(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ග‍්‍රාමීය රෝහලක් අසළ වූ පදික වේදිකාවක හීන්නාරං අලෙවි කරමින් සිටි කාන්තාවකි. ඇය ගෙඩි පහක් රුපියල් විසිපහ ගණනේ අලෙවි කරමින් සිටියාය. ඒ අසළට ආ අව් කණ්නාඩි පැළඳගත් කාන්තාවක් මුළු නාරංගොඬේ ගෙඩි කොපමණ ඇත්දැයි ඇසුවේ ගෙඩි කීපයක් අතගාමිනි.
”ගෙඩි දෙසිය දහයයි නෝනා ගෙඩිය තුනයි පනහ ගානේ දෙන්නම් එතකොට හත්සිය තිස් පහයි. හත්සීයක් දෙන්නකො” කියමින් නාරං ගොඩම බෑගයකට දැමීමට සූදානම් වූවාය.
කලබල වූ පාරිභෝගික කාන්තාව නෑ නෑ මට ඕනෑ එක ගෙඩියයි. ඔයා කලින් වික්කෙ ගෙඩිය රුපියල් පහටනෙ. තුනයි පනහට ගෙඩියක් ගන්න බැලූවෙ.” කී විට දෙවියන් සිහිවූ වෙළෙඳ කාන්තාව ”නාරං ගොඩ අතගාල කල්පනා කරපු හැටියට මං හිතුවෙ නාරං ටික විතරක් නෙමෙයි. ඉඩමත් සල්ලිවලට ගනීවි කියලා” වෙළෙඳ කාන්තාව කීවේ හැමෝම හිනස්සමෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුගේගොඩ අසල වයසක වෙළෙන්දියක් දිනපතා කිතුල් හකුරු මුල් 20 පමණ ගෙනත් රුපියල් 80 ගානේ විකුනනවා. හැමෝම හිතන්නේ කිතුල් හකුරු කියලා. මේවා හදන්නේ තල් සක්කර සමග සිනි දාලා කියලා හිතන්නේ නැහැ .(හේ)
පිරිමි අයත් ඔය ඕන තරම් අපිව හිනස්සන වැඩ කරන්නේ ,ටිකක් වැඩි වුනාම නේ ! (බ)
අව් කණ්නාඩි දාන හැමෝම සල්ලිකාරයන් නොවෙයිනේ. (ත)
මේ වගේ පදික වේදිකා ල වෙළදාම් කරන අයට කීයක්හරි වැඩිපුර දෙනවා මිසක් අඩුවෙන් ඉල්ලන්නේ හොඳ නැහැ.මොකද ඒ මිනිස්සු මහන්සි වෙන්නේ මාළිගා හදන්න නෙමෙයි, එදා දවස ගැටගහගන්න (නි)
අශෝක රළපනාව, ඉදුණු නාරං ගෙඩිවල පොත්ත ඉවත් කිරීමේදී ප්‍රවේශමෙන් ඉවත් කරන්න. එතකොට පැගිරි ගැවන්නේ නැහැ (ම)
අව් කන්නාඩි සබ කෝලය තියෙන අයත් දානවා.වර්ජින් අයිතිකාරයා කිව්වේ (ම)
නාරං දොඩම් වලට වඩා දෙහි වල විටමින් සි ප්‍රමාණය වැඩියි.වතුර වීදුරුවකට බින්දු 8 ක් පමණ සැහේ.හමේ පැහැය සති කීපයකින් ඉතාමත් දැකුම් කලුයි.දෙහි ගෙඩියක් සතියකට ප්‍රමාණවත් නිසා වියදම අඩුයි .(ම)
ඔය දාගෙන ආපු අව් කන්නාඩියත් රුපියල් තුනයි පනහට පේව්මන්ට් එකෙන් ගත් එකක් වන්න ඕනේ , අව් කන්නාඩි දාන හැමෝම සල්ලි කාරයෝ නොවේ .(හේ)
ඇයි ගැහැණු විතරක් හිනහ යන වැඩ කරන්නේ ? අර යහපාල උන්නාන්සේ එසැන පුවත් වලට ලියන දේවල් වලට අපිට උදේ ඉඳලා රාත්‍රී වෙනකන් හිනා යන්නේ !. (කේ)
අපි ඒත් කලපනා කළා ශාන්තව බැඳපු දවසේ නෝනාට හැමෝම හිනා වුනේ ඇයි කියලා. (කේ)
අනේ ඉතින් අවු කණ්නාඩියක් පැළද ගත්ත කියල ඒ මනුස්සය ගැන ඔහොමම නරකට හිතන්න එපා.ඕනෑම කෙනෙක් අවු කණ්නාඩි පළදිනවා නම් ඒක තමන්ගේ ඇස් දෙකට හොඳයි. කොහොමත් ඔය වෙලදාම් කරන අයට හොදට හැමෝම හිනස්සන්න පුළුවන්. (ම)
නාරන් පැගිරි රසයි සිනි ටිකක දා ගත්තනම් රසයි.(හේ)
ඒක ඉතින් වැරැද්දක් නෑනේ.අපිට ඕනිනම් ගන්න පුළුවන් නැත්තම් නිකන් ඉන්න පුළුවන්.(හේ)
රසවත් නෑ.(හේ)
කොහොමත් ගැණු අය ගිය තැන අවට සිටියවුන් හිනස්සවන වැඩක් කරන්න දක්ෂයි (ම)
මේ වගේ දේවල් හැම කෙනෙක්ටම වගේ වෙනවනේ.(හේ)
පව් අහිංසක වෙළෙන්දී (ම)
මම දැක්ක කුමාරි බෙහෙත් ගන්න පෝලිමේ ඉන්නවා අවු කන්නාඩි කුට්ටමක් දාගෙන. ඉතින් ඔයා නාරං ගත්තද ?(හේ)
අතේ සල්ලි මදි පාඩු ඇති අවු කන්නාඩි දැම්මට මොකද. අනික අවු කන්නාඩි දැමීම ලොකු දෙයක් නොවේ.(හේ)