එය කොළඹ සිට මහනුවර බලා ධාවනය වන බස් රථයකි. බස් රථයේ බාගයක් පමණ මගීන්ගෙන් පිරී ඇත. හදිසියේම වගේ අතින් කටින් ගමන්මලූ උසුලාගෙන කොළඹ පන්නයට කලිසන් ඇඳ ගත් කන්තාවක් බස් රථයට ගොඩවූවාය. ඈ පැමිණ සිටියේ තම සිඟිති පුතු සමගය. ඈ බස් රථයට ගොඩවූ පසු මුලූ බස් රථයම විලවුන් සුවඳින් පිරී ගියේය. බස් රථයේ අසුනක හරි බරි ගැසී වාඩිවුණු කාන්තාවගේ කථාව තොර තෝංචියක් නැතුව ඉංග‍්‍රීසියෙනි. ඈ කථා කළේ තම පුතු සමගය. සිඟිති පුතු මවගේ කථාවට උත්තර දෙන්නේ සිංහලෙනි. බස් රථයට ගොඩවුණු වෙළෙන්ඳන් ගෙන එන සියලූ දේවල් පුතු ඉල්ලා සිටී. හොඳ බබා වගේ ඉන්න ”නෝටි” වෙන්න එපා ඇය කීවේ ඉංග‍්‍රීසියෙනි. ”මට බඩ ගිනී” පොඩි පුතු කියයි. ”ඩඩා” නුවර ස්ටේෂන් එකේ අපි එනකං කාර් එකත් තියාගෙන ඉඳී. අපි නුවර ගියාම මොනව හරි කමු” ඈ කීවේ ඉංග‍්‍රීසියෙනි. මේ අතර බැලූම් කාරයෙක් බස් රථයට ගොඩ විය. ”අම්මේ මට බැලූං එකක්නම් ඕනමයි” පොඩි පුතු කියයි. ”මම එක සැරයක් කීවනේ ”නෝටි” වෙන්න එපා මව ඉංග‍්‍රීසියෙන් කියයි. ”බැලූං එකක් අරං දීපිය” පොඩි පුතු තරහින් කියයි. පොඩිපුතුගේ කථාවට බස් රථයේ සිටි සියලූ දෙනාම උපහාසයෙන් ලෙස සිනා සෙති. කම් විල් ගෝ.. ඉන් ඒ ටැක්සි (එන්න අපි කුලී රථයකින් යමු) යයි කී කාන්තාව පොඩි පුතුද අතින්අල්ලා ගෙන බස් රථයෙන් බැස නොපෙනී ගියාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේ (දී)
අයියෝ සල්ලි
ළමයිත් සංස්කෘතියට අනුව හැදුවනම් ඔහොම වෙන්නේ නෑනේ (ස)
ඉංග්‍රීසි කතාකරන්න කව්රුවත් උපතින් දන්නේ නෑ... මේ ළමයාගේ අම්මා ළමයට ඉංග්‍රීසි පුරුදු කරන්න උත්සාහ කරනවා ඇති... ඒකේ කිසිම වැරද්දක් නෑ... තව අවුරුදු කිහිපයකින් ළමයා හොඳට ඉංග්‍රීසි කතා කරාවි... ඔය කොමෙන්ටු දාපු ගොඩාක් අයට ඉංග්‍රීසි බැරිබව තේරෙනවා.... ඔයාලත් අඩුගානේ පන්තියකට ගිහින් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තොත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.... (ස)
අපේ දේ අපිට වටිනවා (දී)
අපේ අය (විශේෂයෙන්ම සිංහල) හිතන්නෙ ඉංග්‍රීසියෙන් කතාකරන එක මහා ලොකු දෙයක් කියල. මට සෞදියෙදි හමු වුණා ඉරිත්‍රියානු ජාතිකයෙක් ඔහුගෙන් ඉංග්‍රීසි බැරිද කියල ඇහුවම මට බැහැ මට පුලුවන් අරාබි පමණයි කියල ඔහු උත්තර දුන්නෙ හරිම අහංකාර විදිහට. ඒ තරමට ඒ අය එයාලගෙ භාෂාව අගය කරනවා. (ස)
ඕක තමයි කියන්නේ සිංහලෙන් ඉපදිලා ඉංග්‍රීසියෙන් මැරෙන්න හදනවා කියාලා (ස)
මොකද්ද ඉතින් මම කියන්නේ හොද වැඩේ කියලා කියුවොත් (දී)
සිංහලයා සිංහල තාලෙට වැඩ කලානම් ඉවරයිනේ (දී)
අපි නිතරම අපේ දේ අගය කරමු (දී)
නියමයි පොඩි කොල්ලෝ. (නි)
සිංහල භාෂාව තමයි උපන් භාෂාව අපේ (දී)
කලු සුද්දියන් නිසා සිදුවන වින්නැහියට මෙය කදිම නිදසුනක්. (නි)
නියම කොල්ලෙක්. (නි)
අපි මේවට කියන්නේ “බොරු සෝබන“ කියලයි. (නි)
ඉතාලි ඉන්න ලංකාවේ අයට ආපහු ලංකාවට ආවහම මේ ලෙඩේ උත්සන්න වෙනවා. (නි)
අයියෝ ඉංග්‍රීසි
විකාර වැඩ
අරන් හදාගත්ත ළමයෙක් වෙන්න බැරිද? (නි)
සාධු.... සාධු.... හොදම වැඩේ . ගොඩ සුද්දට (දී)
අනේ අපොයි කියන්න දෙයක් නැහැ. මොකද මේවා දැන් හැමතැනම වෙනවා. බිත්තර කටු හොයන්න වෙයි වගේ (දී)
