IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නැකතට උයන්න ගිය කිරිබත නින්දට යටවෙලා

(මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නැකතට ලිප ගිනි මොලවා කිරිබත හදන්නට සූදානම්ව ඇඳේ ඇලවුණු කාන්තාවකට නින්දට යාමෙන් දරුමල්ලන්ට කුසගින්නේ සිටීමට සිදුවූ පුවතක් මීරිගම පෙදෙසින් වාර්තා වේ.


නැකතට කිරිබත හදන්නට සූදානම්ව සිටි මවක ඒ සඳහා අඩුම කුඩම එකතු කළේ පස්වරුවේ සිටමය. දරු මල්ලන් කෑමට යමක් ඉල්ලුවත් නැකත උදාවනතුරු බලා සිටින්නට සිදුවූයේ මව නැකත් කෙරෙහි දැක්වූ දැඩි විශ්වාසය නිසාය. වේලාව උදාවිය. ලිප ගිනි මෙලවූ කාන්තාව කේතලේ ලිපේ තබා හාල් ගැරීමට ගියාය. දහවල් සිට වෙහෙස මහන්සි වී සිටීමත් වෙනදා නින්දට යන වේලාව පසුවීමත් හේතුවෙන් ඇයට හිසේ බර ගතියක් ඇතිවිය. ඇය මොහොතක් ඇඳට ගියේ කේතලයේ වතුර නටන තුරුය.


ඇය අවදි වූයේ පැයක් හමාරක් යාමෙන් පසුවය. ඒ වනවිට ලිප ගිනි නිවී තිබිණි. දරුමල්ලන් වැටුණු වැටුණු තැන නින්දට ගොසිනි. අහර බුදින වේලාව ද පසුවී ගොසිනි. දරුවන් කුසගින්නේ නම් මම කෑමෙන් පලක් නැතැයි සිතූ ඇය පහන් නිවා නින්දට ගියේ අලුයම නැගිට දරුවන් හා තමන් වෙනුවෙන් කිරිබත් උයන අදහසිනි. උදෙන්ම අවදි වූ ඇය දරුවන්ගේ කුසගිනි නිවන්නට කටයුතු කළේ දාරක ප්‍රේමය ඉස්මතු කරගෙනය.



අදහස් (1)

නැකතට උයන්න ගිය කිරිබත නින්දට යටවෙලා

sarath kuru Thursday, 16 April 2020 12:14 AM

අතපසුවුනත් මව් සෙනෙහස අගේ කළ යුතුයි.

:       26       250

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site