ලේලිය විසින් නැන්දම්මාගෙන් තමාට එල්ලවූ දෝෂාරෝපණ ලැයිස්තුවක් තම ස්වාමි පුරුෂයාට පෙන්වීමේදී ඔහු අන්දමන්ද වීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ කළුතර ප‍්‍රදේශයෙනි.
තම මවගේ සැර පරුෂ බව නිසාම විවාහයෙන් වැළකී සිටි මේ එකම පුතා අම්මාගේ බලවත් ඉල්ලීමකට අනුව පසුගියදා විවාහයට එකඟ විය.
ඔහුගේ අත ගත් රැකියා විරහිත ගැමි තරුණිය සමග කෙටි උත්සවයකින් පසු ගෙදරට ආවේ සතුටෙනි. පසුව ඔහු කොළඹ පිහිටි තම කාර්යාල සේවයට ගියේ අම්මා මොනවා කීවත් කතාවට නොයන ලෙස උපදෙස් දෙමිනි. ඉවසිය නොහැකි නම් ඒවා එකින් එක කඩදාසියක ලියන ලෙස ද ඔහු කීවේය.
පසුගිය දා දින හතරේ නිවාඩුවට ගෙදර ආ ඔහුට ඇය දුන්නේ නැන්දම්මා තමාට එල්ල කරන ලද චෝදනා ලැයිස්තුවකි. එහි චෝදනා 87 ක් වූයෙන් ඔහු අන්දමන්ද වූ අතර ‘‘ඔය ඉවසන්නම බැරි ඒවා විතරයි’’ ඇය කීවිට ඔහුට දෙවියන් සිහිවුනාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අම්මා නම් මගේ බිරියට එයාගේම දරුවෙකුට වගේ ආදරෙයි (නි)
ගෑනි වෙනුවෙන් වදපු අම්මට පිටුපාන්නත් බැහැ. අම්මා වෙනුවෙන් තමන්ව විශ්වාස කරන් ආපු කෙල්ලට පිටු පාන්නත් බැහැ. ඕකට තමයි කියන්නේ බැන්දම තනියෙන් ජීවත් වෙන්න කියලා.(නදී)
නැන්දම්මාත් කවදා හෝ ගෙදරක ලේලි කෙනෙක් වෙලා හිටිය කෙනෙක්නෙ. (නි)
දියුණු රටවල නම් ඔය දෙගොල්ලා එකට වසන්නේ නැහැ. එහෙත් ලංකාවේ ආර්ථික ප්‍රශ්නය නිසා වෙනම ගෙවල් ගන්නත් බැහැනේ. ඒ නිසා පුතාට වගේම අම්මටත් ගැලපෙන කෙනෙක් සොයගන්නවා නම් හරි (නි)
මම දැක්කා චෝදනා පත්තරේ.. මෙන්න එකක් . මොකද දුවේ තාම නැත්තේ? දැන් බැඳලා කොච්චර කල්ද? උඹලට අනාගතයක් නැද්ද? (මේ චෝදනා වරදක් නැහැ නෝනේ.) (නි)
නෑන්දම්මටයි ලේලිටයි දෙන්නටම මැදිවුන ජීවිතේට අලුත් ලයිට් බිල එකතු වුණහම ආයුශ ඉක්මනට කෙටිකරගත හැකියි. (නි)
ගොඩක් නැන්දම්මට දොස් කියනවා අඩුයි. ලේලිගේ වැරදි තමයි කියන්නේ. එහෙත් අත් දැකීමෙන් මම දන්නවා මගේ නැන්දම්මා හරිම නපුරු කෙනෙක්. මගේ පව්ලේ සතුට නැති කළේ එයයි. මට වගේ දෙයක් කාටවත් වෙන්න එපා. (නි)