අද අපේ රටේ සදාචාරයක් නැතිකමිනුයි මෙහෙම වෙලා තියෙන්නේ. (නි)
මට නම් හිතෙන්නේ ළගදී පොහොසත් වුණු කෙනෙක් කියලයි. (නි)
නියමයි. (නි)
ඉතිං අම්මා දරුවා එක්ක ඉංග්‍රීසියෙන් කතා කළහම මොකද වෙන්නෙ? දරුවට හුරු කරනවා වෙන්න ඇති. නිකන් පොශ් වෙන්න හදන අයට නම් කවුරුත් කැමති නැහැ තමයි. මේවට හිනාවෙන්නෙ මොන වගේ මානසිකත්වයකින්ද කියලා මට හිතාගන්න බැහැ. (නි)
බොරු සෝබන ඇති කොළඹ අයට පාඩමක්... (නි)
සුපිරියි. නියම පුතෙක්. අම්මට හොද වැඩේ. (නි)
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොද පාඩම්... (නි)
සමහරුන්ගෙ කමෙන්ට් වලට හිනත් යනවා. (දී)
මටනම් ඉතින් හිනා යනවා (දී)
හොද වැඩේ.... හොද වැඩේ (දී)
අන්න නියම කතාවක්. අපේ දේ කලානම් ඉවරනේ (දී)
වලිගෙ නහගන්න යනවනේ (දී)
නොදන්නා දේට වඩා අපී දේ වටිනවා නේද (දී)
ළමයාගේ අම්මා වෙන කෙනෙක්ද ? (ස)
‘ඉන්න ටැක්සි‘ නෙමෙයි ‘බයි අ ටැක්සි‘ (ස)
ළමයගේ අම්මා ඉංග්‍රීසි කාන්තාවක් වෙන්න උත්සාහ ගන්නවා වගෙයි මට පේන්නේ (ස)
අයියෝ සල්ලි
උසස් වීමක් (දී)
ඔය හරි බන්ඩාර (ස)
" ඉන් අ ටැක්සි නෙමේ බයි අ ටැක්සි". නේද ??(ස)
ළමයෙකුට බැලුමක් අරන් දෙන්නවත් අකමැති අය ඕනිතරම් ඉන්නවා (ස)
මේ ළමයේ දෙමාපියෝ ගෙදර කතාකරන විදිය වෙන්න ඇති (ස)
ළමයාගේ අනාගතයට දෙයියන්ගේම පිහිටයි. (නි)
මට හිනා යනවා (දී)
අනේ පව් ඉතික් , ඔය වගේ බොරු සෝබන පෙන්වන්න හදන අය අද සමාජයේ කොච්චර ඉන්නවද ? (ස)
අම්මගේ පණ්ඩිතකමට පුතාගෙන් හොඳ පාඩමක් (ස)
පුතාගෙන් අම්මට හොඳ පාඩමක් (ස)
මට මතක් වෙන කොටත් හිනා යනවා දී)
මේ කතාව මීට ඉස්සර මම කියවල තියෙනවා (ස)
විකාර වැඩ (දී)
හිනාත් යනවා, දුකත් හිතෙනවා. (නි)
මේ ළමයා ගෙදර කතාකරන්නේ සිංහල වෙන්න ඇති. (නි)
චන්ද්‍රසිරි, ළමයි ඉල්ලන හැමදේම දියයුතු නැහැ. අඬන අඬන වාරයක් පාසා කිසිදෙයක් අරන් දෙන්නත් හොඳ නැහැ. එතකොට ළමයා දෙමාපියන්ට ඕන විදියට හදාගන්න බැහැ. දෙමාපියන් ළමයට ඕනෑ විදියටයි හැඩගැසෙන්නේ. (නි)
ඒකනේ අපි සුද්ද සිංහලෙන්ම කතා කරන්නේ (ස)
එහෙම වෙන්නේ ඇයි.. අයි ඩොන්ට් නෝ වයි.?(නු)
මේ කතාව මීට අවුරුදු ගණනකට කලින් මම අහලා තියෙනවා.. පුවත්පතකින්ම.(නු)
ඉංග්‍රීසි කතා කරනකොට හිනා වෙන්නේ මෙන්න මේ වගේ මෝඩයෝ.....කවදාවත් සුද්දෙක් හිනාවෙන් නෑ සිංහලයෙක් ඉංග්‍රීසි කතා කරලා වැරදුනාට.....මමත් නියම ගමේ සිංහලයෙක්....ඒත් එදිනෙදා වැඩ කර ගන්න රටේ සමාජෙ වෙනස් වීම දියුණුවත් එක්ක තව භාෂාවන් ඕන වෙනවා... (ස)
අකිල පණ්ඩිත වෙන්න එපා. එකම දේ ප්‍රකාශ කරන්න පුළුවන් ආකාර කිහිපයක්ම භාෂාවක තියෙනවා (ස)
අකිල , රත්න , දන්න දෙයක් කතා කරන්න (ස)
අම්මා ව්‍යක්ත ඉංග්‍රීසි උගැත්තියක් වියහැකි ලෙසම දරුවා ඉංග්‍රීසි දැනුම ඉතා අඩු අයෙක් වියහැකිය. (නි)
හොද උත්සාහයක්. ඔය භාෂාව නැතුව අද අපේ රටේ සුපර් මාර්කට් එකකටවත් යන්න පුලුවන්ද? (නි)
නොදන්නා දේට වඩා දන්නා දේ හොදයි
අම්මගේ අතේ සල්ලි නැතිව ඇති . ඒකයි බැහැල යන්න ඇත්තේ (ස)
විහින් පටි රෝල් කර ගැනීමක්. මේක උද්දච්ච සැමට හොඳ පාඩමක් (ස)
නෝටි නෝනා.... (නි)
නියම වැඩේ (දී)