IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


නැන්දම්මාගේ ​ෙබ්ත් තුන්ඩුවෙන් පොලිසියට කොකා පෙන්නන්න ගිහින්

(සූරියවැව දිලීප් ජයසේකර)
අම්බලන්තොට මල්පොත්තාවේ පදිංචි 34 හැවිරිදි ඔහු පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන්නෙකි. 


මේ දිනවල පවතින වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් බොහෝ දෙනකුට නිවෙසට වී සිටීමට සිදුව තිබේ. තංගල්ල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරන 34 හැවිදි විවාහකයකු වූ නිමල්ට අම්බලන්තොට පදිංචි යහළුවකු දුරකතන ඇමතුමක් දුන්නේ “එන්න පුළුවන් නම් අඩියක් ගහන්න පුළුවන්” කියාය.


එහෙත් පවතින ඇඳිරිනීතිය නිසා පොලිසියෙන් බේරී නගරයට යාමට ද නොහැකිය. සිය මිතුරාගේ ගෙදරට යාමට ක්‍රමයක් කල්පනා කළ නිමල්ට ගණ දෙවි නුවණ පහළ විය. නිවෙසේ තිබූ ලාච්චුවක් අවුස්සා සිය නැන්දණියගේ පරණ බෙහෙත් තුණ්ඩුවක් ද අතට ගත් නිමල් සිය යතුරුපැදියෙන් අම්බලන්තොට නගරයට යාමට පිටත් විය.


නගරයට මඳක් ආසන්නයෙන් මාර්ග රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු යතුරුපැදියට නවතන ලෙස අණ කෙරුණි. පොලිස් අණට අනුව යතුරුපැදිය නතර කළ නිමල්, පොලිස් නිලධාරීන් අසලට ගියේ බයක් සැකක් නොමැතිවය. “මහත්තයා කොහෙ ද මේ යන්නේ” යැයි පොලිස් නිලධාරියා නිමල්ගෙන් ඇසීය.


“සර් මං මේ ෆාමසියට යනවා බෙහෙත් ටිකක් ගන්න. නැන්දම්මාගේ බෙහෙත් ඉවර වෙලා” යැයි සිනාසෙමින් පිළිතුරු දුන්නේය. නිමල්ගේ කතාව පිළිබඳව සැක සිතූ පොලිස් නිලධාරීන් ද “එහෙ මෙහෙ ඇවිදින්නේ නැතිව බෙහෙත් අරන් යන්න” යැයි පවසා නිමල් අත තිබූ තුණ්ඩුව යළි ඔහු අතටම දුන්නේය.


තමන්ගේ උගුලට පොලිස් නිලධාරීන් රැවැටුණු බව සිතූ නිමල්, යළි යතුරුපැදියට නැගී නගරය දෙසට යන්නට සැරැසෙද්දී පොලිස් නිලධාරීන් නැවතත් “මහත්තයා ඔය පැත්තට යන්න ඕනේ නෑ. මෙන්න මෙතැන ෆාමසියක් තිබෙනවා. මේකෙන් බෙහෙත් ටික අරගෙන යන්න” යැයි නිමල්ට පැවැසීමත් සමග නිමල් තුෂ්නිම්භූතව ගියේ සැලැස්ම වැරැදුණු බව සිතාය.


කිසිවක් කර කියාගත නොහැකි වූ නිමල්, අසල තිබූ ෆාමසියට ගොස් පරණ බෙහෙත් තුණ්ඩුවට අදාළව රුපියල් 1,350ක බෙහෙත් රැගෙන යළි නිවෙස බලා ගියේ සුන් වූ බලාපොරොත්තු ඇතිවය.

 



අදහස් (0)

නැන්දම්මාගේ ​ෙබ්ත් තුන්ඩුවෙන් පොලිසියට කොකා පෙන්නන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 404 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 885 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 854 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1155 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9488 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 527 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2060 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site