ගෑනු කියන්නේ මල්ලියේ නොගැවෙනු. (නදී)
මම ලේලි වෙලා ඉන්න කාලේ නැන්දම්මගෙන් ගොඩක් දේවල් ඉගෙගන ගත්තා. ඉතිරිකිරීම ,අරපිරිමැස්ම ,ගෙදර දොරේ වැඩ. ඒවා අදටත් සිහිපත් වෙනවා .මම දැන් නැන්දම්මා වෙලා ඉන්නකොට මගේ ලේලී පුතත් එක්ක එකතුවෙලා අම්මට තාත්තට සලකනවා කියා කියා ,පුතා හම්බකරන දේ එයාගේ පවුලට වියදම් කරවනවා . හිතන්න මොන නැන්දම්මටද ඉවසන්න පුළුවන් ?(නදී)
කතා කරලා වැඩක් නැහැ, මොන තරන හොදින් ආදරෙන් ඉන්න හැදුවත් නැන්දම්මලා කියන්නේ මහා පුදුම ජාතියක්. අනේ හැමෝම නොවෙන්න පුළුවන්. මම මේ මුළු ලෝකෙටම කියන දේ තමයි තමුන් පුළුවන් උපරිම අවංකව ඉන්න බලන්න. එතකොට කාටවත් තමුන්ට කියන්න දෙයක් නැහැ. ඔය වෙනස්කම් කරන හැමෝම දවසක ඔයාලව හොයාගෙන එයි (නි)
හාන්සි නැන්දේ මාමල හරි ෂෝයි නේ. නැන්දම්මල වගේ නොවෙයි. ඒ උනට මුනුබුරලා මිනිබිරීලා තාමත් ආච්චි අම්මට. මොකද හොරේ. (නදී)
ගෑනු දෙන්නකුට එකට ඉන්න අමාරුයි. හිතන්න අම්මයි දුවයි අතර දීනකට ඇතිවන ගැටුම් ගැන. ඒවා දුරදීග යන්නැහැ මව සහ දුව නිසා . නැන්දම්මයි ලේලීයි කියන්නේ පිටස්තරම ගෑනු දෙන්නෙක්..(ස)
නාලනී නැන්දම්මා, ඹ්ක අතෑරලා දාන්න. බැන්දට පස්සේ පුතා හම්බ කරන දේ ගැන බලා ගන්න එයාගේ ගෑනිට ඉඩ දෙන්න. ගැටළු වල ඇරඹුම තියෙන්නේ මැදිහත් වෙන තැන ඉඳලා. (නදී)
මෝඩයට කම්බායත් රත්තරන්. (නි)
නැන්දම්මා හිතනවානම් මගේ දුව කියලා, ලේලි හිතනවා නම් මගේ අම්මා කියලා ප්‍රශ්ණයක් ඇතිවෙන්නේ නැහැ.(නදී)
නැන්දම්මලාට මොනතරම් හොදින් සැළකුවත් වැඩක් නැහැ. හොයන්නෙම වැරදි. (නි)
හොද නැන්දම්මලත් ලෝකේ ඉන්නවා. ඒකට අපේ නැන්දම්මාඑ? කොච්චර හොද කළත් වැඩක් නැහැ. හොයන්නෙම වැරදි. එයාගේ දුවලා රණ්ඩු වුණ ගමන්ම කියන්නේ දරුවොත් දාලා ගෙදර එන්න කියලා. මට ඉන්නේ පවුල් රකින්න කියලා දෙන නැන්දම්මෙක් නෙමෙයි. විනාශ කරලා දාන්න ආපු කෙනෙක්... (නි)
දෙය්යෝ සාක්කි! නැන්දම්මේ මේ වැඩේ දෙල්. මම යනවා ජීනිවා. පෙත්සමක් ලියාගෙන. වහාම නැන්දම්මා කියන තනතුරට මානව හිමිකම් රැක දෙන්න කියලා. ඇම්.කේ.ආර්.ගෙන් අත්සන් ගන්නත් බෑ.(නදී)
