලයක් සම්බන්ධයක් පවත්වාගෙන යන්න අමාරුයි. යෝජනාවක් වෙන්න ඕනෑ (නි)
අපිට හිනා වෙන්න පුළුවන් කතාවක්. නමුත් එයට මුහුණ දුන්න අයට කොපමණ අපහසුතාවයක් දැනෙන්නට ඇද්ද? (ස)
ලීල් ගුණවර්ධන.. සොරි ..දුකයි ඔයාට වුණ සිදුවීම ගැන, ඒත් ජීවිතේට මූණ දෙන්න, කවදාවත් සලෙන්න එපා ...?එදා ඒ වුණ සිදුවීමට, ඔයා පසු කාලෙක පවුල් ජීවිතේට මුහුණදීමෙන් පසු සිදු වුණානම් ඔයාට වේදනා වැඩියි...?සිතට ශක්තිය ගන්න, ජීවිතේ පුරාවටම අපි කරන්නේ ප්‍රශ්ණ පත්තරයකට උත්තර ලියනවා වැනි දෙයකි...?ඒක තමා ජීවිතය...!!! (ස)
ලීල් ගුණවර්ධන, ජිවිතේ කියන්නේ ඔහොම තමයි.එයා හැමදාම අපිට ප්‍රශ්න දෙනවා ..අපි ලෝකේ වටේ කැරකිලා උත්තරේ හොයගෙන එනකොට එයා ප්‍රශ්නේ වෙනස් කරලා .........(ස)
එක පුටුවක වාඩිවෙලා, එක පැන්සල දෙකට කඩා අකුරු ලිවුව බවනේ පාසල් වල උගන්වලා තියෙන්නේ (නි)
රොෂාන්,මට හරි දුකයි ඔයා ගැන (නි)
සමහර පුත්තු ඔහොමමයි. අම්ම තාත්තගේ සල්ලි වලින් හෙන පොර වගේ යාලුවෝ ඉස්සරහ වියදන් කරනවා. අපේ කට්ටිය ඒ අයට සෙට් වෙලා හොදට ගොනාට අන්දලා කනවා බොනවා ගමන් යනවා පාටි දානවා. දෙමව්පියෝ ගෙදරට වෙලා හුල්ලනවා. අපෙත් හිටිය ඔහොම එක්කෙනෙක්. එයා මේ දවස් වල පොලිය විතරක් මාසෙකට 84 දාහක් ගෙවනවා. (දී)
සත්‍යපාල ''ගේ'' මොලේ තමයි මොලේ.(නදී)
නරි බෑනෙක්ද කොහෙද! බඳින්න කලින් ඔහොම නම් බැන්දට පස්සේ ගෑනිත් උගස් තියයි.(නදී)
පියාගේ මුනේ දැලි ගාපු පුත්‍රයා. මනමාලිත් දීග දෙන්න බැරුව අමාරුවෙන් ඇගේ ගහන්න ඇති. මම නම් පුතාට හොද කනේ පාරක් දෙනවා. (නදී)
ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ මරාපු තැනකින් මස් ටිකක් අරගන වේල පිරිමහගන්න.ඕව ඕන වෙන්නේ ටික කාලෙකට විතරනේ..වීරයා.(නදී)
මෙහෙමත් විගඩම්? (නි)
නුවන් ඔය හරි මටත් අත්දැකීම් තියෙනවා (අ)
ගෑනිත් උගස් තියයි බලාගෙන (අ)
අනාගතේදී මනමාලිට තාත්තගෙයි , මාමණ්ඩිගෙයිම පිහිටයි .(අ)
ගැනිට දෙය්යන්ගේම පිහිටයි .(අ)
බොරු සෝභන පෙන්වන දළකාරයන්ගේ මගුලක් වගෙයි. (ස)
අවංකව මට වියදම් උනේ රෙජිස්ටර් ගාස්තුව විතරමයි. දෙපැත්තෙන්ම අකමැති වුණු නිසා ඒ වුනාට අපි ජීවිතය දුකක් නැතිව හොදින් ගෙවනවා. අපේ උත්සහයෙන් දියුණුවෙලා. (ස)
