එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක සහයෝගය ඇතිව රට වැස්සියන් දෙදෙනකු ලබාගත් විමලාවතී සතුන් දෙදෙනා බලාකියා ගත්තේ පණ වගේය. වැස්සියන් දෙදෙනාට පැටවුන් ලැබෙන තෙක් ඇයට ඉවසුමක් නොමැති වූයේ පවතින අගහිඟකම්වලට, කිරි විකුණා ලැබෙන ආදායම රුකුලක් වන නිසාය.
නමුත් හදිසියේම, ඊට පෙර සොරකු විසින් වැස්සියන් දෙදෙනා රැගෙන යාමෙන් ඇය පත්වූයේ දැඩි වේදනාවකටය. ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොවූයෙන් ඇය ශාස්ත‍්‍රකරුවකුගේ පිහිට සොයා ගියේ හොරා අල්ලා ගැනීමටය.
සියලූ පූජා සහ ගුරු පඬුරු ලබාදීමෙන් පසු ශාස්ත‍්‍ර කරු පේනයක් බලමින් විස්තර කියන්න පටන් ගත්තේය.
‘‘මේ ඇත්තිගෙ වස්තුව අරගෙන ගිහින් තියෙන්නෙ අසල්වැසි නිවසක පුද්ගලයකුගේද සහය ඇතුවයි....මේ වෙද්දි ඒක කොලයක ඔතල යටලීයක් පල්ලෙ ගහල තිබෙන බවට පෙන්නුම් කෙරෙනව’’ මෙය ඇසීමෙන් විමලාවතීගේ කේන්තිය ඉහවහා ගියේය.
‘‘මනුස්සයෝ...මගේ නැතිවුණේ කේප්ප වැස්සියො දෙන්නෙක් මිසක් මී පැටව් දෙන්නෙක් නෙවෙයි’’ මෙයට අමතරව තමන් ශුද්ධ සිංහල වචන ටිකක්ද කියාගෙන ඇය එතැනින් බැහැර වී ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හරක් හොරකම් කරලා මොකද කරන්නේ (දී)
සමහර ඒවා ඇත්ත ඒවත් තියෙනවා බොරු කරන අයත් ඉන්නවා (දී)
කට්ටියම ළඟදී යමුද චන්දිලගේ ගෙදර මී හරක් ඔලුව බලන්න? (නි)
ගුනවර්දන අයියේ ඔලුව ගැන ලියල අපේ මහත්තය මගේ ඔලුව වහලේ ගහන්න හදනවා. මීට පස්සේ මම කිසි දෙයක් ඔයාලට කියන්නේ නැහැ ඔයාලට හැම දේම විහිළු ඔය ඔළුවට අපේ මහත්තයා හැම කෙම්මුර දවසකටම පහනක් පත්තු කරනවා . සමහර විට මොකක් හරි බලයක් තියන බව මටත් දැනෙනවා. හිටපුගමන් ලා නිල් පාටට එළියක් විහිදෙනවා.(නදී)
මොකක්ද ? චන්දි නංගි, කියන්නකෝ තව විස්තර ටිකක් හරක් ඔලුව ගැන (නි)
ඇත්ත ෆාරුක්, ඒකේ දුක උහුලන කෙනා තමයි ඒක දන්නේ.අපේ චන්දි ඇත්තටම ලංකාවට ගිහින්ද? (ස)
වහලේ එල්ලන්න ඕනේ සාස්තර කාරයව. (නදී)
හරක් දෙන්නෙක් වහලේ එල්ලලා තිබ්බොත් වහලේ කඩන වැටෙයි (දී)
හරි ඉහින් ඒ සාත්තර කාරයා මොනවා කරන්නද , පේනයෙන් දැකපු දේ තමයි කියුවේ (දී)
මිනිස්සු තවමත් මේවා පස්සේ යන්නේ ඇයි? එකකින් දෙකකින් පාඩමක් ඉගෙන නොගෙන? (නදී)
නැති වෙච්ච සතාගේ දුක දන්නේ නැති වෙච්ච මනුස්සයා (දී)
මම කල්පනා කළේ වැස්සියෝ දෙන්නා මස් කරලා හම වහලේ ගහලා තිබ්බාවත්ද කියලයි. (නි)
මේවට නාට්‍යයත් වග කියන්න ඕනේ.බලන්න දැන් ගොඩක් ටෙලි නාට්‍ය වල ඔය දේවල් ගැබ් වෙලා තියනවා.අපේ පැරණි මුතුන් මුත්තන් ඒ දේ හරි හැටි ඉගෙනගෙන ඉතා බලගතු ලෙස ඔවැනි දේ කළා තමා.ඒත් දැන් මෙලෝ දෙයක් නොදැන මනුෂයින් සුරා කා ඔවුන්ගේ බඩ වියත රැක ගන්න කරන කූට ක්‍රමයක් වෙලා. (ස)
ආනේ! ඇත්තද චන්දි අක්කේ. මාර වැඩේ නේද? ඔය මී හරකා කෑගහන්නේ දවල්ටද රෑටද අක්කේ ? මට මෙහෙම බය හිතෙනවා නම් අක්කට කොහොම ඇතිද කියල මට හිතා ගන්න පුළුවන්. (ස)
චන්දි, මි හරක් ඔලුව කියල ඔයාගේ මහත්තයට අපහස කරන්න එපා. (ස)
පිටිගල එහෙම කියන්න එපා ඕව හරියට හරි .මගේ නම් ලොකු විශ්වාසයක් බයක් තියෙනවා .අපේ ගෙදර තියෙනවා මී හරක් ඔලුවක්. ඕකෙන් සමහර දාට මී හරකෙක් කෑගහන සද්දේ ඇහෙනවා. (ස)
අසරණ වුනාම මිනිස්සු පිදුරු ගහෙත් එල්ලෙන්න බලනවා ඒවගේ මිනිස්සුන්ව හුරගෙන කාල බඩ වියත රැකගන්න හදන හොරුන්ගෙන් ආරක්ෂා වෙන්න තරම් අපි බුද්ධිමත් වියයුතුයි. (දිල්)