කොළඹ ආයතනයක සේවයේ නියුතු මිතුරන් තිදෙනෙකි. එක් අයෙක් මස් මාංශ කෑමෙන් වැළකී සිටි අතර මස් කෑමේ ආදිනව තම මිතුරනට පෙන්වා දෙන ඔහු දිනක් රාත‍්‍රි ආහාර ගන්නා අතරතුරදී ඔවුනට මෙසේ පැවසීය. ”අපේ ගෙවල් පැත්තේ හරක් අයිතිකාරයෙක් හිටියා. එයා ගෙදරටත් හොරෙන් හරකෙක් මසට වික්කා. අන්තිමට එයා මැරුණේ උම්බෑ කිය කියා’’ ‘‘ඒක නම් හරි පව්’’ මස් කැබැල්ලක් කටට දමා ගනිමින් මිතුරෙක් සිනා සෙමින් කීය.
පසුගිය දිනෙක මෙම මිතුරන් සේවය නිමාවී තම නේවාසිකාගාරය වෙත පැමිණියේ රාත‍්‍රි නමයට පමණය. එක් මිතුරෙක් ‘‘මම කෑම අරන් එන්නම්. ඔයාලා වොෂ් එකක් දාගන්න’’ යැයි පවසා හෝටලයට ගියවිට කෑමට තිබුණේ පරාටා සහ කුකුළු මස් පමණි. අනෙකුත් ව්‍යංජන ඉවර වී තිබු අතර මස් අනුභව නොකරන මිතුරා සඳහා කිසිදු ව්‍යංජනයක් නොතිබිණි. කුකුළු මස් පීරිසි දෙකක් සමග තිදෙනාටම පරාටා මිලදීගත් හෙතෙම නේවාසිකාගාරයට ගොස් මස් නොකන මිතුරා අමතා ‘අනේ මචං උඹේ කරුමෙට අද උඹට පරාටා විතරයි’’ යැයි පැවසීය. ඇඟපත සෝදාගෙන ඇවිත් තිදෙනාම කෑමට වැඩිවූහ.
කුකුළු මස් පිඟානකට දමා ගත් අයෙක් නිර්මාංශ මිතුරාට පරාටා පමණක් දී කුකුළු මස් දෙදෙනා බෙදාගෙන කන්නට වූහ. හොද්දක් නැතිව පරාටා කෑමට නොහැකි බව දත් නිර්මාංශ මිතුරා’ ‘‘අනේ මචං මට කුකුළු මස් කෑලි එපා. හොදි විතරක් දාපන් යැයි පවසා මස් හොදි ඉල්ලාගෙන පරාටා කන්නට විය.
දැන් ඔහුට මිතුරෝ මචං කෑලි එපා හොදි හොඳයි’’ යැයි පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් වහන්සේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ අනුභවය අනුමත කළා. කාටහරි මේ ගැන සැකනම් ත්‍රිපිටකය හොදින් දන්න ස්වාමින් වහන්සේ නමකගෙන් අසා බලන්න (නි)
එම මිතුරා තැනේ හැටියට වැඩේ කරලා තියෙනවා. අපේ සිංහලයා පුංචි දේටත් හිනා වෙන්නනේ දන්නේ. (නි)
වෙන මුකුත් ඕනෑ නැහැ. ඉන්දුගේ කතාව හරි. (නි)
හරක් මස් කිලෝවක් කනවට වඩා කුනිස්සෝ කිලෝවක් කන එකේ පව වැඩියි. හරක් මස් කිලෝවේ එක ජීවියගේ මස් තියෙන්නේ , ඒත් කුනිස්සෝ කිලෝ එකේ දාස් ගානක් ජීවීන්. (නි)