නැන්දම්මටත් නෝනාට දෙන විටමින් සිරප් ටිකක් ඉඳලා හිටලා දෙනවා නම් ඔය ප්‍රශ්න එන්නේ නැහැනෙ. (නි)
ආපෝ ඒ ගැනනම් කතාකරලා වැඩක් නැහැ. මගේ බිරිදත් එහෙමයි. මගේ අම්ම සහ අක්කලා එක්ක ප්‍රශ්න. මගේ එක අක්ක කෙනෙක් තවම අවිවාහකයි. අපේ ගෙදර තියෙනේ නැන්දම්මා , ලේලි සහ නෑනා අතර තුන්කොන් ගැටුමක්. මගේ බිරිද මගේ මව සහ අක්කලා එක්ක නො කතා නො සිනා. මමත් විෆෙගේ අම්ම සහ අක්කල එක්ක නො කතා නො සිනා.(නදී)
ලිස්ට් එක දාන්නකෝ මෙයා... අපිටත් ඉගෙන ගන්න... මොනවද ඔය 87? (නි)
නැන්දම්මලා අම්මලට වැඩිය හොද අයත් ඉන්නවා.මගේ නැන්දම්මා,මට අම්මා වගේ.තරුණ ලේලිලා නැන්දම්මට ආදරේ දක්වන්න ඕනෑ.නිකම්ම මගේ දුවේ කියලා සලකාවි. (නි)
හසිත, මසුරන් වටින කතාව (නි)
අවංක මිනිසුන් ඉක්මනින් විවාහ වෙති. බුද්ධිමත් මිනිසුන් කිසිදා විවාහ නොවෙති. (පරණ ග්‍රීක කියමනක්.) ප. ලි. සරත් මල්ලි ගැන කණගාටුව! (නි)
ඔක්කොම ප්‍රශ්නවලට විසඳුම වලට පිළිතුර අර ග්‍රීක කියමනේ තියෙනවා. (ස)
සියලුම ලේලිලා කවද හෝ නැන්දම්මල වනබව කරුණාවෙන් සලකන්න.(ස)
ඒකනේ කියන්නේ. කසාදයක් බැදපල්ලා, දු-දරුවන් හදපල්ලා, හැබැයි වෙන්ව ඉදිල්ලා. (නි)
නැන්දම්මටත් බලාගෙනම ඉන්න බැරි නම් තියෙන්නේ කසාදයක් කරගන්න එකනේ (නි)
තමන්ගේ දරුවා වෙන කාන්තාවකට ආදාරය කරනවාට ගොඩක් අම්මලා කැමති නෑ. ලේලිය සමගින් හිමින් කථාකරමින් සිටිනවාට,අකමැතියි. මම බඩේ තියාගෙන හැදූ දරුවා දැන් මට ආදරේ නෑ කියා අම්මලා හිතනවා.- සරත් කී දේ හරි.(ස)
ගොඩක් නැන්දම්මලා ඔහොම තමයි. (ස)
නැන්දම්මා ලෙලි අරගලයට බලපාන හේතු කීපයක් මේ සමග සඳහන් කරමි. ගෙදර දොරේ වැඩ, අරපිරිමැස්ම, නොදැනුවත්කම සහ තම තමාගේ දියුණුව පසෙකට තබා, ලේලියගේ පැත්තට බර අදින්න හදන අයට හැම නැන්දම්මා කෙනෙක්ම විරුද්දව නැගිහිටිනවා.(ස)
පුතා මාසයකින් විතර ආවා නම් පොතක් ලියන්න චෝදනා ලියලා තියාවිනේ..(ස)
දෙවියන් සිහිවුනා විතරක් නම් ඇති. (ස)
අනේ දයා, ඔයාට බැරිද නැන්දම්මට සරණක් වෙන්න ? (නි)
එතකොට පුතාගේ නැන්දම්මා මොනවගේ කෙනෙක්ද කියනවනම්, බෑනාගේ රිරිමාන්ස ටිකත් දුව ලව්ව හුරගන කන්න බලගන ඉන්නවා කීවොත් වැරදිද? (ස)
