සේවිකාවකගේ නැති වූ මාලය හමුවූවත් තිබූ තැන කියන්නට නොහැකිව අසරණ වූ කතාවක් අසන්නට ලැබේ.
එය කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ කාර්යාලයකි. මහජනයා නිතර පැමිණි කාර්යාලයක් නිසාම පිරිමි හා ගැහැණු සේවක සේවිකාවෝ ඉතා සැලකිලිමත් ලෙස ඇඳුම් පැළඳුම් හා ආභරණ පැළඳ සිටියහ.
හදිසියේ ප්‍රධාන ලිපිකාරිණියගේ ලක්‍ෂයක් පමණ වටිනා රන් දම්වැළ අතුරුදන් වීම නිසා ඈ තරමක කනස්සල්ලෙන් එය කාර්යාලය පුරා සොයන්නට විය. අනෙක් සේවක සේවිකාවෝ ද තම රාජකාරිය අතරතුර ද මේ ගැන විපරම් කළහ. කිසිම හෝඩුවාවක් නොතිබිණි.
ගෙදර බැරි වුණාද “අද දමාගෙන” ආ බව හොඳටම මතකද? කීයක් වටිනවාද? ආදි විවිධ ප්‍රශ්න මැද රන් දම්වැළ නැතිවීම නිසා ඇය විවිධ අය සැක කළාය. කාර්යාලයේ සියලු දෙනාගේම එදින එකම මාතෘකාව එයම විය. එදින හැඬූ කඳුළින් ගත කළ ඇය කාර්යාලය අහවර වී නිවෙස වෙත ගියාය. කාමරයට ගොස් ඇඳුම් ගලවනවාත් සමග උඩු කය යට ඇඳුමට හිරවී තිබුණු රන් මාලය බිම වැටුණි.
“කොහේද අනේ මාලෙ තිබුණෙ” පසුදා යෙහෙළියන් හා යාළුවන් අහද්දී ඇය නිහඬ වුණේ කියන්නට බැරි නිසාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අතේ දමන වළලු 5 න් තුනක් නිවසින් අතුරුදහන් වී ගෙදර සියලු අඟලක් පුරාම සෙව්වත් නැහැ. නිවසේ තීන්ත ආලේප කිරීමට කම්පැනියකින් මේ ළඟදී ආ මිනිසුන් ගැන සැකයි. නමුත් අපිට ඔප්පු කිරීමට හැකියාවක් නොමත. හිතට හරිම දුකයි. මම ආසාවෙන් විශේෂ ගමනකට දැමු වළලු 5. මට හරිම දුකයි. (නි)
කිරි අම්මා ආරක්ෂා කරගෙන ම්නිබිරිගේ මාලේ (බ)
කව්රුහරි හොයල දෙන්න ගියානම් තමයි වැඩේ (බ)
තංගල්ලේ බැංකුවේ උකස් කරලා. (බ)
මම හිතුවේ කාගේ හරි නිදන කාමරයක තියෙන්න ඈති කියල. (බ)
කොහොමහරි මාලේ හම්බවුණ එකම මදැයි (නි)
මාලේ වැටුනලු කැටේට. කැටේ ගලවනකොට හම්බ වුනාලු (බ)
තංගල්ලේ බැංකුවේ දාලා (බ)
රන්හුයකට වුවද මඳ... අවසරයක් නොදෙන ලෙද... එකිනෙක ගැටෙන තද... පියයුරන් මැද විසුවෙ කෙලෙසද... (නි)
ඕක කියන්න ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි ? (බ)
නිවසේ ආලේප කළ තීන්ත වර්ගය හා පාට කිව හැකි නම් රුපවතීගේ නැතිවූ වළලු තුන සොයා දිය හැක. (බ)
රූපවතී, අනෙක් අතේ තිබෙනවද කියලා බැලුවද? නැත්නම් මහත්තයා වෙන කාටහරි දුන්නද කියා සොයා බැලුවද? මොකද මහත්වරු විශ්වාස නැහැ. මම නොදන්නවයැ (නි)
නසාර් කිවුවා හරියටම හරි (නි)
මදැයි කරගත් දේ! (නි)
ඔන්න වළලු නැතිවුණාට අහගත්ත දේ. මගෙත් පවුම් තුනක රත්තරං මාලෙයි ඊට ගැළපෙන කරාබු ජෝඩුවයි අතුරුදහන් වෙලා. සේප්පුවේ ගිහින් තියන්නයි අරන් තිබ්බේ. ගේ හැමතැනම හෙව්වා. තවමත් හොයනවා. මම නම් කාවවත් සැක කරන්නේ නැහැ. අමතකවීමකින් කොහේහරි බැරිවන්න ඇති කියලා හිත හදා ගන්නවා. (නි)
හිනාවෙන්න කියාපු විහිළුව! (නි)
එකත් එකටම රූපවතිගේ වළලුත් මෙලහකට හමුවෙලා ඇති. (නි)
හ්ම් කොහේ හරි තිබිල හමුවුණානේ. මම මේ තවමත් කල්පනා කරන්නේ ඒ කොහෙද කියල.(බ)
හෘදය දැනගෙන සිටියා තියන තැන (බ)
මොනා වුනත් ලජ්ජාවට බයට හැදුන වැදගත් කාන්තාවක් (බ)
අයියෝ මෙහෙමත් වැඩ! (නි)
රන් දම්වැලක් තිබිලත් තේරුනේ නැති එකයි පුදුමේ (නි)
පුදුමයි නොදැක්ක එක. දැන් ගොඩක් ගැහැණු අය අඳින්නේ ඔතනින් බාගයක් එළියට පෙන්නගෙනනේ (නි)
ඒක තිබිලා තියන්නේ තංගල්ලේ බැංකුවේ
නියම වැඩේ තමයි ඒකත් (නි)
මෙහෙමත් සිහියක් නැති ගැහැණු! (නි)
ඔතනට වහළයේ ඉඳලා සර්පයෙක්, පත්තෑයෙක් එහෙම වැටුනා නම්? (නි)
වෙන බවලත්තු නම් රන්මාල බඳින්නේ බෙල්ලේ මෙයා මොකොටද ඒක තනපටේ බැන්දේ ? මේ ලිපිකාරිණිය ලක්‍ෂයක් පමණ වටිනා රන් දම්වැළ වැඩට යන්න බඳිනවා නම් මගුල් ගෙදරකට එහෙම යන්න කෝටියක මාලයක් එල්ලන් යනවා ඇති නේද ? අනේ මෙහෙමත් ගැණු (බ)
අපට ලැබුන ආරංචි අනුව ඒක තන්ගල්ල පැත්තෙලු වැටිලා තිබුනේ. වෙන පැත්තකදී ඒක නැති වුනා නම් එයාට ඉතින් මුළු ජීවිතේම අඬ අඬ ඉන්න තිබුන..(බ)
දඹුල්ලට නොදුරු කිඹිස්ස කියන ප්‍රදේශයේ තිබිලා තමයි හම්බ වෙලා තියෙන්නේ (ම)
ඒක තණමල්විල තිබිල හම්බ වුණා අනේ ! (බ)
ඕක කියන්න ලැජ්ජ වෙන්න දෙයක්ද?(හේ)
කන්නාඩි කුට්ටම නළලේ තියාගෙන සොයාගෙන කන්නාඩි කුට්ටම හොයන අපිට් ඕකත් වැඩක්ද? (බ)