විවාහක තරුණ සැමියෙකි. සේවය පැරණි අගනුවර සමාගමකය. තරුණ බිරිය ද රජයේ රැුකියාවක් කරන්නියකි. විවාහ වූයේ මීට මාස කිහිපයකට ඉහතදීය. දිනක් සැමියාගේ පොඩි විහිළුවකට බිරිඳට දුක හිතුණි. කිසිදා අමනාප වී නොමැති ඇය ඔහු සමග කථා නොකර ආහාර පිළියෙළ කර උදෙන්ම රැකියාවට පිටත් වූවාය.
සැමියා දිවා ආහාරයද ඔතාගෙන යතුරුපැදියෙන් තම සේවා ස්ථානයට පැමිණියේය. බිරිඳ අමනාප වූ බව මිතුරන්ට පැවැසූ විට ඔවුන් උපදෙස් දුන්නේ ”ගෙදර යද්දී අරක්කු බෝතලයක් අරන් ගිහින්, වයිෆ්ට පේන්න උගුරක් බීපන්. එතකොට එයා බෝතලේ උදුරාගෙන උඹත් එක්ක කතා කරයි” යනුවෙනි.
”ඒ වුණාට මචන් මම බොන්නේ නැහැනේ” ඔහු පැවැසූවිට ”උඹ අරන් පලයන්. යාළුවුණාට පස්සේ අපිට බෝතලේ ගෙනත් දීපන්” මිතුරෝ පැවැසූහ.
සැමියා සවස් වරුවේ මත්පැන් බෝතලයක් ද රැුගෙන නිවෙසට පැමිණියේය. රූපවාහිනිය නරඹමින් සිටි බිරිය ඔහු දැක බුම්මා ගත්තාය. ඔහු ඇඟපත සෝදාගෙන මත්පැන් බෝතලය සහ වීදුරුවක් බිරිඳට පෙනෙන මානයේ තබා බෝතලයේ මූඩිය විවර කළේය. මෙය දුටු බිරිඳ විස්මයට පත්වූවාය. ඇය වහාම බෝතලය උදුරාගෙන කටේ තබාගෙන එක හුස්මට පානය කරන්නට වූවාය. සැමියා බෝතලය උදුරාගන්නා විට බිරිඳට බෝතල් කාලක් පමණ මත්පැන් පෙවී තිබිණි. ඇය ඔක්කාරය කරන්නටත් වෙරිවී නන් දොඩවන්නටත් වූවාය.
වහාම සැමියා දෙහි බෑයක් ගෙන බිරිඳගේ හිසේ අතුල්ලන්නට විය. එළිවෙනතුරු බිරිඳගේ හිස අතගාමින් දෙහි අතුල්ලමින් සිටීමට සැමියාට සිදුවිය. එලිවෙද්දී බිරිඳගේ අමනාපය දුරුවී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් මේකම වුණා (නි)
ජෙහාන්, ඉතින් ඊටපස්සේ මොකද වුණේ කියලා නේද බලාගෙන ඉන්නේ? දන්නවද ඊටපස්සේ අර බිරිය හැමදාම බලාඉන්න ඇති කටගැස්මකුත් හදාගෙන පොඩි කුප්පියක් ගේනතුරු. (නි)
නියම කෙල්ලෙක්. මටත් ඒ වගේ කෙල්ලෙක් බැඳගන්න වාසනාව ලැබුන නිසා මං දන්නවා මේ වගේ කෙල්ලෙකුගේ වටිනාකම. පිස්සු කෙල්ලන්ගේ හිත හොඳයි,මීයෝ වගේ ඉන්න අයට වැඩිය. කේන්ති ගියාම පුපුර පුපුරා ඉඳලා ගෙදර ගිය ගමන් කොලර් එකෙන්ම අල්ලා ගත්තත්, දුකේදී කරදරේදී ළගටම වෙලා ඉන්න මේ වගේ පිස්සු වයිෆ් කෙනෙක් ලැබෙන්න නම් ඉතින් පින් කරන්න ඕනෑ මේ අපි වගේ. නැද්ද හා!!! (නි)
