(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
හුදකලාව දිවි ගෙවන කාන්තාවක් දිවා ආහාරය පිළියෙළ කරමින් සිටියාය. බත්මුට්ටිය ලිපේය. පොල් ගාගත් ඇය සිටියේ කරවල කපමිනි.
යාබද නිවසේ කාන්තාව ඇයට කතා කළාය. අක්කේ සමුපකාරේ අල කිලෝ දෙක ගානේ නොමිලේ දෙනවා ගේන්න යන්නේ නැද්ද ඇය ඇසුවාය.
අල්ලපු ගෙර නැගනියගෙන් ලත් තොරතුරු අනුව ඇය දොර අඩවල් කර පාර දෙසට ගියේ ගමේ කෙළවර පිහිටි සමුපකාරයට යන ආකාරය පිළිබඳව කල්පනා කරමිනි.
කුලී ත‍්‍රිරෝද රියකට කතා කරගත් ඇය ඇඳ සිටි ඇඳුම පිටින්ම සමුපකාරය බලා ගියේ බත් මුට්ටිය ලිපේ තිබෙද්දීය.
පැයකටත් වැඩි වේලාවක් පෝලිමේ සිට අල කිලෝ දෙක අරගත් ඇය ත‍්‍රිරෝද රියට රුපියල් සියයක් ගෙව්වාය.
ඇය නිවසට ගොඩ වෙද්දී අඩවල් කර තිබූ දොර විවෘත කර තිබිණි. කරවල මුට්ටිය පෙරළාගෙන කන බල්ලකු දුටු ඇය කෑගැසුවාය. කරවල කූරියා ඩැහැගත් බල්ලා පලා ගියේය. බත්මුට්ටිය රොස්වී තිබිණි.
කුසගිනි දැඩිය. ඇය ළඟම කඩයට ගොස් බත් පාර්සලයක් ගෙනාවාය. රුපියල් සියයක් වටිනා අල කිලෝ දෙකක් නිසා ඇය රුපියල් හය සියයක පමණ පාඩුවක් ලබා තිබිණි.
මගේ කලබලේ නිසා වෙච්චි වින්නැහියට මක් කරන්නදැයි සිතාගත් ඇය නිවී සැනසිල්ලේ රාත‍්‍රී ආහාරය සකස් කරන්නට වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකක් සංවේදී කතාවක්. ඇත්තටම දුක හිතුනා. (නි)
අපේ අය නිකන් දෙයක් දෙනවනම් කුණු ගොඩක්හරි ගෙදරට ගනී.(හේ)
නිකන් දෙන හැමදේම එහෙම තමයි.(හේ)
නෑසියෝ කිසිත් නැත දුක සතුටෙහි ඉන්න...එනිසයි තනිවුනේ සමගින් දුක් ගොන්න ... නැතිවුණු බොහෝ දේ ඇතිමුත් ලතවෙන්න......නිහඩව දරාගෙන යමි සසරේ ගමන....(හේ)
ඇත්තටම හරිම දුක හිතෙන කතාවක්. සහන්, ඔයාගේ කවිය හරිම ලස්සනයි. (නි)
කාලෙකට පසුව සහන්ගේ කවියක් දැක්කා . (නි)
මේ කාන්තාවන් හැම දෙයකටම ඉක්මන් වෙනවානේ. ටිකක් හෙමින් ඔය දේවල් කළා නම් හොඳ අල හොද්දක් හදලා කරවල එක්ක බත් ටිකක් කන්න තිබුනා. (නි)
නිකන් වහ දෙනවා කිවුවත් අපේ අය දුවලා යයි (නි)
නිකන් දෙන්නේ ඒ වගේ නිසයි.(හේ)
අල කනවා නම් කන්නකෝ, දේශීය අල වර්ග තියෙන්නේ ඕනෑතරම් (නි)