කටුනායක ටී.කේ.ජී.කපිල
ඇය ගම්පහ ප්‍රධාන පාසලක අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවිකාවකි.
දිනපතා සිය රාජකාරිය සදහා සිය නිවෙසෙහි සිට පාසලට පැමිණියේ ඇය සතු යතුරු පැදියෙනි .
එදින ඇය පාසලට පැමිණෙන විට , පාසල ආරම්භ කිරීමට ආසන්න වී තිබූ බැවින්, ඇය සිය යතුරු පැදිය පාසලේ ප්‍රධාන ගේට්ටුව අසල නවතා, විදුහල්පති කාර්යාලය වෙත දිව ගියේ සිය පැමිණීම සදහා අත්සන යෙදීම සදහාය.
සිය අත්සන යෙදූ ඇය, සිය යතුරු පැදිය පාසල තුළට ගැනීම සදහා ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණි විට ඇය දුටු දසුනින්, ඇයටම උන්හිටිතැන් අමතක විය.
ඒ වනවිටත් ඇයගේ යතුරු පැදිය කිසිවෙකු විසින් රැගෙන ගොස් තිබිණි.
ඇය සුපුරුදු ලෙසින්ම ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය, ඇයගේ රියැදුරු බලපත්‍රය, ඉන්ධන ලබා ගන්නා කිව්.ආර්.කේතය පමණක් නොව එදින සිය යතුරු පැදියේ යතුර ද, එහිම තබා ගොස් තිබුණි.
ඇයට සිය යතුරු පැදිය වෙනුවෙන් කළ හැකි දෙයක් නොවීය. එබැවින් ඇය මේ පිළිබඳව ගම්පහ පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තාය.
කාලය ගෙවී යද්දී සිය යතුරු පැදිය සදහා ඉන්ධන ලබා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ කෙටි පණිවිඩ ඇයගේ ජංගම දුරකථනය වෙත වරින්වර ලැබී තිබූ අතර, ඒවා පිළිබඳව ඇය සොයා බැලීමට ද පියවර ගත්තාය.
මේ අතර පාසල්වල දෙවැනි වාරයේ පළමු අදියර සදහා නිවාඩු ලබා දීමට ආසන්න බැවින්, මෙම පාසලේ 06 ශ්‍රේණියේ සිසුන්ගේ පන්ති කව රැස්වීමක් ඉකුත්දා උදෑසන සංවිධානය කර තිබුණි.
මෙම අනධ්‍යයන සේවිකාව සිය යෙහෙළියක සමගින් මේ අතර පාසලේ ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණියේ සිය රාජකාරී අවශ්‍යතාවක් සඳහායි. ඇය දුටු දෙයින් ඇය පුදුමයට පත් වී සිටියාය.
මීට මාසයකට පමණ පෙර මෙම ස්ථානයේදීම නැතිවු යතුරු පැදිය, යළිත් එම ස්ථානයේම යළිත් නවතා තිබේ.
ඇය වහාම මේ පිළිබඳව පාසලේ ආචාර්ය මණ්ඩලය දැනුවත් කර, පන්ති කව රැස්වීමට මෙම යතුරු පැදියෙන් පැමිණි පියා සමග ගම්පහ පොලිසිය වෙත බාර දීමට පියවර ගත්තාය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නැතිවුණ යතුරු පැදිය මාසෙකට පසු නැතිවූ තැනටම ඇවිත්
ajith Friday, 18 August 2023 04:49 PM
අද සිදුවන බොහෝ වාහන හොරකම් වලට මුල යතුර වාහනයේ තබා තිබීමයි. මේවාට වගකිව යුත්තේ අමන වාහන හිමියන්මයි.