නංගිගේ නාට්‍ය පිස්සුව නිසා අක්කාගේ පෙම් සබඳතාවට කණ කොකා ඇඬීමේ පුවතක් අසන්නට ලැබුණේ පානදුර ප‍්‍රදේශයෙනි. සෞන්දර්ය පීඨයේ ඉගෙනුම ලැබූ මේ නංගී කටකාරය. අක්කා අහිංසකයි. විවාහ විය යුතු වයස ඉක්මවා සිටි අක්කාට හදිසියේ පෙම්වතකු හමුවූයේ තම කාර්යාලයේදීමයි. ලාබාල වියේ සිටි ඔහුට අක්කා සිය නිවසට එන ලෙස ආරාධනා කළ විට ඔහු ආවේ කුලෑටි ගතියකිනි. ඔහු සමඟ මඳක් කතා කළ ඇය තේ සංග‍්‍රහය සැකසීමට ගෙට ගියාය. මේ වනවිට ඉදිරිපස කාමරයේ යෙහෙළියක සමඟ සිටි නංගී ”කපුවා කපෝති” නාට්‍යයක රඟපෑමේ යෙදී සිටියාය. ”හෙමිජ්ජ වගේ හිටියට මනමාලකම ඔළුවට ගහල. උඹට ලජ්ජා නැද්ද මිනිහො” ඇය දෙබස උස් හඬින් කීවේ අමුත්තකු පැමිණි බව නොදැනයි. යෙහෙළියද සිනාසුණාය. අක්කා තේ රැුගෙන සාලයට එනවිට ඔහු එහි නොවීය. පසුවදා කාර්යාලයට ගිය විට ඇයට දැන ගන්නට ලැබුණේ මේ සබඳතාවට නැවතීමේ තිත තබා ඇති බවලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ තිහගොඩ උපසේන අයියා ලියන්නේ? (නි)
දැන් කාලේ මේ වගේ බබාලත් ඉන්නවද? (නි)
සොබා දමින් අපට ලැබුණු කන් දෙකකින් හුඟක් අසනු එක කටකින් ටිකක් කියනු පනින්න පෙර සිතා බලනු... (නි)
අමාවකට පායන සඳ ලස්සනයිද කියන්න.... (නි)
බොරුවක්ද කොහෙද? (නි)
මේ වගේ දේවල් බලලා අපිටත් පිස්සු වගෙයි. (නි)
නංගි නිසා අක්කා ගොඩ ගියා.. හොයා බලන්නේ නැතිව වැඩ කරනන අයෙක් සමග දීග කන් බැහැනේ.. නංගිට පිං දෙන්න අක්කා..!(නු)
මෙහෙමත් බොරු ...මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ නෑනේ (ස)
අනේ ඇයි මෙහෙම බොරු කියන්නේ (ස)
අනේ බොරුද කොහේද? (නි)
මේක බොරුවක්, නැත්නම් අතිශයෝක්තියක් (ස)
නංගිල පනින රිලවට ඉනි මං තියලා (නු)
විශ්වාස කරන්න අමාරුයි. (ස)
මේක නංගි හිතලම කරපු දෙයක්. (නි)
මේක නම් බොරු කතාවක්. අක්කගේ කොල්ලා ගෙදර එන බව නංගි දන්නේ නැද්ද? (නි)
ප්‍රශ්නයක් නැහැ. ලිපිනය දෙන්නකෝ. අපි අක්කා නගෝ දෙන්නවම ඉතාලියට ගෙන්වමු නාට්‍ය රගදක්වන්න. (නි)
මේකත් හතර බීරි කතාවක්නේ.. ඔහොම බලකොට මේ ගෙදරට ඕනම කෙනෙකුට යන්න පුළුවං කවුරුවත් දන්නේ නැහැනෙ..!(නු)
ලපිනය කිව්වනම් අපිටත් ගිහින් බලන්න තිබුණා ඇත්තද බොරුද කියලා (ස)
මට නම් පේන්නෙ නංගිට අර අයියව සෙට් වෙයි වගේ.තව ටික දවසකින් අරංචි වෙයි නංගි අයියා එක්ක පැනලා ගියා කියලා. (ස)
අපිට කරන්න යමක් තියෙනවද කියන්න. (නි)
මෙහෙම දේවල් බලලා අපිටත් එපා වෙනවා. (නි)
මේකනම් මහම මහා බොරුවක් .(ස)
බොරු කතාවක් අනේ ............අපිටත් පිස්සු හැදෙනවා.. (ස)
ඕක ඇත්තක් වෙන්න පුලුවන්.(නදී)
ඇත්තනේ.... (ස)
නාට්‍යය කෙසේ වෙතත් මේ නංගිට උගන්වන්න ඕනි වටේ පිටාව ගැන අවධානයෙන් ඉන්න මෙහෙම ගියොත් එයා කපෝති වෙන දවසත් වැඩි ඈතක නෙවෙයි (ස)
මුළු නාට්‍යයෙන්ම කියල තියෙන්නේ එක වැකියයි. (ආපු ගමන්ම තේ හදන්න යන්නේ නැනේ ) මාර නාට්‍ය පුහුණුවක්. අනිවරියයෙන්ම ඉරිසියාවට කරපු වැඩක්. (ස)
කියන හැටියට අක්ක විවාහ විය යුතු වයස ඉක්මවා සිටි, පෙම්වතා ලාබාල වියේ සිටි.... අනිත් එක මෙවැනි අමුත්තෙක් එනකොට ගෙදර අනිත් අයවත් දැනුවත් කර තියනවා නේ ද. මේක ඇත්ත කතාවක්ද කියා සැකහිතෙනවා (ස)
විශ්වයම රග මඩලකි. අපි එහි නළුවෝ.
මේක ඇත්ත සිදුවීමක් නෙමෙයි නේද ? (ස)
පොඩ්ඩක් හිතන්න මේ වගේ දෙයකට දාලා යන පුද්ගලයෙක් නොලැබුණ එක කොයිතරම් වාසනාවක්ද?(නු)
ගෑණුන් දන්නේ නැහැ ඔවුන් කතා කරන්නේ මොනවද කියලා. (නි)
ඇයි මෙච්චර බොරු කියන්නේ (ස)
තොප්පිය හරියටම මැච්වෙන්න ඇති එකයි යන්න ඇත්තේ (ස)
බොරු නැත්නම් මරු ... (ස)
අනේ පව් කසාදේ (ස)
හිනා කාලා මැරෙනවා ඒකටනම් (ස)
ඇයි මෙච්චර බොරු කියන්නේ (ස)
සුරංගනා කතා තවත් නොකියනු මැන මට (ස)
හිතාගන්න බෑ නේද ? (ස)
ගෙදරට මනමාලයෙක් එනවා කියලා නංගි දැනගෙන ඉදලා නැහැ කියන්නේ එයාට කියලා නැතිද?(නු)
මනමාලයා නංගිව අරන් ගියා කියලා තිබුණනම් තවත් හොදයි..!(නු)
නංගිට මේ වාක්‍යය කියන්න මේ මනුස්සයා එනකල්ම ඉන්න ඔන උනාද?(නු)
මේක සත්‍ය සිදුවීමක්ද?(නු)