(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
බෙලි ගෙඩි වෙළෙදාමට අමතරව පුවක් වෙළෙදාම් කිරීමට ගොස් අතේ තිබුණු තට්ටු දෙකත් අහිමි කර ගත් බෙලි වෙළෙන්දකු පිළිබඳ පුවතක් කෑගල්ල නගරයෙන් ඉකුත් 23 වැනිදා වාර්තා විය.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
සිද්ධියට මුහුණ පා ඇති බෙලි වෙළෙන්දා කෑගල්ල මොරොන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කාලයක සිට ගම්මානවලට උදෙන්ම ගොස් බෙලි ගෙඩි කඩාගෙන පොදු ප්‍රවාහනවලින් කෑගල්ල නගරයට ප්‍රවාහනය කර පදික මංතීරුවක බෙලි ගෙඩි හතර පහ බැගින් ගොඩවල් කර එක ගොඩක් රුපියල් 100 ට අලෙවි කරයි. හැන්දෑ වනවිට උපයා ගත් මුදලින් කෑමට වුවමනා අඩුම කුඩුම ගෙන ගෙදර යයි.
ඉකුත් 23 වැනිදා සුපුරුදු පරිදි කෑගල්ල ප්‍රදේශයේ බෙලි ගසකින් බෙලි ගෙඩි 70 ක් 80 ක් පමණ කඩාගෙන දහවල් කාලයේ කෑගල්ල නගරයේ පදික මංතීරුවක අලෙවි කරමින් සිටින අවස්ථාවේ පුවක් උරයක් ගත් පුද්ගලයෙක් බෙලි වෙළෙන්දා අසලට පැමිණියේය. ” මේ උරේ හොඳට ඉදුණු පැහුණු පුවක් ගෙඩි 600 ක් තියෙනවා. මේ පුවක් ගෙඩි 600 ම මම රුපියල් 1700 කට දෙනවා යැයි පැවැසීය. බෙලි වෙළෙන්දා උරය විවෘත කර පුවක් ගෙඩි කිහිපයක් අතට ගෙන බැලුවේය. ” ආ නියම පුවක් ටිකනේ එහා පැත්තේ රබර් කඩේට දීලා මට අමතරව වැඩි මුදලක් නිකම්ම ගන්න පුළුවන් යැයි සිතුවේය. පුවක් ගෙනා පුද්ගලයාට බෙලි අලෙවි කර ගත් මුදලින් රුපියල් 1700 ක් දී පුවක් ටික මිලට ගත්තේය. පුවක් ගෙනා පුද්ගලයා එතැනින් බැහැර ගියායින් පසුව බෙලි වෙළෙන්දා මීටර් 50 ක් පමණ ඈතින් පිහිටි සුළු අපනයන බෝග මිලට ගන්නා වෙළඳසැලකට ගොස් පුවක් ගෙඩි 600 වෙළෙඳසැලට දුන්නේ ප්‍රීතියෙන් ඉපිල යමිනි. වෙළඳසැල් හිමියා පුවක් 600 ලොකු කුඩා ලෙස වෙන් කර ගණන් හදා රුපියල් 1 560 ක මුදලක් බෙලි වෙළෙන්දා අත තැබීය. මුදල් ගණන් කර බැලූ බෙලි වෙළෙන්දා පුවක් මිලට ගත් වෙළෙන්දාගෙන් ගණන් හිලව් පිළිබඳ විමසීමක් කළේය. ” මුදලාලි දැන් පුවක් මිල හොඳටම බැහැලා. මට ගන්න පුළුවන් උපරිම මිලට තමයි ගත්තේ. අකැමැත්තක් තියෙනවා නම් ආපසු මුදල් ටික දෙන්න එතකොට පුවක් ටික දෙන්නම් යැයි පැවසුවාය. බෙලි වෙළෙන්දා පුවක් වලින් රුපියල් 140 ක් පාඩු ලබාගෙන බෙලි අලෙවි කරන තැනට පැමිණ අසල්වැසි පුද්ගලයකුට මේ සම්බන්ධයෙන් කියා තිබුණේ සොයා නොබලා වැඩ කිරීමට ගොස් ඇති වූ පාඩුව ගැන තමන්ටම දොස් පවරමිනි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නොදන්නා වෙළෙඳාමකට ගිහින් අතිනුත් කාලා