ඒ අවස්ථාවේ හැටියට ඔහු ඒක කළේ. ඔහුට ඒකට දොස් කියන්න එපා (නි)
මොහොමඩ් හරි (නි)
සුසිල්, ඔයත් හරියටම හරි (නි)
ඒ කතාව හරියට මෙහෙමයි. එක් මිවිසෙක් තමාගේ භාර්යාවට පොරොන්දු වුනාලු මින් පස්සේ අරක්කු බොන්නේ නැහැ කියලා. නමුත් ඒ මිනිසා පාන් කෑල්ලක් අරගෙන ඒක අරක්කු වල ඔබලා අරක්කු කෑවලු.(නදී)
අන්‍යාගමික මිතුරාට මම බෞද්ධයෙක් ලෙස එකඟ වෙමි . කන්න දෙයක් නැත්නම් හොදි පමණක් ගත් මුත් ඔහු මස් කෑවේ නැත. වරක් කඩා වැටුන අහස් යානයක මිය නොගිය මගීන් මිය ගියවුන් අනුභව කළා. වතිකානුව ඔවුන්ට සමාව දුන්නා (නි)
ෂෙරිෆ්, නිකන් සවුත්තු කතා කියන්න එපා. නිර්මාංශ බුදුනුවෝ ඕනෑ තරමට ලංකාවේ ඉන්නවා. අනිත් අතට ඌරු මස් කන තම්බිලා අපි එක්කලා ඉඳලත් තියෙනවා. (නි)
මන් මස් කන්නත් නැහැ. කන්න දෙයක් නැතිව කන්න සිදුවුනොත් හොදි කනවා හිත හදාගන කෑලි නොකා. මන් හිතන්න ඒකේ ඇති වරදක් නැහැ.(නදී)
තමන්ගේ ආගම අපයෝජනයට ලක් නොකර , මෙහි අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකි සිටීම තැනට සුදුසුය. (නි)
මම හිතන්නේ මම කියවපු වැඩීම් ප්‍රතිචාර ගොඩ ... (නි)
බෞද්ද ආගමේ උගන්නන්නේ මධ්‍යම ප්‍රතිපදාව ගැන. නිර්මාංශ වීමේදී පවා අන්තගාමී වෙන්න හොද නැහැ. (නි)
මම නම් හිතන්නේ ඔය චන්ද්‍රා වීරසින්ඝ්ගේ කියන කෙනා ලොකු අන්තවාදියෙක් වෙන්න ඇති. නැත්නම් මෙච්චර සිංහල මිනිස්සු මේකට ප්‍රතිචාර දාල තියෙද්දී ඇයි මේ ශේරිෆ්ට පමණක්.(නදී)
මෙන්න ඊ ළඟ පරපුරට දායාද. "පෝෂණය ඉහළ නංවා ගැනීමට සහ පරිසර දූෂණය වළක්වා ගැනීමට " ලෝක ප‍්‍රජාව තම ආහාර වේලට කෘමි සතුන් එක්කර ගත යුතුයයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය 2013 ඔවුන්ගේ වාර්ෂික වාර්තාවෙන් උපදෙස් දෙයි. ලෝකය පුරා දෙසිය කෝටියක් පමණ ජනතාවක් දැනටමත් ඔවුන්ගේ ආහාර වේල සඳහා කෘමි සතුන් එක්කර ගෙන ඇති බවත් එම වාර්තාව පවසයි." (නදී)
මෙහි අදහස් දමල තියෙන හුග දෙනෙක් බෞද්ධ අය බව පෙනෙනවා. මමත් බෞධයෙක්. මේ කතාව විහිළුවක් හෝ දෙයියෝ සාක්කියක් වත් නෙමෙයි. බුද්ධිමත්ව හිතලා බලන්න. ඉහත මොහමඩ් මහත්තයාගේ අදහසට මම ගරු කරනවා (නි).
