IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


නයි අවුල ලිහන්න හුඹහට අතදාන්නවෙලා

(දෙනියාය විශේෂ – එස්.ඩී. කොඩිකාර)
 ඌරුබොක්ක පොලිසියට කිරිලිපන මොරගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් පැමිණිල්ලක් ලැබී තිබුණි. එම පැමිණිල්ලේ සඳහන් වූයේ තම නිවස පිහිටි ඉඩමට මායිම්ව පිහිටි ඉඩමේ තම වැට මායිමේ ඉතා විශාල හුඹසක් තිබෙන බවත් එම හුඹසේ විෂකුරු සර්පයන් නිතර නිතර රැඳී සිටීම නිසා තම නිවසේ දරුවන් ඇතුළු පදිංචිකරුවන්ට එමගින් කරදරයක් වේ යයි බියක් තිබෙන බැවින් හුඹස කඩා දැමීම සිදුකරන ලෙසට ඉඩම් හිමියා දැනුවත් කරන ලෙසය.


එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වූයේ එම ඉඩමේ අයිතිකරු ඉඩමේ පදිංචිව නොමැති බවත් තම නිවස ආසන්නයේම හුඹස පිහිටා තිබීම නිසා අවස්ථා ගණනාවකදීම එම පුද්ගලයාගෙන් හුඹස කඩා දමන ලෙස ඉල්ලා සිටියත් හුඹසේ විෂකුරු සතුන් නොමැති නිසා කඩා දැමීම අවශ්‍ය නොවන බවත් තම ඉඩමේ තිබෙන හුඹස කඩා නොදමන බව  ඉඩමේ අයිතිකරු කියා සිටින බවයි.


මේ පැමිණිල්ල විභාග කිරීම සඳහා පැමිණිලිකරුට සහ විත්තිකරුට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දීම සඳහා පැමිණිලිකරුගේ නිවසට පොලිස් නිලධාරියකු ගොස් ඇති අතර එහිදී අදාළ හුඹස පිළිබඳවද වාර්තාවක් පැමිණිල්ල විභාග කරන නිලධාරියාට ලබාදීමට අදාළ නිලධාරියා කටයුතු කර තිබුණි.


 ඒ අනුව දෙපාර්ශ්වයම පොලිසියට ගෙන්වා මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරවික්‍රම මහතා වෙත යොමු කිරීමට සුළු පැමිණිලි අංශය පියවර ගෙන තිබුණි. ඒ අනුව දෙපාර්ශ්වයම ස්ථානාධිපති හමුවේ පෙනී සිටියහ. ස්ථානාධිපතිවරයා පැමිණිලිකරු විසින් කියා ඇති පැමිණිල්ල දෙපාර්ශ්වයටම ඇසෙන ආකාරයට කියවීය. ඒ අනුව මුලින්ම මේ කතාව ඇත්තද එම හුඹස කඩා ඉවත් කිරීමට පියවර නොගන්නේ ඇයිද යන්න විත්තිකරුගෙන් විමසීය.


 විත්තිකරු හෙවත් හුඹස පිහිටි ඉඩමේ හිමිකරු ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියේ හුඹස කඩා ඉවත් කරන්නේ නැහැ. ඔය හුඹසේ විෂකුරු සතුන් නැහැ. විෂඝෝර සතුන් හිටියත් කාටවත් ප්‍රශ්නයක් නැහැ. ඒක මගේ ඉඩමේ තිබෙන්නේ ඒ නිසා කඩා ඉවත් කරන්න අවශ්‍ය නෑයි කීය. එවිට ස්ථානාධිපතිවරයා විත්තිකරුගෙන් ඇසුවේ ඔය හුඹසේ විෂඝෝර සතුන් නැහැ කියලා කියන්නේ කොහොමද යනුවෙනි.


