(කරන්දෙණිය - එම්.සුසිල් ප්‍රියන්ත)
මට ගන්න බැරි ගෑස් මේ සිරි ලංකාවේ නැතැයි කටමැත දෙඩවූ ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ගොස් අලිඅකර තැබ්බයකට මෙන්ම සිය නැන්ද මාමා ඉදිරියේ සිය අභිමානයට අවමානයක් වූ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
ඔහුගේ නිවෙසේ ගෑස් එක තිබුණේ ගෑස් නිමාවට පත්වීමේ අවසන් අදියරේය. නිල් දැල්ල වෙනුවට රතු දැල්ල ගෑස් උදුනේ දැල්වෙමිනි. මේ දිනවල වෙළඳපොළේ ගෑස් හිඟ බැවින් මේ සඳහා විකල්ප ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස බිරිය ඉල්ලීම් කළත් එය ඔහු කනකට නොගත්තේය. ඒ තමා මන්ත්‍රී බැවින් තමාට ගෑස් සිලින්ඩරයක් සොයා ගැනීමට පුළුවන් වෙතැයි තිබූ පුහු මාන්නය නිසාය.
කාලෙකට පස්සේ සිය නැන්දා මාමා ඔහුගේ නිවෙසට එන්නේ මේ අතරවාරයේදීය. නිවසේ රතු දැලි මතු කරමින් සිටි ගෑස් උඳුන නිවී යන්නේ ගෑස් සිලින්ඩරයේ ගෑස් නිමාවට පත්වීමත් සමගමය. නැන්ද මාමාට විදුලි කේතලයෙන් තේ වත්කොට දී දිවා අාහාරය සැකසීමට සිය මෝටර් රථයේ හිස් ගෑස් සිලින්ඩරය ඔහු දමා ගෙන ගියේ මට ගන්න බැරි ගෑස් මේ සිරි ලංකාවේ නැතැයි කියමින් වහසි බස්ද දොඩමිනි.
යන යන තැන ඔහුට අසන්නට ලැබුණේ ගෑස් නැති බවය. සිය නගරය පුරා මෙන්ම සිය ප්‍රධාන නගරය දක්වාද රුපියල් දෙතුන් දහසක තෙල් පුච්චාගෙන ගියේ ගෑස් සිලින්ඩරයක් කොහෙන් හෝ මිලදීගෙන නැන්දා මාමා ඉදිරියේ දෙඩූ කටමැත බේරා ගැනීමේ අටියෙනි. එහෙත් පලක් නොවීය. මේ වනවිට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට යන වියදමටත් වඩා වැඩි ගානක් එය සොයා ගැනීමට වාහනයේ තෙල් සඳහා ගොස් තිබුණි.
ගෑස් නොමැතිව හිස් අතින් එන අතරේ ඔහුගේ මෝටර් රථයේ තෙල් ඉවර බව මීටරයේ සටහන්ව තිබූ බැවින් ආසන්නයේ ඉන්ධන පිරවුම් පොළකට අල්ලන්නට සිතූවේ නිවසට යාමට තවක් දුරක් ඇති හෙයිනි. තෙල් පිරවුම් පොළෙත් හෝගාලා පෝලිමය. ඔහුට පෝලිමෙන් පිට පැන ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයෙක් යයි පවසා තෙල් ගසා ගැනීමට ගියහොත් මේ කාලයේ වෙනදේ දන්නා බැවින් විශාල පෝලිමක සිට යාන්තම් ඔහු වාහනයට තෙල්ටික ගසා ගත්තේය.
දිවා කාලයද නිමාවෙමින් තිබූ නිසා කාලයකින් නිවසට පැමිණි නැන්දා මාමා බඩගින්නේ තැබීමට නොහැකි නිසා ඔහු එදා දහවල කඩේකින් කෑම රැගෙන හිස් සිලින්ඩරයත් සමග ගෙට ගොඩවුණේ සිය අඹුදරුවන්ගේ සමච්චලය මැද්දේ සිය සායමද හොඳටම දියකර ගෙනය.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නැන්දා මාමාට ගෑස් පෙන්නන්න ගිය මන්ත්‍රී බෑනාට දවල් තරු පෙනිලා