ෂෙරිෆ් ,හක්කේ අල්ලා. බොක්කේ ඌරු මස් කිවුවලු (නි)
මස් කනවද නැද්ද , කනකොට පව් සිද්ද වෙනවද , නිර්මාංශ වෙලා වෙජිටරිඅන් උනොත් පව් නැත්ද යන්න අද සමාජයේ ගොඩක් දෙනා තුල ඇති මත ගැටුමක්. ඒ වගේම මුලික පංච සීල ප්‍රතිපදාව තුල ඇති අනෙක් සිල් පද 5 ගැන මේ තරම් උනන්දුවක් නැතිවීමත් පුදුමයක්! අනෙක එම පන්සිල් රකින අය නිහඩව රැකීමත් අන් අය හෙලා නොදකීමත් , සීලය ගැන මාන්නයක් ඇති කර නොගැනීමත් හොදින් පෙනෙන්ට තිබෙන දෙයක්. නමුත් මේ නිර්මාසා සීලය රකින අය බොහෝ විට ඒ ගැන උදම් අනනවා, මස් කන අය පහත් කරනවා, නිග්‍රහ කරනවා, මම නම් උම්බලකඩවත් කන්නේ නැහැ කියල ප්‍රසිද්දියේ කියමින් අන් අය ඉදිරියේ තම සිල්වත් බව ප්‍රකට කරවනවා බොහෝ විට දකින්න පුළුවන්. මොකක්ද මේ වෙනසට හේතුව?(නදී)
හේතුව තමයි නිර්මංසා වීම යනු සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සීලයක් ප්‍රතිපදාවක් නොවීමත්, වැරදි ආවබෝධයක් තුලින් ගත් තීරණයක් නිසා සීලබ්බත පරමසයක් වී තමන්ගේම නිවනට බාධා වෙන අයුරින් එම සීල මානයක ඇළී යාමක් වීමය. 'සියලු ශ්‍රාවකයන් නිර්මංසා විය යුතුයි යන්න දේවදත්තයන් බුදු රදුන්ගෙන් ඉල්ලු වර පහෙන් එකකි. එසේ ඉල්ලුවේ නිර්මාංසා වීම එකළ තිබු ප්‍රභල නිගන්ට ධර්මයක් වීමත්, එය සමාජය බොහෝ ගරු කල දෙයක් වීමත් , එවන් සීලයක් තුලින් බොහෝ දෙන තමන්ට නම්මාගත හැකි වීමත් නිසාය. නමුත් කාරුණික සම්බුදු රජුන් එය ප්‍රතික්ෂේප කළසේක, "කැමති අය කෑවත්, අකමැති අය නොකෑවත් කම් නැත. එය නිවනට මග නොවන බැවින් සීලයක් වශයෙන් නොපනවමි. යයි පැහැදිලිව වදාල සේක. මේ කරුණ උළුප්පමින් දේවදත්ත සඟ භේධයද කළේය. එයට බොහෝ අය එකල හසු වුහ.(නදී)
අද බොහෝ අයගේ තර්කය මස් කෑම ප්‍රනඝාතයට වක්‍රව අනුබල දීමක් බවය. ඒ නිසා මස් කෑමෙන් ප්‍රානගාතයට සම්බන්ධ වන බවය. එසේනම් තුන් කල් දකින තථාගත සම්බුදු නුවනට නොපෙනුන දෙයම් මේ අයට පෙනුනාද? නැත, හුදු සැකයක් නිසා සීලයක් පනවාගෙන ගැටළු රැසක් ඇතිකරගෙන අන් අයටත් නිග්‍රහ කිරීමක සිරවී ඇත. මස් කෑමෙන් ප්‍රානගතය සිදු වන්නේ කෙසේද? බුදුරදුන් කර්මය ලෙස පෙන්වා දුන්නේ ක්‍රියාවට මුල්වන චේතනාවය. ඕනෑම ක්‍රියාවකම