තම එකම නෑනණ්ඩියට ජම්බු කවන්නට ගොස් තීන්දු වූ මඟුලක් කම්මුතු කර ගත් මනමාලයකු පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු රජයේ රැකියාවක නිරත වූවෙකි. පවුලේ එකම පිරිමි දරුවා වූයෙන් හැදුණේ වැඩුණේ කිසිදු බරක් පතළක් නැතිවය.
නිසි වයස එළැඹීම නිසා ඔහුට විවාහයක් කරදීමට තීන්දු කළ මවුපියන් කටයුත්තක් ගමේ කපු මහතාට බාර කළේ ගැළපෙන තැනකින් තම පුතුට සහකාරියක් සොයා දෙන්නැයි ඉල්ලීමක් ද කරමිනි.
ඒ අනුව යමක් කමක් ඇති පවුලක සිටි එකම ගැහැනු දරුවා තරුණයාට විවාහ කරදීමට එකඟ කරගත් කපු මහතා ඇය බැලීමට යෑම සඳහා දිනයක් තීන්දු කරගත්තේ තරුණියගේ මවුපියන් කළ දැනුම් දීමකට අනුවය.
තරුණයාගේ මව පියා හැරුණ විට කපු මහතාත් තරුණයාගේ ඇවැස්ස නෑනා කෙනකු ඇතුළු තවත් කීප දෙනකුත් ගමනට පිටත් වූවේ කුලියට ගත් වෑන් රථයකින්ය.
තම අනාගත බෑනණ්ඩිය ඇතුළු පවුලේ ඥාති හිතමිත්‍රාදීන් සාදරයෙන් පිළිගත් මනාලියගේ පාර්ශ්වයේ ඇත්තන් ඔවුන්ට තේ පැන් සංග්‍රහයක් පිළිගැන්වූවේ දිවා ආහාරය සූදානම් වන තෙක්ය.
තේ පැන් සංග්‍රහය භුක්ති විඳීමෙන් අනතුරුව පිරිසක් සතුටු සාමීචියේ නිරත වෙද්දී මනමාල තරුණයා ඔහුත් සමග පැමිණි ඔහුගේම නෑනණ්ඩියත් සමග නිවෙස ඉදිරිපස වූ ජම්බු ගසේ ජම්බු කඩමින් උකුළු මුකුළු කරන්නට පටන් ගත්තේ බලන්නට පැමිණි අනාගත සහකාරිය පවා අමතක කරමින්ය.
තම අනාගත සැමියා සීමාව ඉක්මවමින් තමන් ඉදිරියේම මෙලෙස අන් යුවතියක් සමග උකුළු මුකුළු පෑම බලා සිටි යුවතියට පමණක් නොව ඇයගේ මව පියා ඇතුළු සහෝදර සහෝදරියන්ට ද එය නාඩගමක් ලෙස දැනෙන්නට එතරම් වේලාවක් ගත වූවේ නැත.
නිවෙසට පැමිණි තිරිසනකුට වුවද හිත නොරිදෙන අයුරින් සලකන්නට පුරුදු වී සිටි නිවෙසේ ඇත්තෝ ඒ පිළිබඳ කිසිවක් නොදැනෙන්නට හරිමින් ඔවුන්ට අඩුපාඩුවක් නොමැතිව දිවා ආහාරය පිළිගැන්වූ අතර, ඔවුන් යළි දිනක හමුවෙමු යැයි පවසමින් එකිනෙකාගෙන් සමුගන්නා අවස්ථාවේදී මනාලියගේ මව කියා සිටියේ ‘‘මේ විදිහට ගෑනු ළමයි සමග නටන දරුවකුට තම දියණිය විවාහ කරදීමට පවුලේ උදවිය කිසිසේත් කැමැත්තක් නොදක්වන බවකි.
තම දියණියට මීට වඩා සංවර පුතකු සොයා ගැනීම ගැටලුවක් නොවන බව පැවසූ තරුණියගේ පියා ද, පිරිසට සිනා මුහුණකින් සමුදුන්නේ තම දියණිය බලාපොරොත්තුවෙන් යළිත් දිනක මෙහි නාවාට කමක් නැති බව ද අවධාරණය කරමිනි.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නෑනාට ජම්බු කවන්නගිහින් මඟුලත් කම්මුතු කරගෙන
ravi Tuesday, 02 June 2020 11:37 AM
අයිසේ, වහ කෑවත් ජම්බුනම් කන්න එපා.. ! මටත් දික්කසාද වෙන්න වුණේ නෑනට ඔය ජරාව කවන්න ගිහිල්ලනේ..
PradeepTuesday, 02 June 2020 05:20 PM
තමන්ගේ බිරිඳ පැත්තක තියලා නැනලාට ජම්බු කවන්න ගියාම දික්කසාද නොකර ඉඳීවිද ආයිබොවන්... බැන්දට පස්සේ ඉතින් කවන දෙයක් බිරිදටම තමයි.
raviWednesday, 03 June 2020 08:28 AM
ඕක හරි කම්මැලි වැඩක්නේ...