ඇය ගෙවිලියකි. පවුලේ වියදම් පියවා ගත්තේ දැඩි ලෙස වෙහෙස මහන්සි වී හේන් හා කුඹුරු වගා කිරීමෙනි.
නිසි පරිදි වර්ෂාවක් පවා නොමැතිව ඇයට අයත් හේනේ වට්ටක්කා වැල් කීපයක් වගා කළේ දැඩි වෙහෙස මහන්සියක් දරමිනි. ඇයගේ අප්‍රතිහත ධෛර්ය නිසාම වට්ටක්කා වැල් සරුවට වැඩෙන්නට වූ අතර වැල් කීපයක්ම පල දරමින් තිබිණි. වට්ටක්කා ගෙඩි හොඳින් පැසුණු විට වැඩි ආදායමක් ලැබිය හැකි බව අත්දැකීමෙන් දන්නා ඇය වට්ටක්කා ගෙඩි ටික තණකොළ වලින් වසා දැමුවේ නිසි කල එළඹෙන තෙක් ය.
එහෙත් ඇගේ වට්ටක්කා වගාව දෙස ඇස ගසා ගෙන සිටි යාබද ගෙවත්තක පදිංචි කාන්තාවක් වට්ටක්කා ගෙඩි කීපයක් සොරකම් කර රැගෙන ගියේ ගමේ සති පොළට රැගෙන ගොස් අලෙවි කර පහසුවෙන්ම යම් ආදායමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.
වට්ටක්කා වගාවේ තත්ත්වය සොයා බලන්නට හේන් යායට ගිය එහි හිමිකාරියට දැකගන්නට ලැබුණේ සරුවට වැඩී තිබූ වට්ටක්කා ගෙඩි කීපයක්ම කිසිවකු විසින් කඩාගෙන ගොස් ඇති බවකි. අස්වැන්න සොරකම් කිරීමෙන් කුපිත වූ ඇය හතර අතට ඇසෙන සේ දෙස් දෙවොල් තබන්නට වූවාය.
ඇගේ විලාපය අසා සිටි යාබද හේන් යායක තරුණයකුගෙන් ඇයට ලැබුණේ අපූරු උපදෙසකි.
‘‘අක්කෙ කෑගහලා වැඩක් නැහැ. ඔයා ඔය ඉතුරු වෙලා තියන වට්ටක්කා ගෙඩිවල නැටි ටිකත් අරං පොළට යන්න. ගිහිල්ලා අහවලා විකුණන වට්ටක්කා ගෙඩිවලට තියලා බලන්න. හොරා අල්ලා ගන්න පුළුවන්’’ යැයි පවසමින් හොරකමට ප්‍රසිද්ධ ප්‍රදේශයේ කාන්තාවක්ගේ නම කියා සිටියේ පහසුවෙන්ම වට්ටක්කා සොරාගත් අය අල්ලා ගැනීමට ඇයට තවත් උපදෙස් කීපයක් ද ලබා දෙමිනි.
තරුණයා කී පරිදිම වට්ටක්කා ගෙඩි රැගෙන යෑමෙන් පසු ඉතිරි වූ නැටි කීපයද රැගෙන සති පොළට ගිය ඇයට දැකගන්නට ලැබුණේ කිසිදු වගාවක් නොකරන එහෙත් හොරකමට පමණක්ම ප්‍රසිද්ධ තරුණයා කී කාන්තාව වට්ටක්කා ගෙඩි කීපයක්ම සතිපොළේ පැත්තක තබා ගෙන අලෙවි කරන අයුරකි.
වට්ටක්කා හොරකම් කළ කාන්තාව සතුව තිබූ වට්ටක්කා ගෙඩිවල නැට්ටට නැට්ට තැබූ වට්ටක්කා වගාවේ හිමිකාරියට තරුණයා කී කතාව තහවුරු කරගන්නට වැඩි වෙහෙසක් දරන්නට සිදු නොවුණි.
අනුන් දුක් මහන්සියෙන් හදා වඩා ගන්නා භවබෝග හොරකම් නොකර මහන්සියෙන් වගාවක් කර ගන්නැයි උපදෙස් දුන් වට්ටක්කා වගාවේ හිමිකාරිය හොරකමේ ගිය කාන්තාවට අතින් පයින් පමණක් නොව ලුණු ඇඹුල් සහිත වචනයෙන්ද සංග්‍රහ කළේ සති පොළට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරිපිටදීමය.
වට්ටක්කා හොරකම් කළ කාන්තාවගේ යට ගියාව දන්නා තවත් බොහෝ දෙනෙකුද ඇයට දෙස් දෙවොල් තබන්නට වූ අතර වට්ටක්කා වෙළෙඳාම පැත්තක තබා හෙමින් සීරුවේ මාරුවූ ඇය හදිසි අවශ්‍යතාවකටවත් තවමත් නිවසින් පිටතට නොපැමිණෙන බව ගම්මු පවසති.
වියලුව වාර්තාකරු
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නැට්ටට නැට්ට පූට්ටු කර හෙර කත අල්ලාගෙන