මගේ නෝනා බැන්දේ අවුරුදු 10ක් යාලුවෙලා. මුලින්ම දැක්කේ දහම් පාසලේදී. ළමා සාරියක් ඇඳලා මල් වට්ටියක් අරන් ඉන්නකොට. දැන් අපේ හිසකෙස් සුදුවේගෙන එන කාලේ. ඒත් මම අදටත් එයාට ගරු කරන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි. මගේ අවිවාහක ලොකු අක්කාගේ කෙනෙහිලිකම් අපි යාලුවුණ අවුරුදු 15 දී ඉඳලා වයස 35 වෙන අද වෙනතුරු ඉවසන එකට. (නි)
ඔය මතට තිත කියන්නේ ඕකනේ.(හේ)
මෙතන ඉන්න අයටත් බෝතලයක් කිවුවොත් ඉතින් පුදුම ආසාවකින් අදහස් දාන්නේ. මොනවා වුණත් හොඳ දෙන්නෙක්. (නි)
සුබාෂ් වික්‍රමසිංහ -ඩුබායි,සහතික ඇත්ත (නි)
මීටපස්සේ බෝතලයක් අරගෙන ගෙදර යන්න එපා. කාලක් විතරක් අරගෙන යන්න. එතකොට දෙන්නටම වෙරි වෙන්නේ නැහැ....... (නි)
ලලිත් ඔයා දෙපැත්ත සමබර කරගෙන ඉදිරියටම යන්න. ඔබට ජය! මේ වගේ දෙයක් ඇහුවත් සතුටුයි (නි)
මේ දාලා තියෙන අදහස් දැකලා මම හොඳටම හිනාවුණා (නි)
ලස්සන කථාවක් (ම)
බැඳපු අලුත විතරක් නෙමෙයි ජීවත්වෙන තුරා සැමියාට අවංකව සැළකිල්ල ආදරය පෙන්වන්න ඕනෑ. මගේ මිතුරෙකුගේ නෝනා පුතා ඉපදුන දවසේ ඉඳලා ළමයා ගැන මිසක් සැමියා ගැන සැළකිල්ලක් නැහැ.කෑම උයලා බෙදල දෙන්නේවත් නැහැ.සැමියා ආදරයෙන් අත අල්ලාගන්න ආවත් ළමයාගේ වැඩ කියමින් මඟහරිනවා.හොඳම වැඩේ තියෙන්නේ ඒ අවුරුදු 12 පිරිමි ළමයව රෑට අඹු සැමියන් මැදින් නෝනා නිදිකරවා ගන්නවා.පාසල් යන වෙලාවේ ඇරෙන්න එයාට පුතාව එක මොහොතක්වත් තනි කරන්න බැරිලු. ඔයාලාට හිතාගන්න පුළුවන්නේ ඒ සැමියාගේ මානසික තත්වය. (නි)
නෝනලා සන්තෝෂ කරන එකත් ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ඉතින් සැමියා එක්ක තරහ ගන්නේ බහුතරයක් නෝනලා බොරුවට ආදරේ හංගාගෙන. අපේ එක්කෙනා ඔය වැඩේ ඉඳහිට කරනවා. බබාලා ටිකක් එහා මෙහා වෙනකන් ඉඳලා හාද්දක් එහෙම දුන්නාම ඔක්කොම අමතකයි. (නි)
අපේ නෝනා නම් අපිට දුව ලැබුනාට පස්සේ පොඩි ෂොට් එකක්වත් ගන්න එක නතර කළ නිසා මට වඳින්නේ නැති ටික විතරයි. දැන් පුදුම ආදරයක් තියෙන්නේ. (නි)
