දිවුලපිටිය පැත්තේ මැදිවියේ විනෝදකාමියකු පෞද්ගලික කරුණකට ප්‍රධාන නගරයකට ගියේය.
ඔහු ප්‍රධාන නගරයට ගොස් අවශ්‍ය කර්තව්‍ය ද ඉටුකරගෙන ආපසු එනවිට කාන්තාවන් ඇඳුම් මසන ස්ථානයක් නෙත ගැටුණි.
තමාට ද එහි ගොස් කමිසයක් මස්සවා ගැනීමට ඔහුට ආසාවක් ඇතිවිය. ඔහු එම ස්ථානයට ගොඩවැදුණේය. කමිසයක් මසාගැනීමට හැකිදැයි ඔහු විමසීය.
කාන්තා ඇඳුම් පමණක් නොව පිරිමි ඇඳුම් ද මසන බවත් අවශ්‍ය ඕනෑම මෝස්තරයකට මසාදිය හැකි බවත් එහි පාලිකාව කීවාය.
මැදිවියේ විනෝදකාමියා කමිසයට සුදුසු රෙද්දක් තෝරාදුන් අතර කාන්තාව අවශ්‍ය මිනුම් ගැනීමට සූදානම් වූවාය.
කාන්තාව කමිසයේ කොලරයට මිනුම ගනිද්දී ඔහුට විදුලි සැර වැදුණා මෙන් කිති කැවී ගියේය. ඔහුට දහඩිය වැගිරෙන්නට විය.
‘මහත්මයා මොකද ඔයාගෙ ඇඟ වෙව්ළන්නේ. ඔහොම නම් මෙසමන්ට් ගන්න බෑ’ පාලිකාව කීවාය.
ඔය ඇති නෝන. මෙසමන්ට් ගත්තා ඇති. කමිසෙ මහල තියෙන්නෙ ගණන කීයද ඔහු ඇසීය. ‘තුන්දහස් පන්සීයයි’ ඇය කීවාය. ඔහු මුදල ගෙවා යන්නට ගියේය. දෙසතියකින් පැමිණ කමිසය ඉල්ලා සිටියේය. කාන්තාව මසා තිබූ කමිසය ඔහුට දුන්නේය. ඔහුට එය හැඳගත නොහැකිවිය. කමිසෙ හිරයිනේ.
නෝන ඉතින් මම මොකද කරන්නේ. ඔයා මෙසමන්ට් ගන්නකල් හිටියායැ. වෙව්ළන්න ගත්තනෙ. කමිසෙ තියල යන්න. හදලා තියන්නම්. ඇය කීවාය. ඔහු කමිසයක් එහි තබාගියා ගියා මිස ආපසු යළි පැමිණියේ නැතිලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරිවාතේ කියන්නේ මේකට තමයි (නි)
පව් මිනිහට හංකිති තියෙන්න ඇති , සමහරුන්ට ගැහැනු උදවිය අල්ලපුවාම අමුතු කිතියක් එනවා (බ)
අන්න බලන්න කොච්චර හොදට හැදිච්ච කොල්ලෙක්ද? අනේ මන්ද දෙයියංගෙම පිහිටයි ඔහුට. (බ)
ඒ මනුස්සයාට මැලේරියාවද කවුද දන්නේ? (නි)
මැසිමෙන්ට් ගන්න ඉස්සල්ලද ගාණ කිව්වේ එකයි වෙව්ලලා තියෙන්නේ. (ර)
පවු අහිංසකයා! (නි)
පවු අහිංසකයෙක් වෙන්න ඇති (නි)
අපේ පිටබැද්දර ජයා අයියත් කමිසයක් මහන්න දෙන්න යනවා කියල රෙද්දකුත් උස්සන් දීව මේ ලගදි දවසක. (ර)
පව් ඒ මනුස්සයා! (නි)
අප හැමෝගෙම දුර්වලතාවන් ඇත. අපගේ සමහර දුර්වලතාවන් ලොව දනිති, සමහර දුර්වලතාවන් පුද්ගලිකව අප පමණක් දනී. (නි)
බහුතරයක් පිරිමි ගුණයහපත් කමට දේව ධර්මයට අනුව හැදුනු කට්ටිය , පුදුම වෙන්න දෙයක නැහැ මේ කතාව ගැන (කෞ)
තව කී දෙනෙක් කමිස මහන්න යාවිද දන්නේ නෑ....එ්ත්...ගාන ඇහුවමනම් අපටත් විදුලි සැර වැදුණා වගේ..(බ)
සමන්ත,ඇස් දෙක ගිහින් පරීක්ෂා කරගන්න.තුන් වැනියට ඉන්න කෙනා මාතෘකාවෙන් පිටපැනලා ඉන්න එක දැක්කේ නැති එකයි පුදුමේ. ඒ බවලතීට අසවල් පාඨක භවතා සමඟ කුමක් හෝ පටලැවිල්ලක් තිබෙන හැඩයි. (නි)
මෙයා ගැහැණු ළමයෙක් ළඟින්වත් ගිහිල්ලා නැතුව ඇති නේද? (නි)
කමිසයක් නෙවෙයි මහිලාවන් ඉන්න තැන් වලට ඔහොම සිහියක් නැතිව කඩා වදිනවා නම් , හැට්ටයක් තමයි මහලා දෙන්න තිබුණේ (ම)
වික්‍රම, මාතෘකාවෙන් පිටපැනලා කාගේවත් පිට කසන්න යන්න එපා. (නි)
මොකද අප්පේ වෙව්ලන්නේ. මම හිතන්නේ ලෙඩෙක්. (නි)
ඒ පාඨක මහතාගේ නම ඇහුනත් තරහින් වෙව්ලන පාඨක බවලතුන් පිරිසකුත් ඉන්නවානේ. ඒ මොකද මන්දා (නි)
තුන්දහස් පන්සීයක්? (නි)
මිල අහපු ගමන් මටනම් ටිකක් වෙව්ලන්න පටන්ගත්තා...මේ කාලේ කමිසේ මහනවාට වඩා සාප්පුවෙන් ගන්නේ එක ගොඩක් හොඳි නේද..(හේ)
අයියෝ මහත්තයෝ ලැජ්ජාවටද?(හේ)
ඇති ඔයින් ගියා. (හේ)
කවුද මෙලනි ඒ පරසිදු පාඨක මහතා?(කෞ)
එයට මොකක් හරි අසනීපයක් ඇති (කෞ)
අප්පච්චියේ! කාන්තාවන් ළඟ වෙව්ලන මධ්‍යම වියේ තැනැත්තෙක් නම් අපේ පරසිදු පාඨක මහතා නෙමෙයි නේද වැරදිලාවත්? (නි)
වෙන මොකක්හරි අසනීපයක් හදිසියේ හැදෙන්න ඇති ඔහොම වෙව්ලන්න. (නි)