දකුණු පළාතේ උප නගරයක් ආසන්න කඩ මණ්ඩියක් අසල සිටි වඳුරෙකි. මේ වඳුරා දිගු කලක් කඩවලින් ලද විවිධ ආහාර මත පෝෂණය වූ හීලෑ එකෙකි. ඊයේ (31) කඩය අසල සිටින වඳුරා දුටු කඩහිමියකු ඌට රටකජු අහුරක් දීමට ගියේ එය දැමීමට කඩදාසියක්ද රැගෙනය.
එදිනම උදේ ඔහුට ලැබුණු අලූත් කැලැන්ඩරයක ආවරණ පිටුව ඉරාගෙන මේ ආකාරයට ගිය ඔහු එන් ගොටුවක් ගසා රටකජු ඒ තුළ දමා ඉදිරිපස බංකුව මත තැබීය.
ඌ එතැනට එත්ම බල්ලකු බුරාගෙන ආවෙන් ඌ අතට අසුවූ රටකජු ගොට්ට රැුගෙන ගසකට නැග්ගත් රට කජු බිම වැටී කඩදාසිය පමණක් අතෙහි ඉතිරි විය. වඳුරා කඩදාසිය දිග හැර ගත් විට එහි වූ ”සුබ නව වසරක් වේවා - 2016” යන්න එහි මනාව ප‍්‍රදර්ශනය වූයෙන් කඩ හිමියාට මහත් සතුටක් දැනිණ.
වඳුරාගේ අවුරුදු සුබ පැතුම බැලීමට ඔහු වට පිටාවේ සිටි අයට ආරාධනා කළෙන් විශාල පිරිසක් එක්වූවත් ගසින් ගසට පැන එය ප‍්‍රදර්ශනය කළ වඳුරා සවස් වනතුරුම එය අතඇරයේ නම් නැතිලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසන් සතෙකුට ආහාරයක් දී එයින් සතුටක් ලබන මනුෂ්‍යයෙකුට නව වසර පමණක් නොවෙයි, සෑම දිනක්ම සුබ වෙනවා (නි)
වඳුරා වුණත් ඌ දකුණේ පොරක්!! (නි)
අධ්‍යාපනය ලබපු වඳුරෙක්.(හේ)
මෙහි සැගවුන ලොකු යටි අරුතක් නම් කියවෙනවා. අබය ඒ ගැන කියා ඇති පාටයි. (ර)
2016 ලැබූ නව වසර ලංකාදීප කතෘතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත්., එසැන දුටු නුදුටු සියලුම සොයුරු සොයුරියන්ටත්., ලංකාවාසී සැමටත් සිතට සතුට ගතට සුවය ගෙන දෙන ඉතාමත් පිරිපුන් වසරක් වේවා කියා හද පත්ලෙන් ප්‍රාර්ථනා කරමින් සෑම් සොයුරාගේ අදහසට එකග වෙමි. (ර)
හරි බුද්ධිමත් වදුරෙක්. (ර)
අබය මහතාණෙනි, වඳුරෝ අතරෙත් බෙදීම් ඇතිකරන්න එපා
හොද වෙලාවට කැලැන්ඩර කොලයක දුන්නේ. තොප්පියක දාලා දුන්නා නම් තමයි වැඩේ (නි)
සතා උනත් පිරිමි නැද්ද හා ? පිරිමිනම් ඉතින් මොලේ තමයි ! (බ)
හරි බුද්ධිමත් වදුරෙක් (ම)