අවුරුදු ගමන් යන විට නිවසේ ආරක්‍ෂාවට විස්කි බෝතලයක් තබා යාමේ අපූරු පුවතක් බදුල්ලෙන් වාර්තා වේ.
නිවසේ හිමියා විදේශ රටක සේවය කරන අතර අලූත් අවුරුද්ද පවුලේ අය සමග ගත කිරීම සඳහා බදුල්ලේ පිහිටි තම නිවෙසට පැමිණ ඇත.
අවුරුදු ගමන් යාම සඳහා බිරිය හා දරුවන් සමග සූදානම් වූ ඔහුට නිවෙසේ ආරක්‍ෂාව ගැනත් සිහිපත් විය.
ප‍්‍රශ්නයක් නෑ මම හොඳ වැඩක් කරන්නම්, ඔහු බිරියට කියා ලීටර් එකහමාරේ විස්කි බෝතලයක් සාලයේ මේසය මත තබා පවුලේ අය සමග නෑ ගමන් ගොස් තිබේ.
පැය 4කට පමණ පසු ආපසු නිවෙසට එනවිට නිවසේ දොර විවෘත කර තිබෙනු දුටු නිවෙස් හිමියා වහාම නිවසට ගොස් බලන විට දක්නට ලැබී ඇත්තේ බීමත්ව කටමැත දොඩවමින් පුටු සෙටියේ ඒ මේ අත පෙරළෙන කොලූ ගැටව් දෙදෙනෙකි.
තව දුරටත් පරීක්‍ෂා කිරීමේදී නිවසේ කුස්සියේ දොරේ දොරගුළු කඩා ඔවුන් නිවෙසට ඇතුළු වී ඇති බව ද හෙළිවී ඇත.
ඔවුන් දෙදෙනා අසල්වැසි නිවෙසක ජීවත්වෙන්නන් බව හඳුනාගත් නිවෙස් හිමියා ඔවුන්ගේ මවුපියන් ගෙන්වා දරුවන් දෙදෙනා බරදී තිබේ.
මවුපියන්ගේ ඇණුම් බැනුම් අස්සේ බීමතින්ම නිවෙස් හිමියාගේ හා හාමිනේගේ දෙපා වැඳ සමාව ඉල්ලූ කොලූ ගැටවුන්ට සමාව දුන් ඔහු පිටරට සිට රැුගෙන ආ අලූත්ම කමිස දෙකක් ද දී මීට පස්සේ සොරකම් කරන්න එපා යැයි අවවාද කර ඔවුන් මුදා හළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පුද්ගලයෙක්.(නදී)
වෙන ප්‍රවෘත්ති නැද්ද ? (ස)
ඒ මනුස්සයා නිසා හොදයි නැත්නම් අව්රුදු වලට හිරේ තමයි ඉන්ඩ වෙන්නේ.(නදී)
ලංකාවේ,ගෙදර කවුරුත් නැති අවස්තාවක විස්කි බෝතලයක් ගෙයින් පිටතට පෙනීමට තබා යාම යනු, හොරුන්ට " ගෙට එන්න ,ඇවිත් ඇදී ගන්න ,ෂොට් එකක් ගන්න " යනුවෙන් කරන නිහඩ ආරාධනාවකි.(ස)
අමතක කරන්නඑපා පොල්ගෙඩි කීපයකටත් උසාවිගිය මිනිස්සු ඉන්නවා . චුදිතයගේ අසරණකම තේරුම් අරගෙන නීතියත් ක්‍රියාත්මක කරලා තමන්ම දඩ මුදල් ගෙවපු විනිසුරු වරුත් ලංකාවේ ඉන්නවා . (නදී)
ගොඩක් හොඳ මනුස්සයෙක්. දියුණුවෙන් දියුණුවට පත් වේවි (නි)
කොලු කම වගේම,තරුණ හිත් තේරුම් ගන්න පුලුවන් මනුස්සයෙක්. එහෙම නොව්නා නම් ශාන්ති කිව්වා වගේ හිරේ තමා ලැගුම් ගන්න වෙන්නේ.(නදී)
මහත්තයෝ මොන බෝතලයක්ද? (නදී)
අර මොකක්ද කළු සහ සුදු කියල තියෙන බෝතලයක් ලු. ආයුබෝන් ඒක හොඳද ඇත්තටම ආ..... (ස)
ගෙදර ආරක්ෂාවට වෙන විකල්පයක් තිබිලම නැද්ද මේගොල්ලොන්ට. ආ..... (ස)
මම ඔතනට ආවනම් ඔය බෝතලය ගෙදර අරන් ගිහින් බොනවා. (ස)