IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නිධානයකින් ගත් වස්තුවක්යැයි සිතා කටෙන් වැටුණු දත පොලිසිය අරන්

ජේ.ඒ.එල්. ජයසිංහ
තමන්ගේ මුඛයෙන් ගැලවූ දතක් කුඩා පොලිතින් කොළයක දවටාගෙන එය සාක්කුවේ දමාගෙන මහනුවර නගරයට ව්‍යාපාරික කටයුත්තක් සඳහා පැමිණි ව්‍යාපාරිකයකුට පොලිස් නිලධාරීන්ගේ සෝදිසි කිරීමකදී දැඩි දුෂ්කර තත්ත්වයකට මුහුණදීමට සිදු වූ පුවතක් වාර්තා වේ.


පෙරහර සමයේ මහජනතාව පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ව්‍යාපාරිකයා පරීක්ෂා කරද්දී ඔහුගේ සාක්කුවක තිබූ දත දැක එය නිධානයකින් ගත් වටිනා භාණ්ඩයක් යැයි සැකකොට අසල රාජකාරියේ සිටි උසස් පොලිස් නිලධාරියා වෙත යොමු කර පැයකට අධික කාලයක් ප්‍රශ්න කිරීම්වලට ලක්වීම හේතුවෙන්, ව්‍යාපාරික කටයුත්තක් සඳහා රුපියල් ලක්ෂ පහක මුදල් ද රැගෙන නගරයට පැමිණි ව්‍යාපාරිකයාට සිය ව්‍යාපාරික කටයුතු ද කරගැනීමට නොහැකිව අසරණ තත්ත්වයකට මුහුණදීමට සිදු විය.


දත ගැලවීමට අදාළ වෛද්‍ය වාර්තා ද පොලිස් නිලධාරීන්ට ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් අඩස්සියේ රඳවා තබාගෙන සිටි ව්‍යාපාරිකයා පැයකට අධික කාලයකට පසුව මුදාහැර ඇත.


මෙම සිදුවීම නිසා වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත වූ ඔහුට දැඩි අපහසුතාවකට ද මුහුණදීමට සිදු වී තිබේ.

 



අදහස් (1)

නිධානයකින් ගත් වස්තුවක්යැයි සිතා කටෙන් වැටුණු දත පොලිසිය අරන්

janith Friday, 12 August 2022 10:55 AM

ලංකාවේ පොලීසියේ ඕවා සාමාන්‍ය දේවල්... ආතල් විතරමයි දෙන්නේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 763 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site