(ගම්පහ අධිකරණ ටෝනි කරුණානායක)
ගෙට ගෙවැදීමේ උත්සවයකට නැකතක් හදා ගැනීම සඳහා දෛවඥයකු වෙත ගිය කතකට සිදු වූ සන්තෑසියකි.
සිද්ධිය මෙසේය.
නව නිවෙසට ගෙවැදීමට පෙර නැකතක් හදාගැනීමට කාන්තාවක දෛවඥයකු වෙත ගොස් ඇත. එවිට දෛවඥයා ඇයගෙන් උපන් වේලාව ඉල්ලා තිබේ. වේලාව බලා ඇයට අපල උපද්‍රව ඇති බවත් ඒවා දුරු කර ගැනීමට මුද්දක් පැළඳිය යුතු බවත් පවසා ඇත.
එම කතගේ පියා මුදල් රැගෙන ඒමට ගිය අවස්ථාවේ ඇය දෙස යටැසින් බැලූ දෛවඥයා සිරුරේ උපන් ලප තිබේ දැයි අසා ඇගේ සිරුර ස්පර්ශ කිරීමට පටන් ගෙන තිබේ. ඉන් කුපිත වූ කත දෛවඥයාට බැණ වැදී එතැනින් පලා ගිය බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් දෛවඥයෛා් ඉන්නවනේ ඔයින් බේරුනා ඇති (නදී)
අපිත් නූලෙන් බේරුනෙ මෙයාගෙන් උපදෙස් ගන්න ගිහිල්ල. (ම)
එයාට තිබුනේ මේ වාගේ වැඩ කරගන්න තමාගේ සැමියාව අරින්න.එතකොට ලප තියා මොනවත් හොයන්න එන්නේ නැහැනේ. (ම)
ඕවා පස්සෙ යනවට හොද වැඩේ. හින්දුන්ගෙන් ආපුවා, බෞද්ධයෝ බදා ගත්තනේ. අපෙ රටේ ඉහල පෙලේ නායකයින්ට වැරදුනෙත් ඕවා නිසානෙ. සින්හල හින්දු අලුත් අවුරුද්දත් එහෙමනේ. මිහිදු මහරහතන් වහන්සේගේ කාලෙ ඉදලම සිංහල බෞද්ධයාගේ අවුරුද්ද වෙසක්ය කියලා දන්නෙ කීයෙන් කී දෙනාද? මිත්යාදෘශ්ටින්ගෙන් පිරුනු හිතට සහන ගෙනෙන්ටනේ මේ අය සැදී පැහැදී ඉන්නෙ අනේ. (නදී)
බැරි වෙලාවත් මේ සාත්තරකරු දේශපාලනයට සම්බන්ධ නැහැ නේද? අපිට ඔය ලප බලා සාත්තර කියන කෙනෙක් ගැන පහුගිය කාලයේ ආරංචි වුණා. ඒකයි. (නි)
සාස්තර, ගුරුකම්, දෙවිවරු කියන මේවා ඔක්කොම එක්කෝ මිනිස්සු නොදැනුවත්කමට හදාගත්ත ඒවා. නැත්තන් කපටි මිනිස්සු අහිංසක සහ මෝඩ කොටස් නොමඟ යවලා ජීවත් වෙන්ඩ හදාගත්ත ඒවා. අපේ අධ්‍යාපනයේ තියෙන නොදියුණු කමයි මේවා ඉවර නොවෙන්ඩ හේතුව. (නදී)
ඔයවගේ වැඩ වලට යන අයට ඔහොම වෙලා මදි. (ර)
මේ කියන්නේ අපේ රටේ මැතිවරණ වලට නැකත් හදන කියන එක්කෙනා නොවෙයිනේ? (නදී)
අමතක නොවන විදියට හොඳ පාඩමක් උගන්වන්න තිබුණේ ආයේ ලප නොසොයන්නම (නි)
රූබට්, එතකොට තිස් තුන්දහසක් දෙවි දේවතාවුන් වහන්සේලාත් බොරුවට හදා ගත්තුවද ? (නදී)