‘‘යහන මත ආදර බස් දොඩවමින් බිරියගේ කර අත ගාමින් සිටි සැමියා බිරියට නින්ද ගිය පසු ඇය පැළැඳි එක් කරාබුවක් සොරා ගැනීමේ සිද්ධියක් පිළියන්දල බටකැත්තර ප‍්‍රදේශයෙන් වාර්තාවේ.’’ සිද්ධිය සැකෙවින් මෙසේය., සැමියා පෙදරේරු වෘත්තියේ යෙදෙන්නෙකි. බිරිය පෞද්ගලික ආයතනයක ආහාර පිසින්නියකි. තමා හම්බ කරනා සේසතම බීමට වැයකරන්නෙකි. ඇතැම් දින වල ගෙදර එන්නේ ද හතර ගාතෙනි. හදිසියේම අසනීප වූ ඔහුට එදින රැකියාවට යාමට නොහැකි විය. සවස් වන විට බීම සිහිපත් විය එහෙත් අතේ සතයක් වත් නැත. හොර මත්පැන් හලෙන් ද ණයට මත්පැන් ඔහුට නොදෙන්නේ ඒ වන විට රුපියල් හාර දහස් ගණනක් ගෙවිමට ඇති හෙයිනි. කළ යුතු එකම දෙය බිරිය රැුකියාව නිමවා ආ පසු මුදලක් ඉල්ලා ගැනීමය. එම උත්සහාය ද නිෂ්ඵල විය. ඔහු දස අතේ කල්පනා කළේය. අපූරු නුවණක් පහළ විය. වෙනදාටවත් වඩා වේලාපහින්ම බිරිය සමඟ එකට ආහාර ගැනීමට ද ඔහු කල්පනා කළේය. එලෙසම නිදා ගැනිමට දෙදෙනාම යහනට ගියේය. මද වේලාවකින් බිරියගේ කර වටක් අත යවා ඇයගේ දකුණු කන ඉතා සියුමැලි ලෙස පිරිමැද්දේය. අධික තෙහෙට්ටුව නිසාම බිරියට මොහොතකදී නින්ද ගියාය. දකුණු කණේ කරාබුව ඔහුගේ අතට පත්විය. කරාබුව රුපියල් පන්දාහකට උගස් කළේය. හොඳට බිව්වේය. බිරිය පසුදා රැකියාවට ගියාය. දකුණු කනේ කරාබුව නැති බව දුටු වේ යෙහෙළියකි. පිළියන්දල පොලිසිය දක්වා මේ සිද්ධිය ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයයි නොනයි දෙන්නම සෙටිවෙලා ‘‘ෂොට් එකක්’’දාගත්තනමි ඉවරයිනේ........