චේතනාව විමසීමෙන් එය කුසල්ද අකුසල්ද ලෙස හදුනාගත හැක. මස් කෑමේදී ප්‍රානගාතයෙදේ මෙන් ක්‍රෝධය මුල් වූ චේතනා පහළකර එය නොකන බව පොඩි දරුවෙක් පවා දනියි. එය ඔබේ පිගානෙහි ඇති හුදු තවත් ව්‍යන්ජනයක් පමණි. නමුත් මෙතන ආහාරයට ඇලීයමෙන් රස තෘෂ්ණාව ඇති වීම වෙනකකි. එය මස් වලට මෙන්ම පරිප්පුවටද විය හැක, නිවන් මග යන කෙනා ඒ ගැන සැලකිලිමත් වීම වඩා යෝග්‍යය. ආහාරයට පෙර ප්‍රක්ත්යවෙක්ෂාව කරන්නේ ඒ නිසයි. ක්‍රියාව පසුපස ඇති චේතනාව බැලිය යුත්තේ එය ආශ්‍රිත කොටගත් පංච උපාදානාස්කන්ධයන්ගේ පෙළගැස්ම කෙසේද යන්න ගැන අවබෝධයෙනි. මෙය සුළු කලක් හොදින් විදසුන් වැඩීමෙන් ලබාගත හැකි ඥානයකි. සම්බුදු රජුන් ප්‍රානඝාතය වෙන ආකාරය හොදින් විසදී දී තිබේ. ඊට අංග පහක් සම්පුර්ණ විය යුතුයි. නමුත් මස් කෑමේදී මේ ලගටවත් නොඑයි, මස් කෑමත් එළවලු කෑමත් අතර මෙසේ බලන විට වෙනසක් නැත. නිවන් මග යන්න මුලින්ම මෙවන් පුහු සීලයන් වෘතයන් ඉවතදමා බුද්ධ දේශනාවට අනුව සීලයෙන් පිරිසිදු විය යුතුයි. (නදී)
එහෙමයි මමත් මමත් දන්නවා මට හිතෙන්නේ ඒ අයගේ දත් ශක්තිමත් මදි ද දන්නේ නැහැ මස් කෑල්ල හපන්න.(නදී)
මට නම් හිතෙන්නේ කාගේ හරි උවමනාවට මවපු කථාවක්. (ස)
දැන් ඉදිරියේදී මස් කන්න හරක් මරන්න ඕන වෙන්නේ නෑ. දැන් මුළු ලෝකෙන් හුඟක් ආහාර සඳහා කෘමී සතුන් කන්න පුරුදු වෙලා. අපිත් කෘමීන් රට පටවන්න ගමු හොඳ ආදායමක් හොයන්න පුළුවන්.(ස)
අද ලෝකේ ඔහොම දේවල්ද වෙන්නේ මෙයා. (ස)
මස් කන්නේ නැතිනම් කිසිම වර්ගයක උනත් මස් කන්නේ නැතුව ඉන්න ඕනේ, නැත්තම් මන් වගේ මම කැමති මසක් කනවා අයේ වෙන කතාවක් නැහැ. (ස)
මස් නොකන අය වගේම මත් පැන් පානය නොකරන අයට මේ වගේ කොත්තු රොටි වල අරක්කු විස්කි පොඟවලා කන්න තියන්නේ (නි)
කෙසේ වෙතත් මස් කෑමට ඇති පුරුද්ද සංසාරෙන් එන එකක්.මෙහෙම හිතන්න. ඔබව මරලා ඔබේ මස් කන එකට ඔබ කැමතිද?මස් මාංශයෙන් වෙන්වී සිටීම උතුම් පාරමිතාවකි. එවැනි අයට අපහාස නොකරන්න (නි)
මොකද්ද ඒ වැඩේ
මේ හැම ප්‍රතිචාරයක්ම හදවතට එකගව ලියනවද මන්දා. කෑමට හැමකෙනෙක්ම කැමැතියි. එහෙම දෙයක් ටිකින් ටික නවත්වන්න ඕනෑ. පරාටා සහ කුකුළු මස් දැක්කම කාගේද කටට ද කෙල උනන්නේ නැත්තේ? (නි)
