නිවෙසක් කොල්ලකෑමට රාත්‍රි නිරුවතින් පැමිණි පුද්ගලයකු වටිනා භාණ්ඩ සොරාගෙන පසුව ගෙහිමියාගේ සරමක් හා බැනියමක් ඇඳගෙන පලාගිය සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
නිවෙස් හිමියා පවුලේ අය සමඟ දින කිහිපයක් නිවෙසින් බැහැරව සිට ඇත. ගමන යාමට පෙර සිසීටීවී කැමරාව ක්‍රියාත්මක කර ගිය නිසා හොරා ගෙවත්තට ඇතුළුවූ ආකාරය පැහැදිළිව දක්නට තිබී ඇත. එහි දර්ශන පරීක්ෂා කිරීමේදී හොරා ගෙවත්තට ඇතුළුවී ඇත්තේ නිරුවතින් බව හෙළිවී ඇත. ගෙදර වටිනා භාණ්ඩ කීපයක් සොරාගත් හොරා පසුව නිවෙස් හිමියන්ගේ වැලක තිබූ සරමක් හා බැනියමක් ඇඳගෙන පිටව ගොස් තිබේ. පසුව නිවෙස් හිමියා මේ ගැන ප්‍රදේශයේ පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත.
(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා හිතන්න ඇති රෑට මොන ඇඳුම්ද කියලා. එ්ත් යන ගමන් මොකටද නිකන් යන්නේ කියලා සරම දැකල, ඒක අරන් යන්න කරදර නිසා ඇඳගෙන යන්න ඇති. අහලා තියනවනේ "හොරාට ගණදෙවි නුවණ තියනවා" කියලා. (නි)
නිරුවතින් පැමිණියත් හොර යකා ග්‍රීස් යකාට වඩා හොඳයි . (අ)
ඇඳ ඇඳ ඉන්න ගියාම පරක්කු වෙන නිසා මිනිහා හෙළුවෙන්ම යන්න ඇති එයාගේ රාජකාරියත් කරගෙන එහෙන් ඇඳුමකුත් අරන් එන්න. වැඩ දෙකම හරියටම කෙරුණාද ?තමන්ගේ නිරුවත් ඡායාරුප ගැනීමට එරෙහිව ඔහු ගෙහිමියාට විරුද්දව නඩු දමාවි. (අ)
හුග කාලෙකින් ග්‍රීස් යකෙක් දැක්කේ නැහැ ..? මාත් මේ මොකද්ද රහස කියල පසුගිය දිනකත් කල්පනා කළා..? (අ)
මගේ අම්මෝ රුපෝ ඔයත් කියන කතා තමයි කතා ! (අ)
චන්ඩි ..අක්ක මේක බලනවානම් ..මොනවා හරි කියන්නකෝ ..මේ පිට බැද්දර අයියට ..?නැතිනම් මාත් ග්‍රීස් යකෙක් කියල හිතාවි ..? චන්ද්‍රා වීරසිංහ කියල ලියා තියෙන නිසා . අපේ චන්දි අක්කට පිට බැද්දර ජයා අයිය හිතාගෙන ඉන්නේ තාරකා විද්‍යාඥයෙක් කියලයි .... ?මේ ළගදී පිට බැද්දර අයියගේ කෙමෙන්ට් එකක් අහම්බෙන් කියවුනා ..අනේ අප්පේ මම හිනා වුන තරමක් (බ)
අපි පැත්තක ඉඳලා මොනවා කිව්වත් රුපවති අක්කගෙයි පිටබැද්දර ජොනියගෙයි මොකක් හරි සම්බන්දයක් තියෙනවා. (අ)
චන්දි අක්කේ, අදහසක් ලියමුද ආයෙත්?
අනේ හැබෑට අද කාලේ මිනිස්සු! (නි)
අරුන් ,මේවා සංසාරගත බැදීම්, කවදාවත් මම රුපොවතිව දැකලවත් රුපොවති මාව දැකලවත් නැහැ , හැබැයි මොකක්දෝ සමීප බවක් දැනෙනවා එපමණයි (අ)
චන්දි, ඇත්තටම කෝ ඔයා. රසවත් අදහස් දාන්නකෝ චන්දි අක්කේ.
ඔබ විසින්ම මනස දූෂණය ට ලක් කොට ගෙන ,අන් අයවද ඒ මනසකින් නිර්මාණය කිරීමේ අවස්ථා හේතු කොට ගෙන මිනිස් සමාජයම ගොදුරක් කර ගත්තු වාර ඔබට මතක නම් තවත් මිනිසෙකු වෙසින් ඒ මනස ඝාතනයට ඉඩ හැර අනාගතය අඳුරු කරන ඔබ මුලු මිනිස් සමාජයෙන්ම සමු ගන්නේ නම් පවක් නැත.ඔබ නැවත ආත්මයක හෝ ආත්මවල හෝ මිනිසත් බව ලබන්න සුදුස්සෙක් නොවෙන්නටද ප්‍රාර්තනා කරන්නද පවක් නැත.එසේ කිරීම ඔබ අවංක දූෂිත මනසකින් පිරි අයෙක් නම් නොමිනිස්කම,අයහපත අඳුරෙන් එළියට ඇද දැමූ මනසක් යන්න මනු සිත් භිය සැකයෙන් තොර රාත්‍රිය පරිසරය විසින් වෙලාගෙන සුව නින්දකට බලාපොරොත්තු තබයි.(අ)