කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න
මිය ගිය නැන්දම්මාගේ දේහය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබියදී, අවසන් කටයුතු සිදු කිරීමට යැයි පවසා, ඇගේ එළ හරක් කොටුවේ සිටි හරක් දෙදෙනකු මුදලට අලෙවි කර ඇතැයි කියන අපූරු බෑනකු පිළිබඳ පුවතක් ඉකුත් දා රඹුක්කන ප්‍රදේශයෙන් වාර්තා විය.
බෑනා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු 2002 වර්ෂයේ කුරුණෑගල ප්‍රදේශයේ රැකියාවක් කරමින් සිටින අවස්ථාවේදී කුරුණෑගල නගරයේදී රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණියක හඳුනාගෙන, පසුව යුවළ විවාහ වී තරුණියගේ රඹුක්කන මහ ගෙදර නිවෙසේ පදිංචි විය.
තරුණියගේ මව සමග නව යුවළ නිවෙසේත්, තරුණියගේ පියා බදුල්ල ප්‍රදේශයේත් පදිංචි වූයේ කාගේ කාගේත් පහසුවටය.
බෑනා කාලයක් ගත වෙද්දී මත්පැන් පානය කිරීමට පුරුදු වී ඇති අතර, බිරිඳට හා නැන්දම්මාට බැන තර්ජනය කරන්න පටන්ගත් හෙයින්, බිරිඳ අවස්ථා ගණනාවකදීම මේ ගැන රඹුක්කන පොලීසියේ පැමිණිලි ද කළාය.
මෙම බෑනාගේ නැන්දම්මා මීට වසර ගණනාවකට ඉහතදී එළ හරක් කොටුවක් හා කළුකුන් කොටුවක් සාදා, මුල් කාලයේ සුළු ආදායමක් ද උපයා ගෙන, පසුව එළ හරක් කොටුවේ එළ හරක් 18 දෙනකු දක්වා වර්ධනය කරගෙන ලබා ගන්නා එළ කිරි අලෙවි කර විශාල ආදායම් උපයා ගෙන ජීවත් වූවාය.
එළ හරක් 18 දෙනාට කාන්තාව ආදරය කරුණාව දක්වමින් රැක බලා ගනිමින් සිටින අවස්ථාවේදී, එක් එළ හරකකුගේ කකුලක ආබාධයක් ඇති වූ අවස්ථාවේදී ප්‍රදේශයේ මස් පිණිස සතුන් මිලට ගන්නා පුද්ගලයෙක් පැමිණ කාන්තාවගෙන් කකුලක ආබාධයක් පැවැති එළ හරකා මස් පිණිස ඝාතනය කිරීමට ඉල්ලා සිටියේය.
එහිදී වෙළෙන්දාට තදින්ම දොස් පැවැරූ ඇය, කිසි දවසක තමන්ගේ හරක් මස් පිණිස අලෙවි නොකරන බවට දැන්වූවාය.
පසුව කකුලක ආබාධයක් පැවැති හරකා කලකට ඉහතදී මිය යාමෙන් පසු, කුලී පදනම මත බැකෝ යන්ත්‍රයක් ගෙන වළක් හාරා, මිය ගොස් සිටි එළ හරකා මිහිදන් කළේ ගරු සරු ඇතිවය.
මෙලෙස හරක් 17 දෙනකු හා කළුකුන් කොටුවක් පණ සේ රැක බලා ගනිමින් සිටි 70 හැවිරිදි කාන්තාව කෑගල්ල මහ රෝහලේදී ඉකුත් 10 වැනිදා ජීවිතක්ෂයට පත්වූවාය. දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා දියණියට භාර දෙන තෙක් දේහය කෑගල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට සිදුව තිබේ. ඇයගේ එකම බෑනා ඉකුත් 11 වැනිදා නැන්දම්මාගේ අවසන් කටයුතු සිදු කිරීමට යැයි පවසා, එළ හරක් කොටුවේ සිටි එළ හරක් දෙදෙනකු මුදලට අලෙවි කර යහමින් සූර් වී ඇති බව ඇයගේ ඥාතියකු පැවැසුවේ, “අනේ මෙහෙමත් බෑනලා” යයි පවසමිනි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නැන්දම්මාගේ මිනිය වළලන්න කියා බෑනා හරකුන් දෙදෙනෙක් මසට විකුණා සූර්වෙලා