රජයේ කාර්යාලයකි.
දිනය නිවාඩු දිනයකි.
අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු කිහිපයක් සඳහා නෝනා මහත්වරු කිහිප දෙනෙක් එදිනද රාජකාරියට වාර්තා කළහ.
ඒ අතරේ එක් නෝනා කෙනකු පැමිණියේ ප්‍රමාද වෙලාය.
“මොකද මිස් අද පමාවුණේ.” යෙහෙළියෝ විමසූහ.
“අනේ අද අපට උපාසක දානේ... ඉතින් පිටි කිලෝ පහක ඉඳිආප්ප හදල අල හොදි හදල පන්සලට යැව්වා. ටිකක් පරක්කු වුණේ ඒකයි.”
“අයියෝ ඔයා අද පන්සලට උපාසක දානෙ හැදුවද? අද පෝය නිවාඩු නොවෙයිනෙ. හජ්ජි උත්සවේටනෙ නිවාඩු. ඉතින් ඔයාලගෙ ගමේ උපාසක ඇත්තො හජ්ජිවලටත් සිල් ගත්තද?”
පමාවූ නෝනා උත්තරය වැරදී ලෙස්සා ගියේ මුහුණ බෙරිකරගෙනය.
(දූනගහ - බටේපොල විජයසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාසක උපාසිකාවන්ට පන්සල් යන්නේ පෝය දිනයටම නොවන අතර ඔවුන්ට උදෑසන ආහාරය යැවීමද ඕනෑම දිනයක කළහැකි බව නොදන්නා සේවක පිරිසක් සිටින කන්තෝරුවක්
කාන්තාවක් වුණාම එහෙම ලේසියෙන් කියන්නෙ නැහැ අහුවෙන්න බොරුවක්. පෝය ගැන වැඩිය හිතන්න නැතුව ඇති (නි)
අහෝ රාධා, උපාසක දානයක් කියන්නේ සිල්ගන්න අයට දෙන දානයක්නේ. ඔයා ලංකාවේ මොන පළාතේද? (නි)
ස්තුතියි දෙවියෝ සාක්කි......!
අයියෝ මහේෂ්, රාධාට වැරදුනා කියලා ඒ පළාතේ ඔක්කොටම වරදිනවද? (නි)
බොරුවක් කියද්දී හිතලා බලලා කියන්න ඕනෑ කියන්නේ ඒකයි (නි)
අබය, ඔයාට ලංකාවේ ජනප්‍රවාද, ජන ගී ගැන කිසිම දැනුමක් නැතුවා වගෙයි. මම කියපු දේ අබයට හරි හැටි වැටහිලා නැහැ. ලංකාවේ පළාත් අනුව ඒ ඒ අය භාවිතා කරන වචන වෙනස්. (නි)
මාර වැඩේ තමයි.(හේ)
මේවා නොඅසා පන පලයන් පෙරේදා කිව්වලු!
ඇයි හජ්ජි උත්සවය දාට පෝය දිනක් එන්න බැරිද?
දානය යනු බෞද්ධ ලේබලය අලවා ගත් අයට පමණක් දිය යුතු දෙයක් නොවේ... එය තිරිසනෙකුට වුවත් පොදුය...(බ)
ලැජ්ජාවේ බෑ.(හේ)