මාතර දිසාවේ පිහිටි උපනගරයකට කුරුඳු මිටියක් විකිණීම සඳහා පැමිණි තරුණයෙකි. කුරුඳු මිටිය විකුණා වෙළෙඳසලෙන් එළියට පැමිණි ඔහුට පැරැුණි පාසල් මිතුරකු කලකට පසු මුණගැසිණි. දෙදෙනා ටික වේලාවක් ආගිය තොරතුරු කතා කළහ.
තමා ප‍්‍රධාන නගරයක පෞද්ගලික ආයතනයක අලෙවි විධායකවරයකු ලෙස සේවය කරන බවත් එහි අවශ්‍යතාවකට මෙහි පැමිණි බවත් නගරයෙන් පැමිණි මිතුරා ප‍්‍රකාශ කළේය.
ගමේ මිතුරා කලකට පසු හමුවූ මිතුරාට තේ බීම සඳහා යාමට ඇරයුම් කළේය.
”තේ ද මචං, තේ නම් මම බොන්නෙ බොහොම අඩුවෙන්.” ඔහු අදිමදි කළේය. ”ඇයි මොකෝ, උඹට සීනිද?” ගමේ මිතුරා ඇසීය. ”නෑ ... නෑ ..., එහෙම අවුලක් නෑ, ඒ වුණාට අපේ තාත්තට සීනි තිබ්බ නේ.” යැයි කී ඔහු ”හා යමු යමු” කියා ආරාධනාව පිළිගත්තේ කලකින් හමුවූ මිතුරාගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි බවද කියමිනි.
දෙදෙනා අසළ පිහිටි ආපන ශාලාවකට ගොඩවූහ. ගමේ මිතුරා තේ දෙකක් ඇනවුම් කළේය. කුඩා තේ පැකට්ටු දැමූ උණු වතුර කෝප්ප දෙකක්ද සීනි බඳුනක්ද සමඟ මේසය මතට ලැබිණ.
තේ බීමට එතරම් කැමැත්තක් නොදැක්වූ මිතුරා තම තේ කෝප්පයට පුරෝපු සීනි හැඳි පහක්ම දමා ගන්නවා දුටු ගමේ මිතුරාගේ ඇස් උඩ ගියේය.
”අනේ අනේ නිකං හම්බු වෙනව නම් පරංගිත් හොඳයිලූ නේ” කියමින් බිල ද ගෙවා දමා ගමේ මිතුරා යන්නට ගියා ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගොඩක් අයට නිකන් කන්න හම්බ වෙනවා නම් වහ හරි කනවා, මොකද නිකන්නේ දෙන්නේ. (නදී)
අන්න පේනවා නේද ගමේ මිනිස්සු ලග තියෙන ආගන්තුක සත්කාර කොහොමද කියල. ඕව නගරේ අයට තේරෙන්නේ නැහැ. (නදී)
මමත් උදේ තේ එකට සීනි හැඳි 5ක් දානවා (නි)
ගමට ගිහින් ගමේ යාළුවො එක්ක තේ එකක් බොන්න ඇත්නම්? (අ)
හරියට අපිට සීනි ඇමති කෙනෙක් ඉන්නව වගේනේ කතාව (නදී)