මගේ නැන්දම්මා කියන්නේ අම්මා නැති මට තවත් අම්මා කෙනෙක්. කොහොම උනත් බැඳලා වෙනම ජීවත් වෙනවානම් ගොඩාක් ප්‍රශ්න අඩුයි කියලයි මම හිතන්නේ. (ස)
නැන්දම්මල නොවසනාවන් !(ස)
මගේ නැන්දම්මා නම් ගොඩාක් හොඳයි. නෑනලා දෙන්නා නම් යක්ෂණීයෝ වගේ. (ස)
අනේ නැන්දම්මේ, ඔය පුතාට සහ ලේලිට ඉන්න දීලා පාඩුවේ වැඩක් බලාගන්න. නැත්නම් දවසක පුතා සහ ලේලි දෙන්නම නැතිවෙනවා ඔයාට (නි)
ගොඩක් පුතාලා ගිරයට අහු වුණු පුවකයක් වගෙයි. අම්මා හරි කීවත් හරි නැහැ, නෝනා හරි කීවත් හරි නැහැ. එබැවින් පුතුනේ ගැනුන්ගේ හැටි දැනගෙන බඳිනු සෝදා !! (නි)
බොදු බල සේනාවට කියලා මොනවාහරි විසඳුමක් සොයාගන්න බැරිවෙයිද? මේ නිධන් ගත ප්‍රශ්නය විසඳන්න. (ස)
බැරිද අපටත් ඔය චෝදනා ලැයිස්තුව බලන්න? (ස)
රන්දිකගේ ගෙදර ප්‍රස්නෙත් විසදුවේ බොදු බල සේනාව ඇවිල්ලද ? (ස)
රන්දික, තව මොනවා හරි තියෙනවද විසද ගන්න? තියෙනවා නම් කියන්න, ලජ්ජා වෙන්න එපා... (නි)
ඕක තමයි 'වරදක් කළත් සිතකින් නොවේ..' කියන සින්දුවෙන් කිව්වේ... (නි)
ගොඩක් පුතාලා ගිරයට අහු වුණු පුවකයක් වගෙයි. අම්මා හරි කීවත් හරි නැහැ, නෝනා හරි කීවත් හරි නැහැ. හසිත කියන දේ හරි, බැඳලා වෙනම ඉන්නවා නම් හැමෝම හොඳයි.අපේ අම්මත් දැන්ම කියලා තියෙන්නේ බැඳලා වෙනම හිටපන් පුතේ කියලා. ;) (නි)
රන්දික, ඔයාට බොදුබලය හරහා හෝ කෙසේ හෝ දැන් වෙමින් පවතින බෞද්ධ ප්‍රබෝධය දරාගන්න බැහැ වගේ නේද? (නි)
නෝනා හරියි කිව්වත් වැරදියි. අම්මා හරියි කිව්වත් වැරදියි. එබැවින් මල්ලියේ මෙහෙම ලියන්නම්. හදපන් පැටියෙක් (කොල්ලෙක් ) අද හෙට හනිකට ..... සියලුම දොස් පහවෙලා සතුට ගෙනෙයි ඔය කාටත් හෙමිහිට.... (නි)
මගේ නැන්දම්මා නම් හරිම හොඳයි. දුව ගේ බරින් පවුල නිදහස් කළ නිසා. මමත් ඇය අම්මට තරම්ම ආදරෙයි. ඇයත් මට තමාගේම පුතෙකුට වගේ ආදරෙයි. වාසනාවන් මගේ නැන්දම්මා! (නි)
මගේ පුතත් ගිරේට අහුවෙලා ඉන්නේ.ලේලි ගෙදරට ආපු දවසේ ඉඳන් හම්බ කරන ඒවාගෙන් එයාලගේ පවුල ගොඩගන්න එක තමයි කරන්නේ. අපිට ඉතිරිවෙලා තියෙන්නේ බිල් ටික විතරයි. (නි)