මම හැමදාම හිතුවේ කොළඹ තරුණියන් සංකරයි, ඒ නිසා මම විවාහ වෙන්නේ කවදාහරි ගමෙන් තමයි කියලා. වැඩිය එළි පහළියට නොබැහැපු රැකියාවක් නොකරන කෙනෙක් හොඳයි කියලා හිතුවේ රැකියාවක් කරන කොළඹ නෝනා කෙනෙක් යාලුවෙලා බැඳගත් මගේ මාමාගේ පුතාව නිකම්ම ගෙදර එහෙයියා වුණ නිසා. ඒත් ඉතින් මට යෝජනාවකින් ලැබුනේ කොළඹ ජනප්‍රිය බාලිකාවක ඉගෙනගත් උසස් අධ්‍යාපනය ලබපු රැකියාවක නියුතු කෙනෙක්. බැඳගත්තේ මම බොහොම ගරුකරන මගේ අක්කාගේ වදේට. ඒත් බැඳපු දවසේ ඉඳලම තමයි තේරුනේ මම හිතපු හැටි කොයිතරම් වැරදිද කියා. එයා ඉතාම නිහතමානී කෙනෙක්. මට වැඩිය තුන් ගුණයක පඩියක් ගන්න ගමන් අදටත් සිංහල අවුරුද්දට මට දණගහලා වඳිනවා.රැකියාවේ කොතරම් වැඩ තිබුනත් මගේ දරුවන්ගේ කෑම ටික හදන එක ,ගෙදර වැඩ, නෑදෑයන්ට සළකන එක අඩුවක් නැතුව සතුටින් කරනවා. මම ජිවිතේ අකමැත්තෙන්ම ගත් තීරණය කොච්චර නිවැරදිද කියලා මට හොඳින්ම දැන් දැනෙනවා. (නි)
බිරිඳ හොඳ වුණොත් සැමියාට කවදාවත් සසර කළකිරෙන්නේ නැතිලු. මම හිතන්නේ මටත් වෙලා තියන්නේ එ්කම තමයි. බොරුවට තරහවෙන එක, කාන්තා ලාලිත්‍යය... මේවා නිසා ඉතින් ජීවිතේ විඳින්න පුළුවන් තාම යාළුවෙලා ඉන්න කාලේ වගේ. (නි)
ආරියසේන, සොයුර ඔබ හොද ස්වාමියෙක් වගේම හොද සැමියෙක් බුද්ධිමත්ව යමක් දෙස බල ඇති වග පිලිබිබුවෙනවා ඔබේ අදහස් කියෙව්වම. ඔබ හොද පුරවැසියෙක්. ඔබට ජය.! (ර)
කොච්චර රණ්ඩු වුනත් අන්තිමේ තමන්ගේ අතේ සල්ලි නැති වුන, ලෙඩ වුන අමාරුවේ වැටුන දවසට ළඟ ඉන්නේ නෝනා විතරයි. ළමයින් පවා කසාද බැඳලා ඈත් වෙනවා. ඒ නිසා ජීවිත කාලයේම පවත්වාගෙන යන්න ඕන බැඳීමක් , කාර්යාලයේ , මගතොට නැති නම් උත්සවයකදී හමුවුන ලාභ රත්තරන් කෑලි නිසා නැති කර ගන්න නරකයි. (ර)
සුබාෂ් වික්‍රමසිංහ ගොන් කතා කියන්න එපා (බ)
ඌරගෙ මාලු ඌරගෙම ඇගේ තියලා කපනවා වගේ වැඩක්.ඒත් ඒකෙත් පොඩි ගතියක් තියෙනවා.හරිම ප්‍රායෝගික බිරිදක් අවංකවම (ම)
වාසනාවන්ත සැමියෙක්. එත් අනේ අපිට කොයින්ද බූල් බල්ලෝ ... (ර)
අයියෝ හොඳම තැනින් නේ මේ කතාව නවත්තලා තියෙන්නේ. අමනාපය දුරු වුනාට පසුව සිදු වුන දේත් දැන ගන්න තිබුන නම් කොච්චර හොඳයිද ? (නදී)
බොහොම ආදරයෙන් ඉන්න ජෝඩුවක් වගේ. අනේ වාසනාවන් !(නදී)
අරක්කු වලින් පවුල් කඩෙනවා. (ර)
