IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නිට්ටෑවන් දෙදෙනකු වැටුණු දූරියන් එකතුකරලා

(මීගහතැන්න - ප්‍රේමතිලක පෙරමුණ)
කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රදේශයට ආසන්න පිටිසර ගමක වූ සිද්ධියකි. 


වෙලාව පාන්දර හතරට පමණ ඇත. එක්තරා නිවෙසක ගෙහිමි කාන්තාව සිරිත් පරිදි උදෑසනම අවදි වූයේ පාසල් යන තම දරුවන්ට අවශ්‍ය ආහාර පිසීම සඳහාය. වතුර බාල්දියක් රැගෙන ඒම සඳහා පෙනෙන නොපෙනෙන අඩ අඳුරේ නිවෙසේ මුළුතැන්ගෙයි පිටුපස ඇති ජල කරාමය වෙත ගිය ඇය අසල ගසක් යට චලනය වන යම් ඡායාවක් දුටුවාය. මඳක් විමසිලිමත්ව බැලූවිට විශාල හිස් වැසුම් දෙකක් දාගත් මිනිස් ඡායාවන් දෙකක් ගස වටේ ඔබ මොබ සැරිසරන අයුරු ඇයට පෙනුණි. 


බියට පත්වූ වූ ඇය වහා නිවෙස තුළට දිව ගොස් සිය සැමියා අවදි කර සිද්ධිය සැල කළාය. 


“නිට්ටෑවො ද දන්නෙ නෑ.. බලමු”_යැයි පවසමින් සැමියා වහා ඇඳෙන් බසිමින් පවසද්දී බිරිය තව තවත් බියට පත්වූවාය.


“අනේ යන්න එපා... උන් පහුරු ගහනවා නේද?”_යයි බිරිය පවසද්දී විදුලි පන්දමක් සහ ගෙයි මුල්ලක තිබූ කැත්තක් ද අතට ගත් සැමියා සෙමින් සෙමින් නිවෙස පිටුපසට ගියේය. 


බිරිඳ පවසා ඇත්තේ සත්‍යයකි. විශාල හිස්වැසුම් ලාගත් දෙදෙනෙකි. එක් අයකු බිම වාඩිවී සිටි අතර අනෙකා යමක් අතේ ඇතිව ඔබ මොබ සැරිසරයි. සැමියාගේ පිටුපසින් පැමිණි බිරිඳ ඔහුගේ කනට කොඳුරා “අපි පොලිසියට කෝල් එකක් දෙමු ද?” යැයි යෝජනා කළාය. ඕන දෙයක් වෙද්දෙන් කියා මුමුණමින් බිරිඳට පසුපසට යන ලෙස අතින් සංඥා කර කැත්ත ද තදින් අල්ලාගෙන විදුලි පන්දම ගස යටට එල්ල කළේය.


එවිටම “ආ මල්ලි... උදෙන්ම අවදි වුණා ද?” යැයි ගස යට සිටි අයෙක් විමසීය.


යාබද නිවෙසේ වාසය කරන ඉස්කෝල මහත්තයාගේ කටහඬ ඔවුන්ට අඳුනා ගැනීමට අපහසු නොවීය. එවිටම එහි සිටි ඉස්කෝලේ මහත්තයාගේ පුතා ද තම හිසෙහි රඳවා තිබූ බේසම අතට ගනිමින් “අපි මේ ඊයේ රෑ වැටිලා තිබුණ දූරියන් ගෙඩි ටික එකතු කළා අයියේ”_යැයි පවසද්දී සැමියාත් බිරිඳත් මුහුණට මුහුණ බලා සිනහව වළකා ගත්තේ ආයාසයෙනි.

 



අදහස් (1)

නිට්ටෑවන් දෙදෙනකු වැටුණු දූරියන් එකතුකරලා

saman Wednesday, 03 April 2019 06:49 AM

ගහ කාගේද?

:       0       155

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 454 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 906 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 866 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1156 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9493 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site