මනමාලයයාට එක පාරට මොනවා වෙලාද
කසාදෙ දවසෙම තමන් මොන විදිහේ බැනෙක්ද කියන එක මාමණ්ඩිට පෙන්නලා දීපු එක හොඳයි. දැන් ඉතින් අලුත් බෑනා ගැන තිබුන උසස් බලාපොරොත්තු අත් හැරලා හිත හදාගෙන ජීවත් වෙන්න පුළුවන් නේ. (ස)
වැඩි බරපතල කමක් නොතේරෙන මනමාලයෙක්. අනාගතයේදී ප්‍රශ්න ඇති නොවේවි කියන්න අමාරුයි. (ස)
රොෂාන් නියම ආදර්ශවත් කෙනෙක්. (දී)
මනමාලියගේ පියා යහපත් මිනිසෙකි. (දී)
හොඳ මම කෙනකේ නෙත්නම් මාර ලැජ්ජාවක් (දී)
මෙයා නම් මනාලියත් විකුණයි වගේ (දී)
රොෂාන් මම ඔබ ගැන සතුටු වෙනවා ඔය සතුට හැමදාමත් තියා ගන්න ... (දී)
එයාලට එහෙම වුනාට මට වුනේ මේකේ අනිත් පැත්ත. මා ආරාධනා කළ තුන්සියයෙන් හැත්තෑ අට දෙනෙක් පැමිණියේ නැහැ. එයාලා එන්නේ නැහැ කියලා වේලාසනින් දැන්නුවෙත් නැහැ. (ස)
රොෂාන්, ඔබ ලෝකයේ වාසනාවන්ත පුද්ගලයන් කිහිප දෙනා අතරින් කෙනෙක්. (නි)
නාලක,ක්‍රිෂ්, රොෂාන් සතුටින් ඉන්න එක ගැන අපි හැමෝටම සතුටුයි! ඒත් ඒකට හේතුව ඔවුන් අප්‍රසිද්ධියේ විවාහ වුණ නිසා නම් නොවෙයි. ප්‍රසිද්ධියේ විවාහ වුණත් ඔවුන් හොදට ඉන්න සාර්ථක විවාහ ජීවිතයකට විවාහය සිදුවුණේ ප්‍රසිද්ධියේද අප්‍රසිද්ධියේද කියන එක බලපාන්නේ නැහැ (නි)
මාමණ්ඩි සරණං ගච්ඡාමි! (නි)
කලබල වෙන්න එපා.හිත නරක්කර ගන්න එපා. සිද්ධ වුණු දේ කියන්නත් මොකක්ද වාගේ. මාමණ්ඩිත් හොද මිනිහෙක්. බෝධිසත්වයෙක් වාගේ. අනේ ඉතින් ඒ දෙන්නට මේ තුන්සරණේ සරණයි. (නි)
අසංක, ඔබ විවාහයෙන් හොදට බැටකාපු කෙනෙක් වගෙයි හැගෙන්නේ! (අ)
මම හිතනවා මේ එසැන පටක සැමෝම හොද මිනිස්කම්වලින් පිරි උගත් බුද්දිමත් පිරිසක් කියල ...?එහෙම මිනිසුන් අතින් වැරදි වෙනවත් ගොඩාක් අඩුයිකියල මගේ විශ්වාසය ...?ඉතින් ඔබ හැමෝටම ප්‍රශ්ණ නැති ප්‍රීතිමත් පවුල් ජීවිත ගතකිරීමට දේවාශිර්වාදය ලැබේවා...!! (අ)
මීට හාත් පසින් ම වෙනත් දෙයක් තමයි මට උනේ විවාහයත් ලැහැස්ති කරගෙන හෝටලයක කෑමත් සුදානම් කරලා තිබෙද්දී කෙල්ල දවසකට කලින් වෙන එකෙක් එක්ක පැනල ගියා .ඉතින් මොන කෑමද දුක තමයි (අ)
වැදගත් දෙයක්වත් වගකීමෙන් ඉටු කරන්න බැරි මනමාලයෙක් වගෙයි.මෙයා හොඳ පවුල් කන්න නොවේ පවුල කන්න. (නි)