(උණවටුන – ඩී.ජී. සුගතපාල)
ඔවුහු දෙදෙනා අගනුවර එකම ආයතනයක සේවය කළ කළණ මිතුරෝ වූහ. එක් අයෙක් දකුණු පළාතේ මුහුදු බඩ නගරයක පදිංචිකරුවකු වූ අතර අනෙකා කන්ද උඩරට පදිංචිකරුවෙකි. රාජකාරි නිමවීමෙන් පසු බොහෝවිට සවස් කාලයේ දෙදෙනා අවන්හලකට වී පවුලේ තොරතුරු කතාබස් කරමින් සිටියහ.
‘දරුවනුත් එක්ක මේ සැරේ එන්න’ කන්ද උඩරට මිතුරා දකුණේ මිතුරාට ආරාධනා කළේය. දකුණේ මිතුරාද ආරධනාව සතුටින් බාර ගත්තේය.
ඊළඟ සතියේ නිවාඩුවට පැමිණි ඔහු බිරියට ද මේ බව පවසා නුවර යාමට දුම්රිය නිදහස් ගමන් බලපත්‍ර සකසා ගත්තේය. ඔහු බිරිය සහ දරුවන් දෙදෙනාද සමග නුවර දුම්රිය පොළෙන් බසින විට ඔවුන් කැඳවාගෙන යාමට මිතුරා පැමිණ සිටියේය. නගරයේ සිට සෑහෙන දුරකින් පිහිටි නිවෙසට යනවිට රාත්‍රි හත ද පසුවී තිබිණි.
ගමන් වෙහෙස නිවාගෙන රාත්‍රි ආහාර ගත් පවුල් දෙකේ අය නින්දට ගියේ පසුදින සැලසුම් ගැනද සාකච්ඡා කිරීමෙන් පසුවය. ඒ අනුව දින දෙකක් කන්ද උඩරට බොහෝ ස්ථාන නැරඹු දකුණේ මිතුරා සහ පවුලේ අය නුවරින් දුම්රියට ගොඩවූයේ කන්ද උඩරට මිතුරා සහ දරුවන්ද ඔවුන්ගේ නිවෙසට එන බවට පොරොන්දුවක් කරවා ගැනීමෙන් පසුවය.
පොරොන්දුව අනුව මාස දෙකකට පසු කන්ද උඩරට මිතුරා සහ පවුලේ අය ගාල්ල දුම්රිය පොළෙන් බසිනා විටම ඔවුන් කැටුව යාමට සුඛෝපභෝගි මෝටර් රථයක් දුම්රිය පොළ ඉදිරිපිට විය. මිතුරාගේ නිවෙස ඔවුන්ගේ නිවෙසට වඩා සුඛෝපභෝගි වූ අතර කන්ද උඩරට මිතුරා එය දැක තරමක් විශ්මයට පත්විය. එදින දිවා ආහාරගත් පිරිස බොහෝ ස්ථානවල ඇවිද සවස් කාලයේ මුහුදු වෙරළට ගියහ.
නිවෙසට පැමිණීමෙන් පසුව මිතුරන් දෙදෙනා ඉහළම වර්ගයේ මත්පැන් බෝතලයක මූඩිය විවෘත කළහ. දෙදෙනාටම පදමට වෙරිය. කන්ද උඩරට මිතුරාට ඇඟ සෝදා ගැනීමට අවශ්‍යවිය. ඔහු කාමරයට ගොස් යාබද නාන කාමරයට වැදුණේය. කොතරම් ඇඟ සේදුවත් වෙරි හිඳුණේ නැත. නාන කාමරයේ තුවායක්ද නොවිණි. මේ නිසා ඔහු කාමරයට ආවේ ඇඟ පිසදා ගැනීමටය.
ඇඳ ළඟ බිම වැටී තිබූ තුවායක් අතට ගත් ඔහු එය ගසා දමා ඇඟ පිහිදා ගත්තේය. ඉඳහිට වැලි කැට වැනි දෙයකින් ඇඟ සීරෙන බවක් දැනුනත් ඔහු එය ගණන් නොගත්තේ පදමට රත්වී සිටි නිසාය. ඔහු ඇඟ පිසදාමින් සිටින විට මිතුරා කාමරයට ආවේය.
මිතුරා ඇඟ පිසදමන දෙය දුටු ඔහු වහා එය උදුරා ගත්තේය. “මේ කකුල් පිහිදාන්න බිමට දාල තියෙන එකක්. පලයන් පලයන් හෝද ගනින් මම තුවාය අරගෙන එන්නම්’’ මිතුරාගේ ඉල්ලීමට ඔහු යළිත් නාන කාමරයට ගියේය.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නාලා ඉවරවෙලා අමුතු බඩුවකින් ඇඟ පිහදාලා