රාජ්‍ය ආයතනයක සේවය කරන උසස් නිලධාරියකුගේ විවේක කාමරයේ ඇඳක් මත සේදූ කාන්තා යට ඇඳුම් තොගයක් වනා ඒවා වියළීම සඳහා එහි විදුලි පංකාව ද ක‍්‍රියාත්මක කර තිබූ බව කියවෙන පුවතක් වියලූව ප‍්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය සියැසින් දුටු එම ආයතනයේම පිරිසක් පැවසූ අන්දමට කතාව මෙසේය. එය වියලූවේ අර්ධ නාගරික ප‍්‍රදේශයක පිහිටි රාජ්‍ය ආයතනයකි. එහි සේවය කරන උසස් නිලධාරීන්ගේ පරිහරණය සඳහා යාබද නාන කාමරයක් සහිත විවේක කාමරයක් ද වෙන් කර තිබිණි. නිලධාරීන් සේවයට වාර්තා නොකරන අවස්ථාවේදීත් ඉන් පිටවන අවස්ථාවේදීත් බොහෝ විට එය අඟුළු දමා තිබිණි. පසුගිය දිනෙක එම ආයතනයේ තවත් උසස් නිලධාරියකුට එහි සේවක මහතකු ද සමග විවේක කාමරයේ දොරඟුළු විවෘත කර ඊට ඇතුළු වූයේ කිසියම් අවශ්‍යතාවක් සඳහාය. ඔහුට දැක ගන්නට ලැබුණේ අපූරු දර්ශනයකි. කාමරයේ ඇඳ පුරාවට විවිධ වර්ණයෙන් යුත් කාන්තා යට ඇඳුම් තොගයක් වනා තිබිණි. එහි විදුලි පංකාව ද වේගයෙන් ක‍්‍රියාත්මක කර තිබිණි. එම මොහොතේම එහි පැමිණි ආයතනයේ ආරක්ෂක නිලධාරියා තව දුරටත් පරීක්ෂා කිරීමේදී දැනගන්නට ලැබුණේ ඒවා කලින් දිනයේ යාබද නාන කාමරයේදී සෝදා තිබූ බවකි. රෙදි වේලීම සඳහා විදුලි පංකාව ක‍්‍රියාත්මක කර තිබූ බව ද දැක ගන්නට ලැබිණි. කෙසේ වෙතත් පිරිස පිටව ගොස් තවත් හෝරා කීපයකින් යළි පරීක්ෂා කිරීමේදී එම පිරිසට දැක ගන්නට ලැබී ඇත්තේ එම යට ඇඳුම් තොගය අතුරුදන්ව තිබූ බවකි. කවුරුන් කොයි මොහොතේ රැුගෙන ගියාදැයි තවමත් රහසකි. සිද්ධිය ආයතන ප‍්‍රධානියා ඇතුළු ආයතනයේ සියලූම සේවකයෝ දැන් දනිති. එහෙත් කළේ කවුදැයි තවමත් රහසකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ..(නු)
මගේ එක්කෙනාගෙ බෝඩිම් කාමරේ මේ ගණනටම කලිසම් තිබිලා මට හමු වුණා. (නි)
මෙයින් අපට පෙනීයන්නේ කුමක්ද? (නි)
වියලූවේ අර්ධ නාගරික ප‍්‍රදේශයක පිහිටි රාජ්‍ය ආයතනයකි. එහි සේවය කරන උසස් නිලධාරීන්ගේ පරිහරණය සඳහා යාබද නාන කාමරයක් සහිත විවේක කාමරයක්/ ඇඳක්....වියලූවේ මෙහම රාජ්‍ය ආයතනයක් ???? (නි)
මේකත් හරියට කපුටෝ හත් දෙනෙක් වමනේ දාපු කතාව වගේ එකක්. එක යට ඇඳුමයි තියෙන්න ඇත්තේ. අන්තිමට එක තොගයක් වෙලා. (නි)
