තම නිවසේ තිබූ වතුර මෝටරයක් සොරු ගෙන ගොස් ඇතැයි ග‍්‍රාම නිලධාරියාගේ පොතේ සටහනක් දැමීමට ඇය උදේ පාන්දරම ආවේ තම සිවු හැවිරිදි දුවද සමගය.
‘‘වතුර මෝටරේ කිව්වට අංකේ තියෙනවද? සල්ලිවලට ගත්ත කුවිතාන්සිය තියෙනවද? අයිතිය ඔප්පු කරන්න පුළුවන්ද?’’ ග‍්‍රාම නිලධාරි තැනගේ ප‍්‍රශ්නවලට ඈය අන්දුන්කුන්දුන් වූවාය.
‘‘ඒවා ගෙදර ඇති’’ කී ඇය මඳක් කල්පනා කරන විට දුව කීවේ අමුතු කතාවකි.
‘‘ ඕකට බිල් කොයින්ද අම්මෙ, තාත්ත වැඩපලෙන් උස්සගෙන ආව කියල දවසක් කිව්වෙ.’’ ඇගේ කතාවට අම්මාට තරු පෙනිණි.
ග‍්‍රාම නිලධාරියා උපහාසයෙන් සිනාසුන විට ඇය දරුවා ඇදගෙන එතනින් ගියේ මහත් කෝපයකින්ලූ. මේ තොරතුරු අසන්නට ලැබුණේ කළුතර පළාතේ උපනගරයකිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ගේ හොරු (දී)
ඇත්තම කතාවක් වෙන්න ඇති.(නදී)
ළමයි ඉන්න තැන්වල හොර බොරු බැහැ කියන්නේ ඕකට තමයි (නි)
වැඩ පොලෙන් ගෙනාවා කීවට හොරකමට ගෙනෙන්න ඇති කියලා උපකල්පනය කරන්නේ ඇයි? වැඩ පොලෙන් අයින් කරන එකක් වැඩක් ගන්න ගෙනාවොත් වැරදිද ? එහෙම කරන වෙලාවල් තියෙනවා. විසිකරනවා වඩා, යකඩ වලට විකුණනවට වඩා (නි)
දරුවෙග් වයසේ හැටියට ඕක ඔය විදියටම කිව්වද කියලා සැකයිනේ.(නදී)
සහන්,ඒකත් පුදුම දෙයියෝ සාක්කියක් තමා. හිහ්..(අ).
හොරුන්ගෙත් හොරු කඹ හොරු. පොඩි අයට බොරු බෑ... අම්මේ, ඔන්න ඔහේ වෙන එකක් ගමු. (නි)
අල්ලපු ගෙදර ඇන්ටි ගේට්ටුව වහලා ගමනක් ගිහින් ආවේ සවස් කාලයේ ලු.ගේට්ටුව අරින ශබ්දය ඇසිලා පොඩි එකා දුවගෙන,දුවගෙන ගොස් ඇන්ටි බදා ගෙන කිවුවලු ,ඇන්ට් නැති වෙලාවේ අපේ අම්මා පාත්තියේ හිටපු සේරම ගොළු බෙල්ලෝ එකතු කරලා විසි කලේ ඇන්ටිගේ වත්තට කිව්වලු.. (නි)
ඔහොමතමා වෙන්න ඕනේ ,හොරකම් කරනවට.හොරුන්ගෙත් හොරු කම්බා හොරු. (දී)
අනේ පවු, මට මැවිලා පේනවා පොඩි එකී අඬ අඬා යන හැටි අම්මගෙන් ගුටි කාල. (නදී)
කොට කෙතන නඩුවෙදිත් පොඩි වුන් දෙන්නා මේ විදියට පිළිතුරු දුන්නොත්.(නදී)
ගෙන ආවත් ගෙදර හොර බඩු ඔපිසියෙන් පල නැත බුක්ති විදීමට එය රිසිසේඉන් එක්කන් නොගියානම් කෙල්ලව විශේෂයෙන් සායම නොසේදෙනු ඇත මේ විලාසයෙන් (දී)
අද ඇත්ත කතා කරන්නෙය් පොඩි ළමයි විතරයි. (නි)
අපි අවුරුදු උත්සවයකට සල්ලි එකතුකරන්න ගියා. පොඩි එකෙක් ඇවිත් කිව්වා අම්ම කිව්වා ගෙදර කවුරුවත් නැහැ කියන්න කියලා. (නදී)
ඒ කියන්නේ හොරුන්ගෙත් හොරු ඉඳල තියෙනවා. වැඩපොළේ මුරකරයාගේ රක්ෂාව නැති වෙන්න කලින් ආපහු වැඩපලට අරන් ගියාද දන්නේ නැහැ.(නදී)
අනේ මේ හොර වැඩක් නොතේරෙන පොඩි දරුවෝ මෙහෙම ගමන් යද්දී එක්ක ගිය එකනේ වරද. (නි)
වැඩපොලෙන් උස්සාගෙන ආවා මදිවට පුරාජේරුවත් ගෙදරට කියලා. දෙමවුපියෝ දරුවන්ට දෙන ආදර්ශ මෙහෙම නම් රටක් සමාජයක් යහමග යයිද? (නි)