මටත් කියන්න තියෙන්නේ මොහමඩ් කිවුව දේම තමයි (නි)
මම ගොඩකාලෙක ඉඳලා නිර්මාංශ මේ වගේ ප්‍රශ්න නිර්මාංශ අයට ඇති වෙන එක සාමාන්‍ය දෙයක්, මමත් වැඩ කරපු ආයතනයේ දවසක් පිරිතක් තිබුනා ඒ පිරිතට ඉන්න අයට කෑම දුන්නෙ මාලුයි අල හොදි සහ සම්බෝල, මාලු ඉතින් කොහොමත් කන්නෙ නෑනෙ. අල වලටයි සම්බෝලයටයි උම්බලකඩ දාලා කියලා මට ලේසියෙන්ම හොයාගන්න පුලුවන් වුනා. ඉතින් මමහොදි මුකුත් බෙදාගන්නෙ නැතුව ඉඳිආප්ප විතරක් බෙදාගෙන නිකං කෑවා, වතුර විදුරුවකුත් ගත්තා ලඟට, මගෙ වටේ හිටපු කට්ටිය පුදුම වෙලා බලන් හිටියා, ඒකට මට කරන්න දෙයක් නෑ. (බ)
මෙතන චේතනාවයි වැදගත්. මිතුරාගේ ක්‍රියාවේ කිසි වැරැද්දක් නැහැ." චේතනහන් භික්‍ඛ වේ කම්මං වදාමි."(ස)
මේවෙනි සිදුවීම් වලට සිනා නොවී සිටියොත් තමා හොද. තැනට අනුව කන බොන එක විහිලු නොවෙයි. (නි)
හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්... මස් නොකන හෙළයෝ හරි අමාරුයි හොයා ගන්න. (නි)
මට හරි හිනා ඔය කතාවට.. (නි)
මගේ නෝනත් ඔය දෙයමයි කරන්නේ. වෙනසකට කරන්නේ පොඩි පුතාගේ පිගානෙන් කැල්ලක් අම්මා කෑවට කමක් නැහැ නේද පුතේ කියලා උත්තර දෙන්න කලින් මස් කෑල්ලක් හොදිත් එක්ක දීලා අදින එක විතරයි.අම්මා එහෙම කෑවම පුතාට පින් ලු. මේ යාලුවටත් පින් ලැබේවි. (නි)
ඔය නිර්මාංෂයි කියලා කියන හැමෝම ඔහොම තමයි. ඔය වගේ එකෙක් අපේ ගෙවල් ළගත් ඉන්නවා. මිනිහ ගමේදි නම් උම්බලකඩ කෑල්ලක්වත් කටේ තියන්නේ නැහැ. ඒ වුනාට කොහෙහරි ගියාම ඌරු මස් කුට්ටි පිටින් තමා ගිලින්නේ. වෙනත් ප්‍රදේශයක ඉන්නවා උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැති එකෙක්. හැබැයි එයාට ගෑනු 4 යි .සුදු අන්තුවෙක් (නි)
උමබල කඩවත් කන් නැති නිර්මාංසකයෝ. හොඳට පදමට ගහනවා.(නදී)
කෑලි නොකා හොදි කන අය අත උස්සන්න කියලා පන්සලක හාමුදුරු කෙනෙකුත් බණකදී ඇහුවා (නි)
තමන්ට පුලුවන් ප්‍රමානෙන් මේ මනුස්සයා සත්ව හින්සනය වලක්වන්න උත්සාහ කරනවා. ඒ වගේ දෙයක් කිරීමෙන් කාටවත් හිරිහැරයක් නැහැ. ඒත් තමන් තුල තියෙන වරදකාරී හැගීම වහගන්න ගොඩක් දෙනෙක් මේ වගේ අහිංසකයන්ට බනිනවා.(නද