අපරාදේ බදින්න ඉක්මන් උනා වැඩිද මන්දා මම. ඔන්න බදිනවානම් කාන්තාවෝ... (ර)
ලස්සනයි අනේ... (ර)
අන්න කෙල්ලෝ..(නදී)
කොහොම හරි වැඩේ කෙරුනානේ (ම)
දෙන්නගේ ලංවීම හරිම හොඳයි. හැබැයි ඔය වගේ ප්‍රශ්නවලට අරක්කු සම්බන්ද කර ගැනීම මුලාවක්. ඕවා ජරාව ඇත්තටම අපේ සමාජයේ පවුල් තුල දුරස්ත භාවය එන්න එන්න වැඩියි. විවාහ වුන අලුත වගේ ඇයි අපට හැමදාම සතුටින් ඉන්න බැරි ? ඇත්තටම හැමදාම ලංවෙලා සියලු ප්‍රශ්න නිරාකරණය කරගෙන ජීවත් වෙන්න පුලුවන්. අලුත බැන්දම වගේ නෙවෙයි සමහරු කල්යත් යත්ම දුරස් වෙනවා. සිප ගැනීම් තුරුලුවෙලා සිටීම, ආදරයෙන් කතා කිරීම හරිම වැදගත්. ඒකට සමහරු දරුවෙක් එහෙම හම්බ උනාම ලඟටවත් එන්න දෙන්නේ නැහැ. ස්වාමියා ඉස්සරහ කාමරයට තල්ලු කරනවා. එහෙම නොමේ විය යුත්තේ. දරුවන් ලොකු මහත් උනාම එයාල වෙන් කරන්න වෙනත් කාමරයකට. දෙන්නගේ සහයෝගය හරිම වැදගත්. ස්වාමියා /බිරිඳ හොඳින් පිළිගන්න. තියන දෙය අගය කරන්න. ලද දෙයින් සතුටුවී ජරා වැඩ පවුලෙන් ඈත්කර තබන්න. මත් වතුර වැනි දේවල් දරුවන් ඉස්සරහා ගන්න එපා. සැබෑ දෙමව්පියන් මෙන් හැසිරෙන්න. (නදී)
කාලෙකට පස්සේ නියම දෙයියෝ සාක්කියක් කියවන්න ලැබුනා අද. (ර)
රසවත් කතාවක්. අපිත් බැඳපු අලුත තිබුන පුංචි පුංචි අමනාපකම් සහ ඒවා බත් හැලිය ඉදුණ තෙක් පමණක් තබා ගෙන එයා මාව යාලු කර ගත් හැටි මතක් වෙනවා. (නදී)
හරිම ගොඩේ මනුස්සයෙක්. අද කලේ පොඩි ෂොට් එකක් ගන්නේ නැතුව කොහොමද මේ අලුත් සමාජයේ ජීවත් වෙන්නේ. හරි පුදුමයි. (ර)
දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ. (ර)
වාසනාවන්ත බිරිඳක්. බිලා හම්බ කරන ටික නාස්ති කලාම අතේ සල්ලි නැති වුනාම කොහොමත් ඉතින් මහත්තයාව ගොඩේ විදියට තමයි බවලතුන්ට පේන්නේ. (ර)
එකනේ යාළුවො කියපු එක හරිනේ.... දෙන්න සෙට් වුනානේ වෙනසකට තිබුනේ බීපු කෙනා මාරු වුන එක විතරයි.(හේ)
ඒ මනුස්සයා ගොඩක් පිං කරලා තියෙනවා. මම එහෙම ගෙනාවනම්, අපේ උන්දෑ වහ එකකුත් ගෙනත් ලඟින් තියයි මාරුවෙන්න. (ර)
මම කාට කරපු හොඳක්ද මන්ද මගේ බිරිද මට ගොඩක් ආදරේ.(ම)
යාලුවෝ බලන් ඉන්න ඇති නේද බෝතලේ ගේනකන්.හොද වැඩේ වුනේ.(හේ)
යන්න, යන්න, යන්න (නදී)