(කමල් ශ්‍රී ලියනගේ - කොස්ගොඩ)
නෑනාත් දුවත් රාති‍්‍ර ගෙදරට ඇරලන්න ත‍්‍රීරෝද රථයකින් ගිය මස්සිනාකෙනකු ත‍්‍රීරෝද රථ රියැදුරු මහ මඟ දමා ආපසු පැමිණීමේ සිද්ධියක් අහුන්ගල්ලෙන් වාර්තා වේ.
මෙදින විශේෂ ගමනක් ගිය දෙදරු මවක් ඇයගේ දුව අක්කාගේ නිවසේ නතර කළාය. රාත‍්‍රි 8.30ට පමණ යළි ඇය අක්කාගේ නිවෙසට ත‍්‍රීරෝද රථයකින් පැමිණියේ දුව රැගෙන යෑමටය. රෑ බෝවී තිබූ නිසා අක්කා ඇයගේ සැමියාටත් ත‍්‍රීරෝද රථයෙන් නංගීගේ ගෙදරට පරෙස්සමට යන ලෙස දන්වා සිටියාය. ඒ අනුව මස්සිනා ද නෑනාත් දුවත් ඇරලවීමට ත‍්‍රීරෝද රථයට නැගී ගමන් කළේය. ඔවුන් සමඟ මස්සිනා ත‍්‍රීරෝද රථයට නගිනවා දුටු ත‍්‍රීරෝද රථ රියදුරු මස්සිනා යන්නේ කොහේටදැයි විමසා තිබේ. ‘‘නංගීලාගේ තනියට යනවා. මට ඉතින් ආපසු පයින් වුණත් එන්න බැරියෑ’’.
මෙසේ ඇඟට නොදැනෙන්න මස්සිනා ත‍්‍රීරෝද රථ රියදුරාට පවසා තිබේ. තමා සමඟ ආපු නෑනා දුවත් සමඟ තනියට යෑම නොරිස්සූ මස්සිනාගේ මේ උපක‍්‍රමය ගැන හිත් රිදුන රියදුරා මස්සිනාට පාඩමක් උගැන්වීමට සිතුවේය. ඔහු තිදෙනාම රැුගෙන නෑනා ගෙදරට ගොස් බස්සවා මස්සිනා වත්ත ඇතුළට ගිය මොහොතේ ඉක්මනින් ඔහු දමා රිය හරවා ගෙන ආවේය. මේ නිසා මහ රෑ මස්සිනාට පයින් ඒමට සිදුවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද රියදුරාට ඇතිවුණ කණස්සල්ල? (නි)
එයා ගියා කියලා රියදුරාට මොකද? (නි)
මොකද?රියදුරාට නෑනා ගැන පිළිබඳ සිතක් පහළ වෙලාවද්ද? අනේ මන්දා තමන් බාරගත් රාජකාරිය කරනවා මිස ඒ ත්‍රීවිල්කරුට මොකද කවුරු ආවා ගියත්.... (නි)
අමතක කරන්න එපා. දෙපාරක් පිටපිටම අර මොකක්ද එක හොයපු එකට ගූගල් එකෙන් කප් ගහපු ජාතියක් අපි. (නි)
රියදුරාාට වෙනත් යටි අරමුණක් තිබිලා වගෙයි (නි)
අද ලංකාවේ සිද්දවෙන දේවල් දන්නවනම් ත්‍රී වීල් රියදුරාට කේන්ති යන්න විදියක් නැහැ. (ස)
ත්‍රීරෝදකරුට නෑනා ගැන හිතක් පහළවෙලා වෙන්න ඇති (නි)
ත්රීරෝද රියැදුරා හදන්නේ මස්සිනා වැඩක් නැහැ කියලා පෙන්වන්න. එතකොට ඊළඟ වතාවේ මස්සිනා නැතුව නෑනා එක්ක යන්න පුළුවන්. (නි)
මනමාල රියදුරාට මස්සිනා කණ පැලෙන්න එකක් දුන්නා නම් හරි (නි)
රියදුරාගේ හිත දූෂිතයි (නි)
මෙහෙම පටු විදිහට හිතන මිනිස්සු එක්ක ගමනක් බිමනක් යන්නේ කොහොමද මහා රැයක තනියෙන්. (නි)
ත්‍රීවීල්කරු දැනගත යුතුයි තමන් ත්‍රීවීල්කරුවෙකු බව (නි)
සිරිවීර, මස්සිනා දාලා ආවහම කොහොමද කණ පැලෙන්න ගහන්නේ? (නි)