මම අහල තීන්නේ හුදෙක් කුසගින්න නිවාගැනීමට පමණක් ඕනෑම දෙයක් කෑවට පවක් නැහැ කියලා. පෙරේත කමට කන එක හොඳ නැහැ. කොහොම උනත් බිත්තර කෑම නිර්මාංශ කෙනෙකුට හොඳද නරකද පවක් වෙනවද කියල මම දැනගන්න කැමතියි.(නදී)
තම තමන්ගේ කැමැත්ත. සමහරු කිරි බොන් නෑ ප්ලේන්ටි බොනවා. පරාට නිකන් කන්න බෑනේ. චිකන් හොදි නැත්නම් කබර හොදි එක්ක හරි කන්න එපැයි.(නදී)
මේක පෙරේත කමට ගිලපු කතාවක් නෙවී නේ. මේ නිර්මාංශ අයට විහිලු කරන්න බලාගෙන එන්න අධමයන්ට මාර සතුටුයි. පේන්නේ නැද්ද අර අන්‍යාගමික අය දාන ප්‍රතිචාර.(නදී)
මස් මාළු නොකන එක හොඳයි නමුත් මෙවැනි දේවල් වලට විහිලු කරන එක හොඳ නැ. කාටවත් කියන්න බෑ ඔය මස් කන්නේ නැ. ඒ නිසා පරාට විතරක් කන්න. සංජීව ගේ අදහස හරි. (ස)
මස් නොකා මස් ලෙව කන්නට තහනමක් තිබේද? ඔව් කියලනම් කියන්න එපා. (ස)
නිර්මාංශ මිතුරාට බනින්න එපා. ඔහු තමන් පිළිපදින දහමට අනුව අනුමත දේ කිරීමටත් තහනම් දෑ නොකිරීමටත් උත්සහ දරන සැබෑ භක්තිකයෙකි. තවද ඔහු නිවැරදි මගෙහි ගමන් කරන්නෙකුද විය හැකිය. (ස)
හැකි හැම විටම නිර්මාංශ වන්න. බැරිම තැනකදී විකල්ප ක්‍රියාමාර්ග ගන්න වෙනවා. (ස)
සමහර අය ඉන්නවා කුකුල් මස් කන්නෙ නැහැ, බිත්තර විතරක් කනවා (නි)
මගෙත් යාලුවෙක් ඉන්නවා ඔහු හරක් මස් කන්නෙම නැ. එත් එළු මස් එළු බොකු හැම දෙයක්ම කනවා. කවුද රවට්ටන්නේ ?(ස)
සමහරු ඉන්නවා ගෙදරට මස් ගේන්නේ නැහැ.හැබැයි පිට ගියාම කනවා.ආපෝ අපි නම් හරක් මස් ගෙදර හරියට ගේන්නේ නැහැ කියලා පිට ගෙවල් වලින් කනවා.මගේ යාලුවෙක් ගෙදරට අමු ඌරුමස් ගේන්නේ නැහැ.හැබැයි කවුරු හරි උයලා ගෙනත් දුන්නොත් කනවා. (නි)
මස් කෑවම ඇලජික් අයට හොදි කෑවට ඇලජික් වෙන්නෙ නැහැ. ඇත්ත ඒකයි (නි)
ඒ මනුස්සයාට හොදි කන්න වුණා කියලා සතුටු වෙන අය තමයි වැඩියෙන් ඉන්නේ. ඒ ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඔය අදහස් දක්වන හැමෝමත් හැම ජාතියම කන්නේ නැහැනේ. අකමැති දේවල් තියනවානේ. ඒත් කන්න මුකුත්ම නැති වුණහම බඩගින්න දරා ගන්නත් බැරි නම් තියන ඕනෑ දෙයක් කනවානේ. ඉතින් ඇයි මේ මනුස්සයට විතරක් හිනා වෙන්නේ? හැම දේම ආගම්වාදිව බලන්නේ ඇයි මේ මිනිස්සු. කාට කොතනද වරදින්නේ කියලා බලන් ඉන්නේ. එහෙම මිනිස්සු තමන්ට වරදිනකල් දන්නෙම නැහැ. (නි)
