කරන්දෙණිය එම්. සුසිල් ප්රියන්ත
නෝනා සතුටු කරන්න ලොකු හෝටලයක කෑමට ගොස් එහි දර්ශන මුහුණු පොතට දැමීමෙන් ගත්ත පරණ ණයක් ප්රසිද්ධියට පත්ව අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි.

සිය බිරිඳ ලොකු හෝටලයකට කෑමට රැගෙන ගියේ ලොකු අදහසක් සිතේ තියාගෙනය. නෝනා දරුවන් සමග ලොකු හෝටලයකින් කෑම කෑමට දැක්වූයේ නොතිත් ආශාවකි. දැඩි කැමත්තකි. ඇය සතුටු වන්නේ නම් ඔහුගේ කල්ල මරේය.
පස්වනක් ප්රිතියෙන් පිනා ගිය නෝනා හෝටලයේ කෑම කන අයුරු මුහුණු පොතට එකින් එක දැම්මේ ඇයගේ සනුහරේ අයට හා මිතුරු මිතුරියන්ට පේන්නත් එක්කය. උජාරුවටය. කතා නායකයාත් ඔන්න ඔහේ වගේ වගක් නැතිව බලාගෙන සිටියේ නෝනාගේ සතුටෙන් උපරිම ප්රයෝජන ගැනීමටය.
මේ දර්ශන පෙළ මුහුණු පොතට දැමීමත් සමග ඔවුනගේ සමීපතමයෝ ඒ හා සම්බන්ධ වෙමින් විවිධ විවිධ දේ ඊට එක් කළහ. එයින් ද නෝනා ලැබූවේ ලොකු සතුටකි.
මේ අතරේ ඔහුගේ මිතුරෙක් හොඳට කෑවට බිව්වට කමක් නෑ අර මට එන්න තියෙන මුදල් ටික ගෙව්වානම් කියමින් මුහුණු පොතට දැම්මේය. ඒ විතරක්ම නොවේ ගත්ත ණය මුදල හා කාලයද එහි සඳහන් කර තිබුණේය.
මෙය දුටු නෝනාට දවල් තරු පෙනුණි. මේ දේ ඒ අවස්ථාවේ මුහුණු පොතේ සිටි අය දකිනු ඇතයි සිතූ නෝනා හරි හැටි කෑමත් නොකා දරුවනුත් රැගෙන හෝටලයෙන් පිටවූයේ ඔහුට දෙහි කප කපා ඔහු තනිකරමින්ලු.
2025 දෙසැම්බර් මස 04
763
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
573
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නෝනා සතුටු කරන්න ගිහින් ණයකාරයෙක් පස්සෙන් පන්නලා