ඇයි? යට ඇදුම් හොදින් වේළෙන්න දමන්න තහනම්ද? (නි)
වජිර, මේක මහජනතාව දැන ගත්තාම ජනතාව දැනගන්නවා රජයේ උසස් කියා ගන්න නිලධාරින් මහජන මුදල් භාවිතා කරමින් ගැහැණුන්ගේ යට ඇදුම් හොදනවා කියලා.!(නු)
හොද ළමයා..!(නු)
සමහර මිනිස්සු එහෙම කරනවලු.. (ස)
ගැහැණුන්ට යට ඇදුම් ඇදීම තහනම් කරමු. (නි)
මේක මානසික රෝගියෙක්ගේ වැඩක්... (නි)
මේවා කාර්යාල වල සාමාන්‍ය දේවල්නෙ හලෝ. (නි)
ඔයාලා නියන්නේ යටට අදින ඒවා හෝදන්නෙ නැතිව අදින්න කියලාද?(නු)
ඔය ආයතනයේ ඉන්නෙ මානසික රෝගීන්ද?(නු)
චන්ද්‍රසිරි හැදිල්ල කෙසේ වෙතත් ඉදින් නැති ඉදිවි. (අ)
වැඩක් නැහැනේ අපිට. (නි)
වහපු කාමරයෙන් ප්‍රයෝජනයක් රැගෙන ඇති බෙව පෙනෙනවා. (නි)
මේවා පිරිමි යට ඇදුම් වුණා නම් මෙහෙම පත්තරේ වැටෙයිද? (නි)
මම නම් කියන්නේ ඕවා ඔය කාර්යාලයේ සේවිකාවකගේම ඇදුම් වෙන්න ඇති. එයාට ඒවා ගෙදර ගිහිල්ලා හොයහොයා ඉන්න බැරි නිසා කාර්යාලයේම තියලා යනවා ඇති. (නි)
මානසික රෝගයක් වෙන්න ඇති (ස)
වෙන මුකුත්ම නැතිවෙලා නැද්ද? (නි)
යට ඇදුම් නේ ......(ස)
මේ තරම් පහත වැඩක් කරන්නේ කවුද
පිස්සු වැඩ..!(නු)
හොඳ කතාවක් (ස)
මේක මහජනතාව දැනගැනීමෙන් ඇති ඵලය කුමක්ද ? (ස)
අපරාදේ, ඇද යට එහෙමත් ටිකක් විපරම් කරලා බලන්න තිබුණා. (නි)
ෂුවර් එකටම ඔය කන්තෝරුවේ ග්‍රීස් යකෙක් ඇති (නි)
ඔය කරන වැඩවලින්, අදාල කාන්තාව මින්පස්සේ යට ඇදුම් සෝදන්නේ නැතිවෙයි. (නි)
ආරක්ෂක නිලධාරියා ගන්නේ පිං පඩිද? (නි)
භාරව ඉන්න සිකුරිටිගේ වැඩක් වෙන්න ඇති. (නි)
විදුලිය නාස්ති කිරීමක්. (නි)
කන බොන මිනිස්සුනේ මේවායෙත් ඉන්නේ. ගණන් ගන්න එපා (නි)
සීතලේ අදින්න බැහැනේ.. ඒකනේ වේලන්න ඇත්තෙ..!(නු)
අපිට මොකෝ? (නි)
ඉතුරු ටික හිතාගන්න පුලුවන්. (නි)
පරීක්ෂණයක් තියන්න ඕනේ
හරි හරි ඇදුම් විතරනේ.. කවුරුත් හිටියෙ නැහැ.. (නු)
කාන්ත යට ඇඳුම් තොගයක්. මේක විස්වාස කරන්න බැහැ. කවුරු හරි සේවකයෙක් හැමදාම ඇඳුම් හෝදන්නේ මෙහෙ වෙන්න පුළුවන්. ඒ වුනාට යට ඇඳුම් පමණක් ආවේ කොහොමද.ඒ දාපු කෙනාගේ ගෙදර අඳින්නේ යට ඇඳුම් පමණද.
ලැජ්ජයි කියන්නත්
මානසික අසහනකාරයෙක් වගෙයි නේද? (නි)
කොහොමද එහෙම උනේ
ගෑණු කවදාද යට ඇදුම් එකට තියන්නේ? ගෑණු හරිම ගුප්තයිනේ. (නි)