බුද්ධාගමේ කිසිම දෙයක් තහනම් කරලා නැහැ. කියලා තියෙන්නේ මේ දේවල් නරකයි ඒවා කලොත් පව් සිදුවෙනවා, ඒවා විඳවන්න වෙනවා කියලා විතරයි. කැමති තරමක් පව් පින් කරගන්න ඕනෑ කෙනෙකුට නිදහස තියෙනවා. ඒ කෙනා තමන්ට පුලුවන් පමනින් පව් සිදුවෙන එක අවම කරගෙන තියෙනවා. ඔය කෑ ගහන්නේ මේ ටිකවත් තේරෙන්නෙ නැතුවයි. (නි)
මෙතන තියෙන්නෙ මානසික ව්‍යාකූලතාවය, තමන් කරන වැරදි, අසම්මත හෝ නරක පුරැදු වලට අවනත නොවන අනෙකුත් අය හෙලා දැකීම, අපහසුවට පත් කිරීම හා ඔවුන් තමන්ගේ ගොඩට ඇදගැනීමට ඇති කැමැත්ත. මගේ අදහස නම් අපි බුදු දහම අදහන අය වශයෙන් හැකි හැම විටකදීම නිර්මාංශ විය යුතුයි.(නදී)
ඉන්ධු මට කියන්න ඕනෑ දේ ඔයා කිවුවා. (නි)
බුදු හාමුදුරුවෝ කොහෙදිද කිව්වේ මස් කන්න කියලා. ඒක අපි හදාගත්ත නීතීයක්. එක අතකින් ඉන්දු කියන කතාව හරි.ඇමතිලා කරන දේවල් දැක්කහම. (නි)
හොදි විතරක් කන මෙයත් හරියට කකුලේ එල්ලෙන්න හදන කුඩල්ලෙක්ද.? අද ලංකාවේ සමහර අය මස් කුට්ටි කුට්ටි කනවා එපමණක් නොව 20x20 මැච් එකක් නිමා වෙන්න පෙර මුළු රටම උනත් කන්න පුළුවන් දක්ෂ අය ලංකාවේ ඉන්නවා. කෙසේ නමුත් අනාගත දරු පරපුරට මුහුණදීමට සිදුවෙන ආර්ථික දුස්කරතා වලදී හොදි පමණක් කෑමේ පූර්වර්දර්ෂය ඉතා කාලෝචිත බව සටහන්කර තබමි.(නදී)
යොහාන්, මස් කෑම සහ මත්පැන් බීම අතර සම්බන්ධයක් නැහැ. ඒ නිසා මස් නොකන කෙනෙක් මත්පැන් බීමේ වරදකුත් නැහැ (නි)
අනේ නදී එක දෙකින් හරි වැළකෙන එක හොද නැද්ද ? (ස)
බඩගින්නටනේ කන්න ඇත්තේ. අපි සේරම කරන්නේ බඩගිනි නිවා ගන්නනේ නේද ? (නි)
ලංකාවේ ඉන්න අයට පුදුම හීන මානයක් තියෙන්නේ. ලෝකේ දිහාට ඇස් ඇරලා බලන්න, මොන තරම් නිර්මාංශ අය ඉන්නවද කියා. අද කවුරුත් කියන්නේ නිර්මාංශ වීම හොඳ බවයි. ලංකාවේ අපටයි මේ හෙනය ගහලා තියෙන්නේ. ලෝකේ අද ඕනෑම ආපන ශාලාවක නිර්මාංශ ආහාර තියෙනවා. නිර්මාංශ වෙන්නත් ලොකු පිනක් කරලා තියෙන්න ඕනෑ. ඒකට උඩු බුරන අය දන්නවද එහි ඇති අගය? (නි)
හේමන්ත, ඔබ හරියට හරි. මේකේ දැක්වෙන අදහස් වල තියෙන්නේ නිහින තුච්ච අදහස්. සිංහල අපිට හරිම ලැජ්ජයි මේ වගේ අය ගැන. (නි)