 හුඹසේ විෂඝෝර සතුන් නැති නිසා හුඹස කඩා ඉවත් කරන්නේ නෑයි විත්තිකරු තරයේ කියා සිටියේය. ඉඩමේ අයිතිකරුගේ මේ කතාවට ස්ථානාධිපතිවරයාට සිනා ගියේය. ඒ නිසා ස්ථානාධිපතිවරයා විත්තිකරුට අපූරු යෝජනාවක් කළේය. ඒ යෝජනාව තමයි ඔය හුඹසේ විෂඝෝර සතුන් නැහැ කියල ඔබ කියනවානම් ඒකට මට කරන්න දෙයක් නැහැ. හැබැයි ඔය හුඹසේ විෂඝෝර සතුන් නැහැ කියලා මට ස්ථීර ලෙසම සහතිකයක් ඔබතුමා ලබාදෙන්න ඕන. ඒකට මම යෝජනාවක් කරනවා ඔබට මම කරන ඒ යෝජනාව තමයි ඔබ විනාඩි 30ක් ඔය හුඹසේ කටට අත දාගෙන ඉන්න ඕන. ඒ දවසට මමත් එනවා එතනට. තව ඕන්නම් අපි 1990 ගිලන් රථයක් ගෙන්නවා ගමු. හුඹසේ විෂඝෝර සතුන් නැහැ කියලා එතකොට තවත් තහවුරු වෙනවා. හුඹස කඩා ඉවත් කරන්න ඔබ කැමැති නැත්නම් මේ යෝජනාව හැර මට වෙන කරන්න දෙයක් නැහැ. පැමිණිලිකාරියට මම කියන්නේ හුඹස පිහිටි ඉඩමේ හිමිකරු හුඹසට අත දාල පෙන්වනවානම් ඒ හුඹස තුළ විෂඝෝර සතුන් නැහැ කියලා, එතකොට අපට පිළිගන්න පුළුවන්. සතුන් ගැවසෙන්නේ නැති අතහැර දාපු හුඹසක් කියලා.


 ස්ථානාධිපතිවරයාගේ ප්‍රඥාගෝචර මේ අපූරු යෝජනාව පිළිබඳව වික්ෂිප්තව කල්පනාකර සිටි. විත්තිකරුට තමන් ස්ථානාධිපතිවරයා ඉදිරියේ කී මුසාවාදය නිසා තමන්ගේ කට නිසා තමන් විසින්ම අමාරුවේ වැටෙන්න යන බව වැටහුණි. හුඹස කඩා දමන්නේ නැතුව ඒ තුළ විෂඝෝර සතුන් නැහැ කියලා මම කිව්ව කතාව නිසා තමන් අමාරුවේ වැටුන බවට තේරුණා. ටික වේලාවක් නිහඬව සිටි විත්තිකරු ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියේ ඔය හුඹස තුළ නයා පොළඟා වැනි විෂඝෝර සතුන් නිතර නිතර ඉන්නවා. එහෙම ඒකට මම අත දාගෙන හිටියෝත් ඒ විෂඝෝර සතුන් මට දෂ්ඨ කරනවා ඒ නිසා මම මගේ ඉඩමේ තියෙන හුඹස කඩා ඉවත් කරන බවට සහතික වෙනවා යනුවෙනි.


 අල්ලපු ඉඩම් හිමියා සමග තිබෙන අමනාපයට හුඹස කඩා ඉවත් නොකර හුඹසේ විෂඝෝර සතුන් සිටින බවට ස්ථීරව දන්නා තමන් විෂඝෝර සතුන් නැහැ කියලා බොරු කී බව අවසානයේ පිළිගැනීමට   සිදු විය. 


අනුන් අමාරුවේ දාන්න සිතාගෙන බොරු කියන්න යන කාටත් මේ කතාව ආදර්ශයක්. කතා කරලා විසඳගන්න තිබෙන මෙවැනි සුළු ප්‍රශ්න පොලිසියට ඇවිත් විසඳන්න යනවනම් මනුෂ්‍යකම කියන එක තියෙන්නේ තිරිසන් සතුන් ළඟද යන්න අපිට මිනිසුන්ගෙන් අහන්න වෙනවායි පොලිස් ස්ථානාධිපති සමරවික්‍රම මහතා කීය.


 හුඹසක් නිසා දෙපාර්ශ්වයක් අතර සිදු වීමට ගිය විනාශයක් එක වචනයකින් විසඳන්න ස්ථානාධිපතිවරයා සමත්වීම පිළිබඳව පැමිණිලිකරු සහ විත්තිකරු ස්ථානාධිපතිවරයාට සිය ස්තුතිය පුද කර පොලිසියෙන් පිටව ගියහ.



අදහස් (0)

නයි අවුල ලිහන්න හුඹහට අතදාන්නවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 308 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 549 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 587 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 688 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 680 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1105 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 601 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site