හදිසි අවශ්‍යතාවකට මුදල් ලබාගැනීම සඳහා කුලී රථයකින් බැංකුවකට ගිය කාන්තාවක් රියැදුරු අමතා කුලී මුදල් රැගෙන එනතුරු රැුඳී සිටින්නැයි කියද්දි ඒ අසල සිටි යාචකයකු ඉදිරිපත් වී බැංකුවෙන් ගන්නා තෙක් ණය මුදලක් දීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
ජනාකීර්ණ නගරයක පිහිටි බැංකුවක් වෙත කුලී මෝටර් රථයකින් කාන්තාවක් පැමිණ ඇත. කුලී රථ රියැදුරා ඉල්ලූ මුදල දීමට තරම් මුදලක් ඇය අත නොතිබූ නිසා මොහොතක් බැංකුව ළඟ රථය ගාල්කරගෙන සිටින්නැයි කියා තිබේ. ඒ අනුව රියැදුරු රථය පාරේ අයිනකට ගනිද්දී ඒ අසල සිටි යාචකයෙක් කතා කර ”නෝනා කීයද ඉල්ලන්නේ මෙන්න තුන්සීයක් තියෙනවා.
ඒක දීලා එයා යවන්න. නෝනා මට බැංකුවට ගිහින් ඇවිත් දෙන්න කමක් නෑ” කියා ඇත. යාචකයාගේ පිහිටෙන් කුලී රථ රියැදුරා පිටත්කර පසුව බැංකුවට ගොස් මුදල් ලබාගෙන කළ උදව්වට වැඩිපුර ගානකුත් දීමට කාන්තාව උත්සාහ කර ඇතත්, යාචකයා එය බාරගෙන නැත.
”ඔයා අහිංසකයෙක් වුණත් මට ලොකු උදව්වක් කළා. තියන කෙනෙක්වත් මේ වගේ උදව්වක් කරන්නේ නෑ. මං ළඟ තිබුණු රුපියල් දාහේ නෝට්ටුව කවුරුවත් මාරු කරලා දුන්නෙත් නෑ. ලොකු උදව්වක් කළේ. තව ටික වේලාවක් කුලී රථය නතර කරගෙන සිටියා නම් මට තව ගානක් ගෙවන්නත් වෙනවා” කියා කාන්තාව යාචකයාට නොසෑහෙන්න ස්තුති කර පිටව ගොස් ඇත්තේ මේ සමාජයේ ඉන්න යහපත් මිනිස්සු මේ තත්ත්වයට වැටුණේ කොහොම දැයි සිතාගන්න බැරිවලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සමාජයේ නියම තත්වය මේකෙන් පෙන්නුම් කෙරෙනවා. හොඳ ගතිගුණ තිබෙන මිනිස්සු හිඟන්නන් වෙනකොට නරක ක්‍රම වලින් මුදල් උපයන නරක ගතිගුණ තිබෙන මිනිස්සු පොහොසතුන් වෙනවා. (නි)
සතුටුයි යහපත් මිනිසුන් තවමත් අප අතර ඉන්නවා කියලා අහන්න ලැබීමත්. දිළින්ඳෙක් වෙලා යාචකයෙක් වුණත් හදවතින් මේ මනුස්සයා ඉතාම පොහොසත් මනුස්සයෙක් (නි)
අද මොනයම් හේතුවක් නිසා ඔබ හිඟමනට පත්වුණත් ඔබේ මනුස්සකම ඉතා ධනවත්. අනික ඔබගේ උදව් ලද එම කාරුණික මහත්මියත් වචනයේ පරිසමාප්තියෙන්ම කාරුණික මහත්මියක්. මන්දයත් අද සමාජයේ ඇති හැකි කියාගන්නා සමහර උද්දච්ච උදවිය ඔබ වැනි මිනිසුන් කෙරේ පිළිකුලෙන් බලන නිසා (නි)
මේ කරුණාවන්ත මනුස්සයාගේ අවංක කමම තමයි සමහර විට ඔහු මේ තත්වයට පත් කලේ .. නමුත් වංකව ධනවත් වීමට වඩා අවංකව දිළිඳු වීම උතුම් දෙයක් කියල හිතෙනවා මේක අද ලංකාවේ තත්ත්වය (හේ)
වෙලා තියෙන්නේ මේකයි .එයා ඔය දේවල් කරන්න ගිහින් තමයි ඔය තත්වයට පත්වෙලා ඉන්නේ. අදටත් ඒ මනුස්සය ධනවතෙක්. හැබැයි අද ධනවතෙක්වත් නොකරන දෙයක් තමයි එයා කරලා තියෙන්නේ. කිසිම හෙවිමක් බැලීමක් නොකර තමයි කවදත් උදව් කරලා තියෙන්නේ . මොකද අද රටේ කවුද ඉන්නේ විස්වාස කරන්න පුළුවන් අය. (ර) .
අද ලංකාවේ හිඟන්නන් ලෙස ඉන්නා අය, ලංකාවේ මධ්‍යම පන්තියේ කෙනෙකුට වඩා ආදායමක් සොයනවා (නි)
කුලී රථය තමන්ගේ උවමනාවට නැවත ගන්න පුළුවන්. එහෙම නවතාගත්තා නම් ඔය කතාව දුරදිග යන්නේ නැත. (නි)
පෙර පවකටදෝ යාචකයෙක් වුවත් ඔහු කොතරම් පින්වතෙක්ද? (නි)
අපේ රටතුල අපරාධ , දුෂණ , මිනීමැරීම් තිබුනත් ඒ අතරට මනුස්ස ගුණධර්ම අඳුනන යහපත් මිනිසුන් කොපමණ ඉන්නවද අපේ රටට ජය. (ර)
ඒ යාචකයා උගත් වැදගත් කෙනෙක්. (නි)
විශාල ප්‍රමාණයක් වූ වංචාකාරී යාචකයන් අතර ඉන්නා වූ අවංක යාචකයෙක් (නි)
යාචකයාට අනිත් අය ගෙන් සල්ලි ඉල්ලා ගන්න පුලුවන්නම්,තමා කළ උපකාරයට නෝනා සතුටින් දුන්න මුදල ගන්න එක වරදක් නොවේ නේද? (බ)
මමනම් දකින්නේ දෙන්නම ගුණ යහපත් මිනිස්සු. (බ)